ලෝක ඉතිහාසයේ මහ ඉහළින් සඳහන් වන බලවත් පාලකයෝ තිදෙනෙකි. අති දක්ෂ පාලකයෝ රටවල් පාලනය කළහ. අලූත් සමාජ ගොඩනගන ලද අතර අසම සම නායකත්වයක් ලබා දී තිබේ. ඉතිහාසය ලියැවුණ දා සිට නායකත්වය දුන් විශිෂ්ඨ පුද්ගලයෝ ගැන සඳහන්ය. නමුත් මෙකී සියළු දෙනා අතරින් තිදෙනෙකු අසමසම වන්නේ කෙසේද? ඔවුහු නික්ම යා යුතු බව දැන සිටියහ. බලය ලබා ගත් පසු තව එක හෝරාවක් හෝ රැඳෙන්නට මාන බලන රාජ්‍ය නායකයන් අතර මෙම නායකයෝ තිදෙනා පුද්ගලාභිලාශයෙන් තොරව යා යුතු නියම මෙහොත දැනගෙන නායකත්වයෙහි කටයුතු කර තිබේ. එහෙයින් ඉතිහාස ගතව ඇත.
ලූසියස් සින්සිනේටස් මෙම තිදෙනා අතරින් පළමුවැන්නාය. හෙතෙම රෝම අධිරාජ්‍යයේ විසූ පාලකයෙකි. කි‍්‍රස්තු පූර්ව 458-439 අතර වකවානුව තුළ හෙතෙම රෝමය පාලනය කළේය. රෝම පාලනය තුළ නොයෙක් පාඩම් උගන්වා තිබේ. ඉතාම කෘර පාලකයන් ගේ අතිශය නරක පමණක් නොව යහපත් පාලකයන් ගේ කාලය තුළ දක්නට ලැබුණ පාලනයට අදාල ඉහළම ගුණාංග ද එතැනින් වාර්තා වී ඇති බව සඳහන් කළ යුතුය. ලූසියස් සින්සිනේටස් ජනතා කැමැත්තට රෝමය පාලනය කරන ලද බව ඉතිහාසඥයන්ගේ මතයයි. දෙවන ධුර කාලයේ දී රෝමයේ පාලනයට විරුද්ධව කැරැල්ලක් නැගෙන බව අවබෝධකර ගත් අවස්ථාවේ දී ම හෙතෙම බලය අතහැර යන්නට තීරණය කළේය. එය දුෂ්කර තීරණයකි. සේනා පිරිවරාගෙන, අතිශය බලවත්ව සිටි අධිරාජ්‍යයෙකු කැරැල්ල මැඩ පවත්වනු සඳහා ගත හැකි උපරිම පියවර ගනු හැර අනෙක් පැත්තක් ගැන අවධානය යොමු කරන්නේ නැත. සින්සිනේටස් තමන් නික්ම යා යුතු මොහොත ළඟා වී ඇති බව තේරුම් ගත් අතර ඔහුට අයත් ගොවිපොලට ගොස් සරල ජීවිතයක් ගත කරන ලද බව ඉතිහාසය කියයි.
දෙවනුව ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘ ජෝර්ජ් වොෂිංටන් ගැන සඳහන් වෙයි. හෙතෙම 1789 සිට 1797 දක්වා ඇමරිකාවේ ජනාධිපතිවරයා විය. රට ගොඩ නගා ව්‍යවස්ථාවක් හැදු වොෂිංන්ටන් එය ජනතාව වෙත ප‍්‍රදානය කළේය. ඇමරිකාවට නිදහස අත්පත් කරදුන් නායකයා වශයෙන් ඔහුට තව දුරටත් ඇමරිකාවේ ජනාධිපති වශයෙන් බලයේ ඉන්නට බාධාවක් නොතිබුණි. නමුත් ඔහු සිය අනුප‍්‍රාප්තිකයා වූ ජෝන් ඇඩම්ස් වෙත ජනාධිපති ධුරය පවරා ගෙදර ගියේය. රටට අවශ්‍ය නායකත්වය දී ගොඩනගන ලද නමුත් තමන්ට කළ හැකි දේ ගැන හා නොකළ හැකි දේ ගැන වටහා ගැනීමක් ඔහුට තිබුණි. ඇමරිකාවේ පියා වශයෙන් හෙතෙම බුහුමන් ලබන අතර බලය අත හැර යා යුතු නිසි අවස්ථාව හදුනා ගෙන සිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙකු වශයෙන් ඉතිහාසයට එකතු වී ඇත. ‘‘ඇමරිකාවේ සින්සිනේටස්’’ වශයෙන් ඔහු ට ගරු නාමයක් පිරිනමන්නට ජනතාව නැඹුරු වී තිබේ.
අප‍්‍රිකාවේ සින්සිනේටස් යනුවෙන් හදුන්වන උදාර චරිතයක් ද සිටී. හෙතෙම නෙල්සන් මැන්ඩෙලාය. නූතන දකුණු අපි‍්‍රකාවේ පියා වශයෙන් නම් කර තිබේ. 1994-1999 කාලය දක්වා දකුණු අප‍්‍රිකාවේ ජනාධිපති ධුරය හෙබැවීය. ඔහු නිදහස උදෙසා අප‍්‍රමාණ අරගලයක් ගෙන ගිය අතර පසුව එරට පළමු කළු ජාතික ජනාධිපතිවරයා වශයෙන් පත් විය. රට වැසියන්ට කරන ලද සේවය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරගෙන යහපත් ප‍්‍රතිපත්ති රට තළ ඇති කිරීම වෙනුවෙන් දිවි පරදුවට තබා කරන ලද කැපවීම කෙරෙහි ගෞරවය හිමි වී තිබේ. එක්තරා අවස්ථාවක තනතුර අතහැර ඉවත්ව යා යුතු බව මැන්ඩෙලා ප‍්‍රකාශ කළ අතර සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නට තීරණය කළේය. ‘‘මට කතා කරන්න එපා. මම කතා කරන්නම්’’ නායකත්වය හැර යන විට ඔහු කරන ලද විශිෂ්ඨ වචන කිහිපයක් වශයෙන් ඉතිහාසයට එකතු වී තිබේ. එහි අදහස අනුව රට බාරගත් නායකයා ස්වකීය අනන්‍යතාවය අනුව පාලනය කළ යුතු අතර නිතර කතා කර උපදෙස් අපේක්ෂා කළ යුතු නැත. තමන්ට කිසියම් දෙයක් අවශ්‍ය නම්, අපහසුතාවයක් ඇති නොවන පරිදි කතා කරන්නට ඉඩ තබා ගැනීම ඔහුගේ අදහස විය. බලය තව දුරටත් තබා ගන්නට පමණක් නොව, විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව පවා සිය අභිරුචිය පරිදි රටේ පාලනය පවත්වා ගෙන යන්නට ඇති සුළු අවකාශයක් හෝ ඉතිරි නොකරන්නට මැන්ඩෙලා පරෙස්සම් විය.
ලෝක ඉතිහාසය තුළ සින්සිනේසේ ත‍්‍රිත්වයක් ගැන සාකච්ඡුා කරන අතර බලයේ ඉන්නට නොව නිසි අවස්ථාවේ දී බලය අතහැර යන්නට තිබුණ නිර්ලෝභීභාවය මෙහි දී අගය කෙරේ. රාජ්‍ය බලය ගැන කිසිම ලෝබකමක් නොතිබුණි. ආත්මාර්ථකාමී බවක් නැත. නායකත්වයට පත් වූ පසු බලය අතහැර යන්නට නිසි වෙලාව ඔවුහු හදුනාගෙන සිටියේය. තව දුරටත් බලය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නට ජෝර්ජ් වොෂිංටන්ට හැකියාව තිබුණි. මැන්ඩෙලා ප‍්‍රතික්ෂේප කරන්නට කරුණක් නොවීය. එම රටවල වැසියෝ මෙම උදාර චරිත වල හැසිරීම ගැන අවධානයෙන් සිටියහ. තමන් බලය රැකගෙන බලහත්කාරයෙන් තව දුරටත් සිටිය යුතු නැති බව තේරුම් ගන්නේ ස්වකීය විඥාණයෙන් බව පැහැදිලිය. තමන්ට හැර අනෙක් පාලකයෙකුගේ දර්ශනයට රට තුළ අවකාශයක් තිබිය යුතු අතර රට ඉදිරියට ගෙන යෑමය සාමූහික ප‍්‍රයත්නයක් තිබිය යුතු බව පෙන්වා දුන්හ.
ලෝකයේ නොයෙක් අවස්ථාවල උදාහරණයට ගන්නා මෙම තිදෙනා පසෙක තබා හතරවැනියා වශයෙන් එකතු වෙන චරිතයක් තිබේද? අන්තර් ජාතිකව අද සිදුවෙමින් පවතින බල අරගල දෙස බලන විට එවැනි ප‍්‍රතාපවත් චරිත සොයා ගැනීමට පුලූවන්කමක් නැත.
ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ගැන අධ්‍යයනය කරන්නට අවශ්‍යය. තමන්ගේ තනතුර නිසි වේලාවේදී ආපසු ජනතාවට භාරදෙන්නට නායකයෝ සූදානම් ද? දේශපාලන නායකයෝ පමණක් නොව ජාතික ආගමික නායකයන් ද ජීවිතයේ අන්තිම මොහොත දක්වා තනතුර ආරක්ෂා කරගෙන එයින් යැපෙන්නට සූදානම්ය. බලය ලබා ගත් පසු තමන් ආරක්ෂා වන පරිදි නීති වෙනස් කරන්නට මාන බලයි. බලය අහිමි වූ පසු පවා නැවතත් බලපෑම් කළ හැකි තැනකට එන්නට හැකියාවක් තිබේදැයි සොයයි. අවස්ථාව නැතත් තනි කැමැත්තෙන් හෝ පැමිණ අඩුපාඩු පෙන්වන්නට, විවේචනය කරන්නට යුහුසුළු වෙති. මෙයින් ලැබෙන ආදර්ශය කුමක්ද?
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්ති වලින් බලය නිර්වචනය කර තිබේ. බලය හිමි ආයතන හා ඒවා පාවිච්චි කළ හැකි ප‍්‍රමාණය අර්ථ දක්වා ඇත. ව්‍යවස්ථාවේ වගන්ති පැහැදිලි නැත්නම් ඒවා නිරාකරණය කරගන්නා ක‍්‍රමවේදයක් ඇත. ව්‍යවස්ථාව පැත්තකින් තබමු. හැම දෙනාටම හෘද සාක්ෂියක් තිබේ. නායකයෙකු වශයෙන් තමන් හැසිරෙන ආකාරය ජනතාවට ආදර්ශයක් විය යුතුය. බලය තමන්ගේ අතට ගෙන එය අත් හරින්නට සූදානමක් නැති මෙවලමක් සේ පරිහරණය කරන විට සමාජය තුළ විවිධ බලවේග මතුවෙයි. එය භයානක අවස්ථාවකි.
සමිතියක තනතුරකට පත් වූ පසු එය අත් හරින්නට කැමැති නැත. දේශපාලන පක්ෂයක තනතුරක් ගත් පසු එය අන් අයෙකුට පත් විය හැකි පරිදි අවස්ථාව තිබිය යුතු යැයි හිතන්නේ නැත. මොන ක‍්‍රමයකින් හෝ සාමාජිකයන් තමන්ගේ පැත්තට හරවා ගෙන පවතින්නට උත්සාහ කරයි. තනතුර මගින් රටට, ජනතාවට කළ යුතු සේවය වෙනුවට තනතුර ආරක්ෂා කරගන්නට කරන මහන්සිය වඩා බලවත් වෙයි. පොදු ජනතාව මෙවැනි සිද්ධී පිලිකුල් කරන බව සදහන් කරන්නට අවශ්‍යය. ලෝකයේ නොයෙක් රටවල නායකයන් සිය ධුරය නිසි අවස්ථාවේ දී අත හැර ගිය බව සඳහන් වන අතර ධුරය අතහැර නොයන පිරිස පලවා හරින පියවර ගත් අවස්ථා ද මැනවින් සටහන්ව තිබේ. මේවා සාවධානව ගවේශනය කළ යුතුය. ලෝකය පවතින්නේ ධර්මතාවයක් අනුවය. එයට අනුකූලවීම සුදුසුය. පුද්ගලික පැවැත්ම ගැන වැඩිපුර සිතන පාලකයන් රට පාලනය කරන තත්ත්වයට පත්වීම එපමණ සුදුසු නැත. තමන්ගේ පුද්ගලික අභිගාශයන් පසෙක තබා රටවැසියන්ගේ උන්නතිය ගැන අවධානය යොමු කරන පාලනයක් සහ පාලකයන් රටට අවශ්‍යය.
|