චීන ජනාධිපති ෂී ජින්ග්පින් 2013 වසරේ බලයට පත් වීමෙන් පසු ආර්ථික කටයුතු සම්බන්ධ ප‍්‍රබලම අභියෝගයට මුහුණ දෙන කාල පරිච්ජේදය එළැඹී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි. කලින් කිසිදා නොවූ අන්දමකින් ජනාධිපතිවරයාගේ නායකත්ව ගුණාංග පරීක්ෂා කරන්නට මෙම කාලය හේතු වනු ඇතැයි ද එකී වාර්තා දක්වයි. කෙසේ නමුත් චීන ජනාධිපතිවරයා එරට ආර්ථික යේ වගකීම් අගමැති ලී ක්වන්ග්යාන් වෙත පවරා ඇත. චීන අගමැතිවරයා ආර්ථිකය සම්බන්ධයෙන් ක‍්‍රියා කළ යුතු අන්දම මෑතක දී සෘජුව ප‍්‍රකාශ කළේය. චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරී හමුවක දී කරන ලද එය එක්තරා අන්දමක නිර්භීත ප‍්‍රකාශයක් බව ජගත් විචාරකයෝ දක්වති. ජනතාව කෙරෙහි නැඹුරු වී සිටි ව්‍යුහයක සිට වෙළඳ පොල ආර්ථිකයක් දක්වා චීන ආර්ථික ප‍්‍රතිපත්ති වෙනස් කිරීම ඉදිරියේ මෙම ස්වභාවය ප‍්‍රායෝගික එකක් සේ සැලකෙයි.
චීන ආර්ථිකය පවතින තත්ත්වයෙන් ඉහළට ඔසවා තබන්නට නම් ආර්ථික ප‍්‍රතිසංස්කරණයකට යා යුතු බව චීන අගමැතිවරයා ප‍්‍රකාශ කරන අතර ප‍්‍රතිසංස්කරණය යනු කුමක්දැයි හෙතෙම චීන ප‍්‍රජාවට තේරුම් කර දී ඇත. කෙටියෙන් දක්වනවා නම් ‘‘එය තමන් තමන්ටම කර ගන්නා ශල්‍යකර්මයකි’’. ශරීරයේ ඇතිවන වෙනස් කම්වල දී ඒවා ව්‍යාධි සේ හදුනා ගැනේ. අවයව අකර්මන්‍ය වූ විට සහ ඖෂධ වලින් එයට ප‍්‍රතිකාර නැති අවස්ථාවක වෛද්‍යවරු ශල්‍යකර්මයකින් ආසාදනයට ලක්වූ කොටස වෙන් කරන්නට තීරණය කරයි. ශරීරාංගයක් ඉවත් කිරීම බරපතල තීරණයකි. වෛද්‍යවරයෙකුගේ එම තීරණය මිනිස් හිතකට දරා ගැනීම පහසු නැත. ශල්‍යකර්මයකට නියම කිරීමෙන් පසු කාල සටහන වෙනස් එකකි. රෝගියා ඒ වෙනුවෙන් සූදානම් කර තියුණු සැතකින් ආසාදිත අවයවය කපා වෙන්කර නැවත ප‍්‍රකෘති තත්ත්වයට පත් කළ යුතුය. එය දරුණු වේදනාවක් දැනෙන කාර්යයකි. රෝගියාට පමණක් නොව පවුලේ සාමාජිකයන්ට හා අසල්වැසියන්ට ද කිසියම් හැගීමක් ඇතිවෙයි. සැත්කම සාර්ථක වුවහොත් රෝගියාගේ ජීවිතය ආරක්ෂා වෙයි. නව පරිවර්තනයක් එයින් අපේක්ෂා කළ හැකිය. චීන අගමැතිවරයා කියන්නේ මෙවැනි සැත්කමක් තමන්ම කරගත යුතු බවය. ආසාදනය හෝ ආබාධය හදුනාගෙන තමන්ගේ සිරුරට ස්වෝත්සාහයෙන් සැත්කමක් කර ගැනීම පහසු නැත. චීනයේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ තමන් තමන්ගේම ශරීරයට කරගන්නා සැත්කමක් යනුවෙන් සඳහන් කරන විට ඒ වෙනුවෙන් තිබිය යුතු ධෛර්යය කොපමණ ද යන්න වටහා ගත හැකිය.
චීන ජනාධිපතිවරයා ද ආර්ථික ප‍්‍රතිසංස්කරණය තුළ තිබිය යුතු විනය දැක්වීය. එය ඉහල සිට පහලට සියළු දෙනාගේ කැපවීම දැක්වීම අවශ්‍ය බව හෙතෙම නියම කළේය. ආර්ථික ප‍්‍රගතියක පැවැති කාලයේ දී දේශපාලනඥයන් හා රජයේ ඉහළ නිලධාරීන්ගේ ජීවන පැවැත්ම සාරවත් එකක් විය. සුපිරි භොජුන් හල් වල ආහාරපාන වතාවත් සෑහෙන සංවිධානය විය. ආණ්ඩුවේ නිලධාරීන්ට හා කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් හට සංග‍්‍රහ කිරීමට අලූතෙන් හැදෙන පුද්ගලික අංශය යුහුසුළු විය. ඒ වෙනුවෙන් ඉතාම වටිනාකමකින් යුතු මත්පැන් බෝතල චීනය වෙනුවෙන් පමණක් නිෂ්පාදනය කරන්නට ප‍්‍රකට සමාගම් පියවර ගෙන තිබුණ අතර නිලධාරීන්ට තෑගි බෝග දීම වෙනුවෙන් විශේෂයෙන් සකස්කරන ලද වටිනා දේවල් වෙනුවෙන් වෙනම ආර්ථිකයක් බෙයිජිං හරහා නිර්මාණයවී තිබුණි. චීන ජනාධිපතිවරයා ආර්ථිකය ප‍්‍රතිසංස්කරණය කරන විට මෙම අනවශ්‍ය වියදම් නතර කරන සේ නියෝග කළේය. එය පිලිගත් හෙයින් මෙම ව්‍යාපාර වල නියැලී සිටි සමාගම් ගණනාවක් අර්බුදයකට ගිය බව අනාවරණය විය.
චීන නායකයන් ගේ අදහස ආර්ථික ප‍්‍රතිසංස්කරණය යනු තමන් තමන්ටම කරගන්නා ශල්‍යකර්මයක් බවය. එය වේදනාත්මක එකකි. ඒ වෙනුවෙන් ඉහළ සිටම කැපවීම පෙන්වන්නට ජනාධිපති ෂින් ජින්ග්පින් නියම කළේය.
ශ‍්‍රී ලංකාව සෑහෙන කාලයක සිට ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගැන කතා කරයි. නමුත් මෙරට ප‍්‍රතිසංස්කරණ අපහසු ඒවා බව ප‍්‍රකාශ වෙන්නේ නැත. නායකයන් කතා කරන්නේ ‘ඔක්කොම හරි’ අදහස ඇතිවය. ප‍්‍රතිසංස්කරණය ලෙහෙසි දෙයක් බවට මතයක් ඇති කරන අතර ජනතාවට කියන්නේ ආර්ථිකය වෙනස්කරන්නට ලෙහෙසි පාරවල් ඇති බවය. ජනතාවට කැප කිරීම ගැන කියා බදු පනවන ආණ්ඩුව එහි ප‍්‍රධානීන් ජනතා නියෝජිතයන් හා නිලධාරීන් අත දිගහැර වියදම් කරමින් සිටී. යාන වාහන දීමනා හා වැටුප් වැඩි කරගන්නේ රට ආර්ථික අර්බුදයක බව කියමින්ය. ඇමැතිවරුන්ගේ විදේශ සංචාර වල සීමාවක් නැත. අඩුම තරමින් අමාත්‍යංශ වල වියදම් පවා සීමා කරන බවක් නොපෙනේ. අනාවරණයවන කරුණු අනුව ඇතැම් අමාත්‍යංශ ගොඩනැගිලි කුලී වියදම් අමාත්‍යංශයෙන් කරන ව්‍යාපෘති වියදමට වඩා ඉහළය. වාහන කුලිය තවත් අතිවිශාල එකකි. රජයේ විගණනය, ජනතා සංවිධාන හා ජනමාධ්‍ය මෙම අනවශ්‍ය වියදම් ගැන හෙළිදරව් කරන නමුත් පාලකයන් ඒවා ගැන කිසිසේත් තකන්නේ නැත. මෙවැනි වෙනසක් සිදුවෙන්නේ ඇයි? කරුණු හෙළිදරව්වන අන්දම අනුව පාලකයන් සම්බන්ධයෙන් ජනතාව තුළ පිළිකුලක් ඇතිවෙයි. විශාල වෛරයක් හටගනී. ජනතාව හා පාලකයන් අතර පරතරයක් පවතින අවස්ථාවක ජාතික ඒකාග‍්‍රතාවයක් ගැන කතා කරන්නේ කෙසේද? රට එකතු කර දියුණුව කරා යොමු කරන්නේ කෙසේද? ජනතාවට කැපවන සේ කියන්නට හැකිද? අපප සාකච්ඡුා කළ යුතු මෙකී කාරණා ගැනය.
කුඩා රටක් ලෙස ශ‍්‍රී ලංකාව අනන්‍ය සංවර්ධන සැලැස්මකට යා යුතුය. අද වන විට ආර්ථිකය ගැන ප‍්‍රශ්න තිබේ. ආදායම හා වියදම අතර පරතරය පුළුල් වෙමින් පවතින අතර විදේශ වෙළඳාම ගැටළු ඇති කර ඇත. ආයෝජන ප‍්‍රමාණවත් නැත. රට තුළින් පමණක් නොව රටින් බැහැරින් එනම් විදේශ ආයෝජන වශයෙන් ද ලැබෙන ප‍්‍රමාණය සීමාත හෙයින් රට තුළ නිෂාපාදනය අඩාල වී ඇත. රැකී රක්ෂා ජනනය කිරීම සීමිතය. අලූත් ව්‍යවසාය අඩු හෙයින් රට තුළ බදු ආදායම පහල වැටී තිබේ. නිදහසින් පසු බලයට පත් වූ සියළු ආණ්ඩු මෙම තත්ත්වයට වග කිව යුතුය. රට තුළ විදේශ විනිමය උත්පාදනයට ඇති මාර්ග යටත් විජිත කාලයෙන් පසු වෙනස් වී නැත. අධිරාජ්‍යවාදීන් කරන ලද කෘෂි අපනයනය නොවේ නම් රටට ඇති අවස්ථාව කුමක්ද? ඇගලූම් කර්මාන්තය පියවරක් ඉදිරියට ගොස් නැත. විදේශ රැකියා අංශය මැදපෙරදිග ආර්ථික වර්ධනය හෙයින් තාවකාලිකව ඇතිවූ වාසියකි. සංචාරක ව්‍යාපාරය ද විනිමය උත්පාදවය අතින් ඉහළ ආර්ථික වාසි අත්පත්කර දී නැත.
ශ‍්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බව කියයි. ලෝකයට වැදගත් මධ්‍යස්ථානයක් බව දක්වයි. නමුත් ලෝකයේ වෙනත් රටවලට වැදගත් විය හැකිය. ලංකාව එකී කේන්දීය අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන තිබේද? ආර්ථිකය අපනයන පැත්තට හැරවිය යුතුව තිබේ. එයින් පරිබාහිරව ශ‍්‍රී ලංකායට අනාගතයක් නැත. විකල්ප මතයක් රටට ඇති කිරීම වෙනුවට ජනතාව රවටන ඔවුන්ට ඇත්ත නොකියන ආර්ථිකයක් අද නිර්මාණය වී තිබේ. පැවැති සියළු ආණ්ඩු ක‍්‍රියා කළේ ජනතාව නොමග යවන ආකාර්යෙන්ය. ජනතාවට සුළු සහනාධාර ප‍්‍රමාණයක් ගෙවන පාලකයෝ එයින් රට සන්සුන්ව පවත්වාගෙන යමින් සිටිති. වෙනස්කමක් ඇතිකර ප‍්‍රතිසංස්කරණයක් තුළින් රට වෙනස් කරන්නට නම් විශාල ප‍්‍රයත්නයකට යා යුතු බව නොරහසකි. ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ගැන මෙරට ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදකයෝ හොද අවබෝධයක් ඇත. විශේෂඥයෝ රට පවතින තත්ත්වය ගැන දනී. නමුත් මෙම ප‍්‍රතිපත්ති සම්පාදකයන් හෝ විශේෂඥයන්ගේ මතය නොසලකා දේශපාලනඥයන් කි‍්‍රයා කරමින් සිටී. පවතින නරක තත්ත්වය එයයි.
ජනතාවගේ ජීවිත යහපත් කරනු සඳහා අවශ්‍ය වෙනස්කම් කරනු වෙනුවට පාලකයන්ගේ අවශ්‍යතා ගොඩනගන ආර්ථික රාමුවකින් රටට ප‍්‍රයෝජනයක් තිබේද යන්න ප‍්‍රශ්න කළ යුතුය. ශී‍්‍ර ලංකාව ගමන් කරමින් සිටින්නේ අති සුඛෝපභෝගී පාලනයකටය. ජින්ග්පින් චීන ජනාධිපතිවරයා එරට පාලක පංතියට සාමාන්‍ය ජීවිතයකට හුරුවන සේ නියම කරන අතර එය සමාජයේ පිලිගැනීමට ලක්ව තිබේ. ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය පවතින තත්ත්වයෙන් වෙනස් කරන්නට නම් දෙන පණිවුඩය කුමක්ද? ජාත්‍යන්තරයෙන් නිකුත්වන පණිවුඩය සහ මෙරට පැවැත්ම සංසන්දනය කිරීම සුදුසුය.
|