» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
31/07/2022 - ඉරිදා ලංකාදීප
වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා තහනමක්

අන්තර් ජාල භාවිතය සහ එයින් ලැබෙන පිටිවහල ගැන විශාල උනන්දුවක් ඇත. සමාජ මාධ්‍ය භාවිතය සහ ජීවිතයට ලැබෙන පිටිවහල ගැන ද කතා කෙරේ. අන්තර් ජාලය හා සමාජ මාධ්‍යයෙන් ඇතිකරන ප‍්‍රතිවිපාක කෙරෙහි ද පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත.

ඇබ්බැහිවීම, සයිබර් අවකාශයේ අපරාධ, පුද්ගලිකත්වයට කරන හානි, උද්වේගකර තත්ත්වයන්ට ගොදුරුවීම හා වහා ඇවිලී පැතිරී යන ස්වභාවය හෙයින් අන්තර් ජාල භාවිතය සමග ඇති කරන හානිය සම්බන්ධව විද්වත් පිරිස් අදහස් දක්වා ඇත.

ඉන්දිය රජය පසුගිය සතියේ වෙබ් හා සමාජ මාධ්‍ය ජාලා 747 ක්, සමාජ මාධ්‍ය 19ක් සහ යූ ටියුබ් නාලිකා 94 ක් තහනම් කරන නිවේදනයක් පසුගිය දා නිකුත් කළේය. ඉන්දියාවේ පැවැත්මට එරෙහි අසත්‍ය තොරතුරු හුවා දක්වන අංශ තෝරා මෙම තහනම බලගන්වා ඇත. තොරතුරු සහ සන්නිවේදන අමාත්‍ය අනුරාද් තාකූර් ඉන්දීය පාර්ලිමේන්තුවට මෙම තීරණය ගැන ප‍්‍රකාශයක් කර ඇති අතර ජාතික අවශ්‍යතා සලකා සමාජ ප‍්‍රගමනය අවහිරවන පරිදි හැසිරෙන වෙබ් හා සමාජ මාධ්‍ය තහනම් කරන ලද බව සදහන් කළේය. තහනම් කළ සමාජ මාධ්‍ය අංශ රටට විරුද්ධ අහිතකර ප‍්‍රචාරක යාන්ත‍්‍රණයක් පවත්වාගෙන ගිය බව නිරීක්ෂණය කර ඇත. එහි ක‍්‍රියාකාරකම් ගැන අවධානයෙන් සිටි අතර 2000 වසරේ බලගන්වන ලද තොරතුරු තාක්ෂණ පණත අනුව මෙම තහනම බලගැන්වීමට ඉන්දියානු රජයට බලය ඇත. රජයට විරුද්ධ අසත්‍ය මතවාද පතුරවන අංශ කෙරෙහි ඉන්දියාව තදින් ක‍්‍රියා කරන බව තොරතුරු සහ සන්නිවේදන ඇමැතිවරයා ඉන්දීය පාර්ලමේන්තුවේ දී තව දුරටත් කරුණු දක්වමින් කියා තිබේ. ජනතාව ගේ පරමාධිපත්‍යයට අවහිර කරන මාධ්‍ය භාවිතාවකට ඉඩ දිය යුතු නැති බව ඉන්දීය රජයේ මතය වී ඇත.

විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතරින් පිරිසක් වෙබ්, සමාජ මාධ්‍ය හා යු ටියුබ් නාලිකා තහනම් කිරීමේ තීරණයට කිසිසේත් එක`ග නැත. ජනතාවට විවිධ මත දරන්නට ඇති අයිතිය අවහිර කිරීමක් සේ ඔවුහු දක්වති. මාධ්‍ය නිදහස තිබිය යුතු බව අවධාරණය කර ඇත. දේශපාලන අංශ මාධ්‍ය නිදහස ගැන කතා කළ යුතු නමුත් අන්තවාදී අදහස් පතුරුවන අංශවලින් සිදුවන බලපෑම කෙරෙහි අවබෝධයක් තිබිය යුතු බව ඉන්දීය රජයේ අදහස වී තිබේ.

ඉන්දියාවේ පැවැත්මට විරුද්ධව මත අවුලූවන වෙබ් සහ සමාජ මාධ්‍ය තහනම් කරන ලද පළමු අවස්ථාව මෙය නොවේ. 2014 වසරේ සිට 2021 දක්වා කාලය තුළ පමණක් වෙබ් ලිපින 25,368 ක් තහනම් කර ඇත. 2021 වසරේ දී යු ටියුබ් නාලිකා 56 ක් තහනම් කොට තිබේ. මෙයින් සමහරක් ප‍්‍රසිද්ධ ප‍්‍රවෘත්ති නාලිකාවල සමාජ මාධ්‍ය අංශ බව දැක්වේ. මලයාලම් ප‍්‍රවෘත්ති නාලිකාවක විකාශ කටයුතු ඉන්දීය මධ්‍යම රජය පසුගිය ජනවාරියේ තහනම් කරන ලද අතර එයට සහනයක් පතා අධිකරණයට ගිය නමුත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව දක්වා එම තහනම තව දුරටත් ක‍්‍රියාත්මක කරන්නට එරට බලධාරීන්ට හැකියාව ලැබුණි.

ඉන්දියාවේ දැනට ක‍්‍රියාත්මක සියළුම අන්තර් ජාල විකාශන සදහා තද නියාමනයක් බලපැවැත්වේ. එය මෘදු පරීක්ෂාකාරීවිමක් සේ එරට බලධාරීහු හදුන්වති. ජාතික ආරක්ෂාවට, කාන්තා හා ළමා හිංසනයට හේතුවන ඩිජිටල් මාධ්‍ය ප‍්‍රභව කෙරෙහි මෙහි දී විශේෂ අවධානයක් දක්වයි. රජය පනවන පාලන විධිවිධාන ගැන ඉන්දීය සමාජ නායකයන් හා බුද්ධි මණ්ඩලවල එක්තරා මට්ටමක අනුකූලතාවයක් තිබේ. සමාජ මාධ්‍ය ක්ෂේත‍්‍රය, ලාභ උපයන ව්‍යාපාරයක් වශයෙන් ඉන්දියාවේ දී පිලිගැනේ. ව්‍යාපාර කටයුතු අතර ජන කොටස් දැනුම්වත් කිරීමට ගන්නා නිසි පියවර වලට කිසිම ආකාරයක අවහිරයක් නැත. සංඛ්‍යාත අවභාවිතාව, නියමානුකූලව උපමාන භාවිතා නොකිරීම බලවත් වරදක් සේ නම් කර ඇත.

අසත්‍ය තොරතුරු සහ සමාජය නොමග යවන උද්වේගකර වලට ඉන්දීය බලධාරීන්ගෙන් ගැලවීමක් නැත. නැවත, නැවත ඒවා බෙදා හරින පරිශීලකයන් අතරින් ගොස් නියම පතුරුවන්නන් සොයා ගැනීමට ඉන්දීය තොරතුරු තාක්ෂණික විශේෂඥයන් බලවත් පරිශ‍්‍රමයක් දරති. වට්ස්ඇප් සමාගම සමග, මුලාශ‍්‍ර සොයන ගැටළුවක් සම්බන්ධයෙන් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ නිරාකරණය නොවූ අර්බුදයක් ඇති කරගෙන ඇති ඉන්දීය පරිපාලන අංශ ෆේස් බුක් ගිණුම්වල සංසරණයවන ව්‍යාජ පණිවුඩයක තොරතුරු ඉල්ලන ලද රජයේ ඇනවුම ප‍්‍රතික්ෂේප කළ තවත් සමාගමක් සමග ද අසතුටින් සිටී. එම සමාගම දක්වන පරිදි සිය ගිණුම් හිමියන්ගේ පුද්ගලිකත්වය කිසිසේත් හෙළි කරන්නේ නැත.

අවනත නොවන අන්තර් ජාල විකාශන හා සමාජ මාධ්‍ය ආණ්ඩු වතහනම් කරන අතර අනෙක් පැත්තෙන් එම තහනම බලපැවැත්වීම, ගැන ප‍්‍රතිවිරුද්ධ දේශපාලනඥයන්ට ද වෙනම අදහසක් තිබේ. මේවා ජනතාවගේ අයිතියට කරනබලපෑමක් සේ දක්වති. සමාජ මාධ්‍ය වල පළවන වෛරි ප‍්‍රකාශ හෝ අසත්‍ය තොරතුරු පැන නැගුණ තැන් සොයා කරන පරීක්ෂණවලට සමාගම්වලින් උදවු නොකරන ස්වභාවයක් ද හ`දුනාගෙන ඇත. දැවැන්ත ජනගහනයක් සහිත රටක අති විශාල අවකාශයක් පුරා විසිරී විහි දී ඇති වෙබ්, සමාජ මාධ්‍ය හා යු ටියුබ් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම, කිසිසේත්ම පහසු කාර්යයක් නොවේ. පසුගිය වසරේ දත්ත අනුව ඉන්දියාවේ කෝටි පනස් තුනක වට්ස් ඇප් ගිණුම් ඇත. යු ටියුබ් නාලිකා ප‍්‍රමාණය කෝටි 44.8 කි. ෆේස් බුක් ගිණුම් කෝටි 41 ක්, ඉන්ස්ටග‍්‍රෑම් ගිණුම් කෝටි 21 ක් සහ ට්විටර් භාවිතා කරන පිරිස කෝටි 1.75 ක් බව දැක්වේ. මේවා අතරින් සමාජයට පීඩාවක් දෙන තොරතුරු සන්නිවේදනය කරන අවස්ථා සොයා ගැනීම පහසු දෙයක් ද? මෙවැනි ඉලක්කම් ප‍්‍රමාණයක් අතර සමාජ මාධ්‍ය ගිණුම් දළ වශයෙන් හත් අටසියයක් අකර්මන්‍ය කිරීම විශාල වාසියක් ලැබෙන කර්තව්‍යයක් ද නොවේ.

එහෙත් ඉන්දීය බලධාරීන්ට වෙනත් කළ හැකි දෙයක් නැත. රජයේ ප‍්‍රතිපත්ති කර්කශ ලෙස විවේචනය කරන අන්තවාදී අදහස් විකාශයට ඉඩ දිය නොහැක. යම් ප‍්‍රමාණයකින් හෝ පාලනය කිරීම තුළ සම්මත රාමුවක් තුළ සන්නිවේදනය හසුරුවන වාතාවරණයක් ඇති කෙරේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක අදහස් හා මතවාද වලට ඉඩ තිබිය යුතුය. එම පුලූල් අවකාශය තුළ බහුතර පිරිසකට හානි නොවන සේ කටයුතු කිරීම වැදගත්ය.

ලෝකයේ සමහර රටවල ඇති කරන ලද කැළඹිලි හා සමානව මෑතක දී ශ‍්‍රී ලංකාවේ ඇති වූ තත්ත්වය ද මෙහි දී, සමබරව විග‍්‍රහ කළ යුතුය. අලූත් අදහස්, විකල්ප මත වලට ඉඩ තිබිය යුතු නමුත් ඒවා සාධාරණ සහ යුක්තිගරුක ඒවා බවට පත් කළ යුතුය. ජනතාව අවුලූවන, වෛරය ඇතිකරන මාධ්‍ය පඨිත නිර්මාණයෙන් ජනතාවගේ බුද්ධි පරිමණ්ඩලය ප‍්‍රසාරණය නොවේ.

පාලනය කරගත නොහැකි තරමට වෙබ් අඩවි හා යු ටියුබ් නාලිකා රටට තුළ පවතින අතරතුරු ඒවා ලියා පදිංචි කිරීමේ පණතක් ද රජය ක‍්‍රියාවට නංවා තිබේ. ප‍්‍රවෘත්ති හෝ විනෝදාත්මක වෙබ් අඩවි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියා පදිංචි කළ යුතුය. ඒවා ප‍්‍රතිපත්ති රාමුවක් අනුව නියාමනය කරන බව දක්වා ඇත. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය පාලනය කිරීම පහසු කර්තව්‍යයක් නොවේ. එක වෙබ් අඩවියක් තහනම් කරන පසු වෙනත් තැනකින් ආරම්භ කළ හැක. තහනම් කරන ලද සන්නිවේදන අංශවලට ප‍්‍රවේශවීම ස`දහා ඇති රැුකුල් කාරක අවස්ථා ගැන තරුණ පෙළට බලවත් අවබෝධයක් තිබේ. සන්නිවේදන තාක්ෂණයේ අලූත්ම යුගයකට ඇතුළු වී සිටින මොහොත පරෙස්සමෙන් අධ්‍යයනය කළ යුතුය. සන්නිවේදන ජාලාවලින් ගලා එන අධි තොරතුරු ප‍්‍රමාණය තොරතුරු සන්නිවේදනය සීමාවක් සහිත පාලිත අවකාශයකට වඩා දරුණු විය හැක. සන්නිවේදන පර්යේෂණයෙහි නිරත බුද්ධිමත් පිරිස් මේවා ගැන අධ්‍යයනය කළ යුතු අතර තොරතුරු නිෂ්පාදනය, බෙදාහැරීම හා පරිභෝජනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන නවතම තත්ත්ව ගැන අවධානය යොමු කිරීම සුදුසුය.