ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය විවිධ පැති වලින් අවධානයට ලක් විය යුතු කාල වකවානුවකි. අභ්‍යන්තර පීඩනයක් තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ජීවන වියදම ඉහළ නැග ඇත. බාහිර පීඩනය ද තීරණාත්මක තැනකය. විදේශීය වෙළදාම නතර ව ඇති තැන බාහිර පීඩනයක තරම මැනැවින් පෙන්වයි. විදේශ වත්කම් පිරිහී ඇත. මුලික ආනයන අවශ්‍යතාවලට පවා ප‍්‍රමාණවත් නොවන තරමට සංචිත අඩු වී ඇති බව වාර්තා වෙයි. ආනයන සීමා කරන්නට සිදුවී ඇති අතර 2022 අය වැය යෝජනා වල ද අපනයන නංවන පියවර අවශ්‍ය බව පෙන්වා දී තිබේ.
විදේශ විනිමය හිගය තුළ පැති දෙකක් ඇත. එකක් රටට ලැබුණ ආදායම අහිමිවීමය. කොවිඞ් වසංගත තත්ත්වය හෙයින් සංචාරක ව්‍යාපාරය දුර්වල විය. සමාජ දුරස්ථභාවය අනිවාර්ය සාධකයක් වශයෙන් නියම කරන පසුබිම තුළ සංචරණය පාලනය කෙරිණ. ගුවන් ගමන් සීමා කරන අතර ව්‍යාප්තිය වැලැක්වීම සදහා නීති පනවන පසුබිම තුළ සංචාරක ව්‍යාපාරයට එල්ල වූ බලපෑම තියුණුය. අපනයනය, විදේශ ගත ශ‍්‍රී ලාංකිකයන්ගේ ඉපැයීම් යනාදි අංශ ද, එයට සමාන්තරව සීමා වී ඇත. විදේශ විනිමය සීමා සහිත නමුත් කලින් ගත් විදේශ ණය සදහා ආපසු ගෙවීම්, බොරතෙල් මිල ඉහළ නැගමෙහි විපාක සහ ඇතැම් ආනයනික ද්‍රව්‍යවල ලෝක වෙළද පොලේ මිල ඉහළයෑම යනා දී කරුණු රටට ප‍්‍රශ්න මතු කර ඇත. පහතට වැටී ඇති සාධක නැවත ඉහළට ගැනීමට කාලයක් ගතවෙයි. ආනයන හා අපනයන යථා තත්ත්වයට පත් කරගැනීම වහාම සිදු නොවේ. එහෙත් වාතාවරණය ලිහිල් වූ වහා සංචාරක කර්මාන්තයෙහි ප‍්‍රගතියක් අපේක්ෂා කළ හැකිය. ශ‍්‍රී ලංකාව තමන්ට අත්පත් කරගත හැකි පළමු අවස්ථා ගැන මුලින් අවධානය යොමු කිරීම සුදුසය.
සංචාරක කර්මාන්තයෙහි දත්ත දක්වන පරිදි පසුගිය කාලය තුළ ඉන්දියාවෙන් පැමිණ ඇති පිරිස සැලකිය යුතු ප‍්‍රමාණයකි. 2018 වසරේ හාර ලක්ෂ විසි පන් දහසක් පමණ සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇත. චීනයෙන් පැමිණි සංචාරක පිරිස දෙ ලක්ෂ හැට පන්දහසකටට මදක් වැඩිය. බි‍්‍රතාන්‍යයෙන් ද දෙ ලක්ෂ පනස් හතර දහසක පමණ පිරිසක් පැමිණ තිබේ. එයින් පසු 2019 වසරේ දී ද, වැඩිම සංචාරක පිරිසක් එන්නේ ඉන්දියාවෙන්ය. එය තුන් ලක්ෂ පනස් පන් දහස ඉක්මවා ඇත. බි‍්‍රතාන්‍යයෙන් එක් ලක්ෂ අනූ අට දහසක් සහ චීනයෙන් එක් ලක්ෂ හැට හත් දහසක් බව දක්වයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයත් සමග දුර්වල වූ සංචාරක කර්මාන්තය තවමත් එහි යහපත් වර්ධනයක තිබුණු මුල් අවධිය කරා ගමන් කර නැත. ත‍්‍රස්තවාදය තුරන් කළ වහා වේගවත් වර්ධනයක් පෙන්නුම් කළ අතර පර්යේෂකයන්ට අනුව වසර 2025 වන විට ලක්ෂ විසි පහක සංචාරක පිරිසක් රටට ගෙන්වාගත හැකි වනු ඇතැයි ඉලක්ක කර තිබුණි. එවකට තිබුණ වාතාවරණය අනුව එය අපහසු එකක් නොවන බව පැහැදිලිව පෙනී ගිය කරුණකි.
වර්තමානයේ පවතින ව්‍යුහය අනුව අලූතින් හිතන්නට සිදුවී තිබේ. සංචාරක කර්මාන්තය ඕනෑම ආර්ථිකයක වැදගත් සංධිස්ථානයකි. විදේශීය සංචාරක වර්ධනයක් සැලසුම් කරනු හා සමානව රටවැසියන් ගේ සංචරණයට අවස්ථාව සැලසීම වැදගත්ය. එය මුලාරම්භයක් සපයන පදනමක් වනු ඇත. ඉන්දියාව පැවැත්ම වෙනස් කරගන්නට උත්සාහ ගනිමින් සිටී. එන්නත්කරණය බිලියනයක ඉලක්කය සාක්ෂාත් කරගෙන ඇත. එයට සමාන්තරව රට තුළ ගමනාගමනය විවෘත කර තිබේ. අලූත් දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග හා ගුවන් තොටුපොල සංවර්ධනය කරන්නට යයි. නිදහස ලබා ගත වූ කාලය තුළ ඉන්දියාව, ගුවන් තොටුපොල 74 ක් හදා තිබේ. වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය වසර හත තුළ තවත් ගුවන් තොටුපොල 62 ක් ඉදිකර අවසන් කර ඇති බව දැක්වේ. ඉදිරි වසර හත ඇතුලත ඉන්දියාව තුළ ගුවන් තොටුපොල 220 ක් දක්වා මෙම ප‍්‍රමාණය ඉහළ නංවන සැලැස්මකය. ඇතැම් ගුවන් තොටුපොල රජය ඉදිකරයි. තවත් කොටසක් පුද්ගලික අංශයෙන්ය. ඉදිකිරීම, පවත්වාගෙන යෑම සහ පසුව ආණ්ඩුවට භාර දෙන යෝජනා යටතේ සැලසුම් කරගෙන යන බව දැක්වේ.
අලූත් දුම්රිය මාර්ග විසි එකක් ඇති කරන අතර එමගින් ඉන්දියාව යා කෙරෙන යෝජනාවක් අගමැතිවරයා ප‍්‍රකාශයට පත් කරන්නේ ජන රජ දිනයේ දී ය. දැනට නවදිල්ලි නගරයෙන් පිටත්වන දුම්රිය සියයට අනුවකට වැඩි ප‍්‍රමාණයක් විදුලිය බලයෙන් ධාවනය වෙයි. ඉන්දියානු දුම්රිය සේවය දිනකට අඩුම තරමින් මිලියන විසි තුනක ජනගහනයක් රට තුළ ප‍්‍රවාහනය කරන බව දැක්වේ.
ගුවන් ගමන් හා දුම්රිය සේවා පුලූල් කිරීමට අමතරව රට පුරා විදුලිය බලයෙන් ධාවනය වන බස් රථ, කුලී ගමන් රථ හා ත‍්‍රීවිලර් සේවා ව්‍යාප්ත කරමින් සිටී. පුද්ගලික වාහන මිල දී ගැනීමේ දී පවා විදුලිය බලයෙන් ධාවනය වන වාහන වලට බදු සහන ඇත. විදුලිය අවශ්‍යතා ස`දහා රට පුරා සූර්ය බලශක්ති ව්‍යාපෘති අරඹයි. ජනගහනය වැඩි කොටසකට සංචරණ අවස්ථා ඇති කරන අතර එම සංචරණය පරිසරයට හානියක් නොවන පරිදි පරිවර්තනයට ද සෑහෙන උත්සාහයක නිරත බව පෙනේ. හරිත සංකල්පවලට ලැදි යුරෝපා සංචාරකයන්ට එය කදිම තොරතුරකි. පරිසරය ආරක්ෂා කරන පියවර ඇති රටවල සංචාරය කරන්නට ඔවුහු පෙළැඹෙති.
පසුගිය වසරේ ජුලි මාසයේ දී සංචාරක කර්මාන්තය පැත්තෙන් දුර්වලම තැනෙකට ඉන්දියාව තැනකට වැටී තිබුණි. එකල හෝටල් ව්‍යාපාරිකයෝ දක්වන ලද පරිදි කොවිඞ්වලින් පසු කර්මාන්තයට අත්වන ඉරණම ගැන සංකා තිබුණි. සංචාරක ස්ථාන විසි පහක ක්ෂේත‍්‍රයේ නියුතු අය සම්බන්ධව කරන ලද තොරතුරු විමර්ශණයක දී කවදා පුනර්ජීවනයක් ඇති වෙනු ඇත් ද යන්න සැක සහිත බව දක්වා තිබුණි. එහෙත් මෙම අසුබ පැති වෙනස් වෙමින් තිබේ. ගමනාගමනයට අවස්ථාව සමග රට තුළ සංචරණය ඇරඹී ඇත. පසුගිය වසරේ දෙසැම්බර් සිට 2021 මාර්තු දක්වා ගෝව, හිමාචල් ප‍්‍රදේශ්, කෂ්මීර්, කේරළ සහ සිකීම් යන පැතිවල සංචාරකයන් බහුලව ගැවසෙන්නට පටන්ගෙන තිබේ. ගුවනින් හෝ ගොඩබිමින් ප‍්‍රදේශ අතර ගමනාගමනය පහසු කිරීම මෙකී සංවර්ධනයට බලපා ඇති සාධකයකි. අනෙක තාක්ෂණය විශාල වශයෙන් භාවිතා කර ඇත. ගමන් බිමන්දහා ඇති පහසුව හා ගමන් කළ හැකි තැන් ගැන සවිස්තරව කරුණු දක්වන විශේෂ මෘදුකාංග රට තුළ භාවිතා වෙයි. දේශීය සංචාරකයන්ට පවා මග පෙන්වීමක් වෙනම අවශ්‍ය නැත. තමන්ටම කරුණු සොයාගෙන නොයෙක් දිශාවලට ගමන් කළ හැකි පරිදි දත්ත යාවත්කාලීන කර ඇත. සෑම මාර්ග පද්ධතියකම පාහේ තොරතුරු අන්තර් ජාලයේ තිබේ. පසුගිය වසරවල අඩුම අගයක් බවට පත්වූ සංචාරක කර්මාන්තයේ ආදායම ඉදිරි වසර හෝ දෙක ඇතුළත නැවත වේගයෙන් වර්ධනය වනු ඇති බවට තොරතුරු හෙළි කරයි.
ශ‍්‍රී ලංකාව ද කොවිඞ් මර්දනයට විවිධ පියවර ගෙන ඇත. එන්නත්කරණය ඉතාම සාර්ථකත්වයක් කරා ගමන් කළ රටකි. වැඩිහිටි ජනතාව ස`දහා තුන්වන මාත‍්‍රාව ද එන්නත් කිරීම අරඹා තිබේ. කොවිඞ්වලට ඔරොත්තු දෙන තරමට ජන සමාජය වේගයෙන් හරවන්නට සමත්වූ අතර එහි වාසි ඉක්මනින් ලබාගත යුතුව ඇත. විනිමය අතින් අඩු තැනක සිටින රටට සංචාරක කර්මාන්තය වාසි ගෙන එනු ඇත. නිසි වැඩ පිලිවෙල වැදගත්ය. කරුණු කියා දී සංවාරක පිරිසගේ විශ්වාසය දියුණු කරගත යුතුය. ආදායම් මාර්ගයක් පමණක් නොව මෑත කාලීන සිද්ධි හෙයින් මානසික වශයෙන් බි`ද වැටීමට ලක් වූ පිරිසට පවා සහනයක් ලබා දිය හැකි අංශයකි. විවේකය ගත කරන අතර නැවත ධෛර්යවන්තව නැගී සිටින්නට සංචාරක කර්මාන්තය පිටිවහලකි.
සංචාරක කර්මාන්තයේ යටිතල පහසුකම් සදහා ඉන්දියාව කරගෙන යන වැඩ පිලිවෙල හා සමාන දැවැන්ත වපසරියක් ආවරණය කිරීම අපට පහසු නැත. ශ‍්‍රී ලංකාව තමන්ට එළැඹිය හැකි ව්‍යුහය තුළ තද වෙනස්කම් කළ යුතුය. එයින් ඇති කරන පරිවර්තනය ආර්ථිකයෙහි දැන් පවතින හැඩය සම්පර්ණයෙන් වෙනස් කරනු ඇත. කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කර එහි වාසි ලබන්නට කලින් රටවල් අතර වාසිදායක තොරතුරු හවමාරු කරගත හැකිය. අලූත් පැති ගැන සොයා බැලීම අවශ්‍යය. ඉන්දියානු ක‍්‍රමයෙන් ආදර්ශ ගැනීමට හැකිය. එරට දැවැන්ත වෙළද පොල තුළ පවතින අත්දැකීම් විමර්ශණය කරන විට ශ‍්‍රී ලංකාවේ ඉලක්ක පහසුය.
|