ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම පවතින රටවල මැතිවරණ වලින් පාලකයෝ පත් කර ගැනෙති. එහි දී පුරවැසියන්ගේ ඡන්දයට විශාල වටිනාකමක් තිබේ. පාලකයන් පත් කර ගැනීම සඳහා පවත්වන මැතිවණ ජනතා පරමාධිපත්‍ය තහවුරු කරයි. නොබෝදා තායිවාන සිය ප‍්‍රාදේශීය ඡන්දය පැවැත්වීය. ප‍්‍රාදේශීය මැතිවරණය හා සමග එරට ජනතාවට ප‍්‍රශ්න දහයක ප‍්‍රශ්නාවලියක් පාලකයෝ ඉදිරිපත් කළහ. එය ජනමත විචාරණයකි. එහි ප‍්‍රතිඵලය බලයේ සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරටුගාමී පක්ෂයේ ජනාධිපතිනි සායි ඉන්ග් වෙන් ගේ අවාසියට හේතු විය. ඇය පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වූ අතර 2020 පවත්වන ජනාධිපතිවරණයේ අපේක්ෂිකාව වශයෙන් නම්කර තිබිය දී ඉල්ලා අස්වීම පක්ෂයේ පැවැත්ම අභියෝගයකට ලක් කර තිබේ.
ප‍්‍රාදේශීය මැතිවරණ ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත් වන විට පක්ෂයට අවාසි බව පැහැදිලිව දැකගත හැකි වූ අතර ජනාධිපතිවරිය එහි දී කියා සිටියේ පක්ෂයේ නායිකාව වශයෙන් සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බවය. ‘‘ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම් වෙනුවෙන් ජනතාව දක්වන කැපවීම අප අගය කළ යුතුයි. ඡන්දයෙන් ලබා දී ඇති ප‍්‍රතිඵලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම ගැන අපට පාඩමක්’’ යනුවෙන් ඇය ජනතාව හමුවේ කියා සිටියාය.
තායිවානය චීනයට අතර එසේ තිබිය දී තායිවානය සිය ස්වෛරීභාවය පිලිගන්නැයි ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටියි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතෙක් රටක් වශයෙන් පිලිගෙන නැත. රටවල් දහ හතක් පමණ තායිවානය වෙනම රටක් සේ පිලිගනී. විවිධ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ හා ක‍්‍රීඩා උත්සව වෙනුවෙන් තායිවානය සහභාගී වන නමුත් බොහෝ අවස්ථාවල චීනයේ කොටසක් වශයෙන් සැලකේ. මුල් කාලයේ දී ඕලන්දයට හා ස්පාඤ්ඤය යන රටවලට යටත්ව තිබුණි. පසුව චීනයේ අවසන් අධිරාජ්‍යවාදී පාලකයා වූ චින් පාලන කාලයේ දී තායිවානය තමන් යටතට පවරා ගෙන තිබේ. පසු කාලයක චීනය හා ජපානය අතර පැවැති යුද කාල වකවානුවේ දී තායිවානය පාලනය වූයේ ජපානයේ නීති වලට යටත්වය. ජපානයෙන් නිදහස් වන විට තායිවානය චීනයේ කොටසක් වශයෙන් සලකන ලද නමුත් ස්වාධීන බලතල ඇති සහ චීනයේ ඇතැම් අභ්‍යන්තර නීති රීති වලින් පරිබාහිරව පාලනය වෙයි.
තායිවානයේ පැවැති ප‍්‍රාදේශීය මැතිවරණයේ විශේෂත්වයක් තිබුණි. එහි දී ජනතාවගෙන් ප‍්‍රශ්න දහයක ප‍්‍රශ්නාවලියකට උත්තර දෙන්නට සිදුවිය. පරිසරය හා න්‍යශ්ඨික බලය ගැන කරුණු විමසා තිබුණ අතර වැඩි කොටසක් වෙන්කරන්නේ ජාත්‍යන්තරය පුරා ආන්දෝලනයකට ලක් වූ සමලිංගිකත්වයට අදාල කරුණුය. අවසාන වශයෙන් ක‍්‍රීඩා කටයුතු ගැන කාරණයක් මතු කර තිබුණි. ඒවායේ විග‍්‍රහ කිරීම කෙසේ වෙතත් පාලක ජනාධිපතිනියගේ නායකත්වයෙන් යුතු පක්ෂයට බහුතර බලය ලැබුණේ නැත. නව තායිපේ ඇතුළු ප‍්‍රධාන නගර තුනක බලය තහවුරු කරගන්නට විපක්ෂය සමත්ව විය. එය වසර විස්සක කාලයක් අඛණ්ඩව පැවැති බලය ගිලිහී යාමකි. මැතිවරණයේ දී බලයේ සිටි ජනාධිපතිවරිය ගේ පක්ෂය දේශපාලන වේදිකාවේ දී ආර්ථික වර්ධනය, රැකී රක්ෂා බහුල කිරීම හා විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිසංස්කරණ ගැන යෝජනා ඉදිරිපත් කළ අතර තායිවානයේ ස්වාධීනත්වය ගැන ද ඉහළින් සාකච්ඡා කළේය. නමුත් චීනය සමග පවත්වන සම්බන්ධතා ඇසුරෙන් ආර්ථික වෘද්ධිය අත්පත් කරගැනීමට අසමත්වීම එරට වැසියන්ගේ නොසතුටට හේතු වන්නට ඇති බව ජාත්‍යන්තර විචාරකයෝ දක්වා තිබුණි. ඡන්ද ප‍්‍රතිඵලය දක්වන චීන බලධාරීන් ද තායිවාන ජනතාව චීන සම්භවය සමග විසීමට පි‍්‍රය කරන බව නිවේදනයක දක්වා තිබේ.
තායිවානයේ ස්වාධීන පැවැත්ම ගැන ප‍්‍රශ්න තිබේ. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ වලට අවනත වන ආකාරය ඉතා ප‍්‍රසංසනීය බව දැක්විය යුතුය. ප‍්‍රාදේශීය මැතිවරණයක ප‍්‍රතිඵලය පදනම් කරගෙන තීරණ ගැනීමට ආණ්ඩුව තීරණය කිරීම එය මැනවින් විදහා දක්වයි. ජනාධිපති ධුරයේ ඉන්නට ප‍්‍රමාණවත් කාලයක් තිබේ. පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂිකාව වශයෙන් ද නම් කර තිබුණි. බලය අත්හැරීම ගැන කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නැත. නමුත් කිසිම ප‍්‍රශ්න කිරීමකින් තොරව අයිතිය පැත්තකට කරන්නට තායිවානයේ ජනාධිපතිනිය තීරණය කර තිබේ. ජනාධිපතිනි සායි ඉන්ග් වෙන් 2004 වසරේ පක්ෂයට සම්බන්ධ වන අතර එයින් වසර හතරකට පසු පක්ෂ නායකත්වයට පත් වෙයි. පළමු වතාවේ දී එනම් 2012 ජනාධිපතිවරණයේ දී අසාර්ථක වූ අවස්ථාවේ දී ද ඇය පක්ෂයෙන් බවත්වන තීරණයක පසුවිය. නමුත් ඇය දෙවන වතාවටත් තෝරා ගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරටුගාමී පක්ෂය 2016 වසරේ ජනාධිපතිවරණයෙන් ජයගත් අතර ඇය එරට ඉතිහාසයේ පළමු ජනාධිපතිවරිය වූවාය. එසේ තිබිය දී පක්ෂයේ අනාගතය ගැන තීරණ ගැනීම අලූත් නායකකත්වයකට පවරන්නට තායිවාන ජනාධිපතිවරිය ගෙන ඇති තීරණය අද වන විට ලෝකය පුරා ආන්දෝලනයට ලක්ව ඇති කාරණයක් බවට පත්ව තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක වටිනාකම අර්ථ දක්වන්නට තායිවානය සමත්වීම විශේෂ සිද්ධියකි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අලූතින් ඉගෙන ගන්නට වැර වෑයම් දරන තායිවානය ප‍්‍රාදේශීය මැතිවරණයක ප‍්‍රතිඵලය අනුව හැසිරෙන අන්දම අවධානයට ගත යුතුය. චීන ග‍්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම මිදී නැති රටක් වශයෙන් තායිවානයට අනාගතය ගැන සෑහෙන අපේක්ෂා ඇති බව නිසැකය. ශ‍්‍රී ලංකාව වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමට ගැන දශක හතක අත්දැකීම් ඇති රටකට මෙම සිද්ධියෙන් උකහා ගත හැකි පාඩම කුමක්ද? මෙරට දේශපාලන පක්ෂ තවමත් නායකයාගේ ග‍්‍රහණයට යටත්ය. පක්ෂය ජනතාවගේ මතය විමසන්නේ නැත. එය අභාග්‍යයකි. පක්ෂ සාමාජිකයන්, පක්ෂයේ පහල මටට්මේ සමිති වල ව්‍යුහය නොසලකා තිබේ. ශ‍්‍රී ලංකාවේ සෑම දේශපාලන පක්ෂයක් ම ශාඛා සමිති ඒවායේ බලය ගැන මහ ඉහලින් වර්ණනා කරයි. නමුත් සාමාජිකයන්ගේ අදහස ගැන තකන්නේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ වලට එයින් ලැබෙන පිටිවහල තේරුම් ගත යුතුය.
ශ‍්‍රී ලංකාවේ පලාත් පාලන, පලාත් සභා, පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණ වශයෙන් මැතිවරණ පවත්වයි. මෙම සෑම මැතිවරණයක්ම ජනමතය විදහා දක්වන අවස්ථාවකි. පලාත් පාලන ඡන්දයක ප‍්‍රතිඵලය මහ ආණ්ඩුවක පැවැත්මට බලපාන්නේ නැති යැයි හිතන තරමට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රමය වෙනස්ය. බලය තවදුරටත් අත් නොහරින ක‍්‍රමවේද හැර ජනතාව දෙන තීරණය ගැන කිසිසේත් සලකන්නේ නැත. එය පවතින අර්බුද වලට හේතුවක් බව තේරුම් ගත යුතුය. ජනතාවගේ මතය, ජනතාවගේ තීන්දුව ගැන නොසලකන පාලකයන් සිටින අවස්ථාවක ජනතාව සිය ස්ථාවරය පළ කරන්නේ කෙසේද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය තුළ පවත්වන ඡන්දයක වටිනාකම තේරුම් ගන්නට උත්සාහ නොකරන අවස්ථාවක ශ‍්‍රී ලංකාවේ පැවැත්ම ගැන තැබිය හැකි බලාපොරොත්තු කෙබදුද?
ඡන්දය ගැන දීර්ඝ කාලීන අත්දැකීම් සහිත රටක් වශයෙන් ජනතා අයිතිය ගැන අදට වැඩි අවධානයක් දැක්විය යුතුය. මහජනතාව දක්වන සංඥා තේරුම් ගැනීමට පාලකයන් සමත් විය යුතුය. ඉතිහාසයේ පටන් එම වරද කර තිබේ. බලයට පත්වන පාලකයෝ ජන මතයට කන්දෙන්නේ නැත. ජනමත විචාරණයක් හෝ සමාජ සමීක්ෂණයක් මගින් මහජන මතය විසමා ඒ අනුව තීරණගන්නේ නැත. ජනතාවගේ කැමැත්තට පිටුපාන පාලකයෝ හැසිරෙන ආකාරය රටට අභාග්‍යසම්පන්න අවස්ථා උදා කර තිබේ. දකුණේ කැරැල්ල එයින් එකකි. අනෙක උතුරේ ත‍්‍රස්තවාදයයි. සෑම අවස්ථාවකම මෙරට තරුණ පෙල ජීවිත වලින් වන්දි ගෙවා තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට එරෙහිව කැරළි හෝ අරගල මතුවෙන්නේ ඇයි? ත‍්‍රස්තවාදය හිස ඔසවන්නේ මන්ද? ජනමතයට කන් නොදෙන පාලකයෝ එයට වගකිව යුතුය. මෙරට දේශපාලන නායකයෝ සිය හෘද සාක්ෂියට අනුව ක‍්‍රියා කළ යුතු යුගය උදා වී තිබේ. නැවත වතාවක් රට අභාග්‍ය සම්පන්න තැනකට තල්ලූ කිරීම සුදුසු නැත. ජනමතය තේරුම් ගෙන ජනතා අභිලාශ අනුව රටක් පාලකය කරන්නේ කෙසේදැයි එක්සත් ජාතීන්ගේ සංවිදානයේ සාමාජිකත්වය රහිත තායිවානයේ ප‍්‍රාදේශීය මැතිවරණය හා ජනමත විචාරණය කදිම සාක්ෂියකි.
|