» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/12/2022 - ඉරිදා ලංකාදීප
සම්බන්ධතා ජාල ඔස්සේ නිර්මාණය වන අලූත් අවස්ථා

සම්බන්ධතා අලූතින් ගොඩනැගීම විසි එක්වැනි සියවස තුළ සිදුවන වැදගත් පරිවර්තනයකි. නවීන ආර්ථිකයක් තුළ සබදතාවලින් ගොඩනැගෙන අලූත් අවකාශය දැවැන්ත එකක් බව තක්සේරු කර තිබේ. පැරණි මතිමතාන්තර ඉවත්කරන අතර අනියත බිය තුරන්වීම සබදතාවල මුලික අවශ්‍යතාවයකි. ඉන්දු ශ‍්‍රී ලංකා ජන සමාජ අතර පැවැති දුරස්ථභාවය තවත් අඩු කරමින් යාපනය හා චෙන්නයි අතර ගුවන් ගමන් පසුගිය දා නැවත ආරම්භ කෙරිණ. 1970 සිට එයාර් ලංකා ගුවන් යානා කොළඹ සිට යාපනය ඔස්සේ චෙන්නයි දක්වා පියාසර කරමින් පැවැති අතර ත‍්‍රස්තවාදී ගැටුම් ගුවන් ගමන් අවහිර කළේය. ත‍්‍රස්තවාදී ක‍්‍රියා හේතුකොටගෙන ශ‍්‍රී ලංකාවේ උතුර හා ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශය අතර පැවැති බෝට්ටු හා මගී නෞකා සේවා ද අත්හිටුවනු ලැබීය.

දෙරට අතර ආසන්නම ස්ථාන ඔස්සේ තිබුණ සබදතා නතරවීම සමාජ ආර්ථික ප‍්‍රශ්න උත්සන්න කරන ලද බව නොරහසකි. ත‍්‍රස්තවාදයෙන් භීතියට පත් ජනතාව ආර්ථික විෂමතාවලට ගොදුරු වූ අතර එය අවාසනාවන්ත තත්ත්වයකි. ලක්ෂ ගණනක් දෙමළ ජනතාව සරණක් පතා පලා ගිය අතර ලාංකේය සම්භවයක් සහිත සෑහෙන පිරිසක් තවමත් දකුණු ඉන්දියාවේ කදවුරුවල ජීවත්වෙති. කටුක ජීවිත ගතකරන ඔවුන්ට විසදාගත යුතු ප‍්‍රශ්න සෑහෙන ප‍්‍රමාණයක් ඇත. ජීවිතය බේරාගැනීම සදහා නීති විරෝධී මාර්ග ඔස්සේ පලාගිය ඇතැම් දෙනෙකුට ඔවුන්ගේ අනන්‍යතාව පවා ඔප්පු කළ නොහැක. එවැනි සිද්ධි සංකීර්ණ ප‍්‍රශ්න වශයෙන් ඉතිරි වී තිබේ.

රටවල් යා කෙරෙන, ආර්ථික එකතු කෙරෙන නවෝත්පාදන උපායමාර්ග ඔස්සේ ජීවිත වලට අලූත් බලාපොරොත්තු ඇතිවේ. හැත්තෑව දශකයේ පැවැති පසුව අත්හැර දැමූ ගුවන් ගමන් නැවත ඇරඹෙන්නේ 2019 වසරේ දී ය. පලාලි හා කන්කසන්තුරේ ගුවන්තොටුපොල නවීකරණය කෙරිණ. ඉන්දියානු රජයේ ආධාර ද ඒ සදහා ලැබුණ අතර කොවිඞ් ව්‍යසන තත්ත්වය යළිත් අහිතකර බලපෑමක් විය. දෙවසරක් හා මාස අටකට පසු නැවතත් ගුවන් ගමන් ඇරඹීම අනාගතය කෙරෙහි බලාපොරොත්තු ඇති කරන කරුණකි. මදුරෙයි, ටි‍්‍රචි, තිරුවේන්ද්‍රපුරම් දක්වා ගුවන් ගමන් ඉදිකි කාලයේ ආරම්භවනු ඇති අතර සංචාරක කටයුතු ඉලක්ක කරගෙන මාලදිවයිනට ද ගමන් කළ හැකි පරිදි ගුවන් සේවා ඇරඹෙනු ඇතැයි දැක්වේ. මගීන් බහුලවුවහොත් පුද්ගලික ගුවන් සමාගම් නගර අතර සේවා තවත් තර කරන්නට ඉඩ තිබේ. කොළඹ සිට පවත්වන සේවා සදහා වැය කරන ධනය හා කාලය සමග සසදනවිට උතුරු අර්ධද්වීපයේ සිට කෙරෙන සංචාරය සෑහෙන වාසිදායකය.

ඉන්දියාව විශාල රටකි. එකිනෙකට වෙනස් ප‍්‍රාන්තවල දැවැන්තභාවය විස්මිත අත්දැකීමකි. ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රටක් වන අතර විශාලතම නිෂ්පාදකයෙකි. රටට අවශ්‍ය කරන බලශක්තිය, ඉදිකිරීම් උපාංග, සංචාරක ඇතුළු එකිනෙකට වෙනස් විවිධ සේවා අවශ්‍යතා ප‍්‍රමාණයකි. ලෝකයේ නොයෙක් රටවල නිෂ්පාදකයන් ඉන්දියාවේ වෙළ`දපොළ දිනා ගැනීමේ තර`ගයක පසුවේ. රටවල් ගණනාවක් ආර්ථික හා සේවා ගිවිසුම් අත්සන් කර ඇති අතර ඉන්දීය ආර්ථිකයෙහි කොටස්කරුවන් බවට පත්වීමට සුදානම්ය. ඉන්දීය ආර්ථිකය ටි‍්‍රලියන පහක සීමාව ඉක්මවන ලද අතර ලෝකයේ පස්වැනි විශාලතම ආර්ථිකය වී තිබේ. ලබන වසරේ ආර්ථික වර්ධනය සියයට 6.8 ක් වන බව පුරෝකථනය වී ඇත. මෙම වර්ධනය සමග අලූත් අවස්ථා ඇතිවේ. විදුලිය අවශ්‍යතාව වැඩිවේ. ඛනිජ තෙල්, ගෑස් සදහා ඉල්ලූම ඉහල යනු ඇත. විදුලිය නිපදවීම සදහා අලූත් ආයෝජන අවස්ථා ඇති අතර ඒවා සීමා මායිම් පරාජය කර ඇති බව පෙනේ. භූතානයේ ආයෝජනය කර ජල විදුලිය උත්පාදනයට පියවර ගෙන ඇති ඉන්දියාව යුරෝපා සංසදය සමග හයිඩ‍්‍රජන් තාක්ෂණයෙන් විදුලිය නිපදවන ක‍්‍රියාමාර්ග කෙරෙහි අවතීර්ණ වී සිටී. සවුදි අරාබිය ඉන්දියාවේ බටහිර ප‍්‍රදේශයේ ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපනය කරයි. මෙයට අමතරය කර්නාටක ප‍්‍රාන්තයේ ඉන්ධන සංචිතයක් සදහා ගබඩා පහසුකම් සකසයි. දැනට ඉන්දියාව දින දහයකට අවශ්‍ය ඛණිජ තෙල් තොග පවත්වාගෙන යන අතර මෙම අලූත් ගබඩා පහසුකම් සමග එය දින විසි දෙකක් දක්වා ප‍්‍රමාණවත් වනු ඇත.

ඉන්දියානු ආර්ථිකය සමග එකතුවන ජගත් ප‍්‍රජාව අලූත් අවස්ථා අත්පත් කරගනිමින් සිටී. ආසන්න ශ‍්‍රී ලංකාව යොමුවිය හැකි ක්ෂේත‍්‍ර ගණනාවකි. ත‍්‍රිකුණාමලය වරාය හා ආශි‍්‍රත ප‍්‍රදේශය කලාපීය ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කළ හැක. ඉන්දියාවේ ඛනිජ තෙල් අවශ්‍යතාව වසර 2030 වන විට සියයට පනහකින් වැඩිවන අතර පිරිපහදු අවශ්‍යතාව සියයට තිහකින් ඉහළ යනු ඇතැයි සැලකේ. රටවල් දෙක අතර නල මාර්ගයෙකින් ඛනිජ තෙල් හුවමාරුව යා කළහොත් පිරිවැය අඩු වී පාරිභෝගිකයන්ට පහසු අවස්ථා ඇතිවේ. මන්නාරම හා අවට කලාපයේ සුළං විදුලිය නිපදවිය හැක. ශ‍්‍රී ලංකාව දැනට නිපදවන විදුලිය මෙන් හය ගුණයක ශඛ්‍යතාවයක් තිබේ. අතිරේක විදුලිය ද ඉන්දියාවට විකිණිය හැක. ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශයේ සිට සංචාරක මගී නෞකා සේවා සදහා අවස්ථාව තිබේ. දෙරට අතර නාවික ගමනාගමනය අලූත් දෙයක් නොවේ. කොළඹින් ගමන් අරඹන දුම්රියක තලෙයිමන්නාරම දක්වා ගමන් කර එතැන් සිට මුහුදෙන් දකුණු ඉන්දියාවට ගමන් කර තිබේ. ගොඩබිම ඔස්සේ මාර්ගයක් තැනීම අපහසු ව්‍යාපෘතියක් නොවේ. රටවල් දෙක යා කළහොත් ආර්ථික වශයෙන් වෙනස්කම් සිදුවේ. දියුණුවෙමින් පවතින ශ‍්‍රී ලංකාවට වැඩි වාසියක් අත්වේ.

කනෙක්ටිවිටි නොඑසේනම් සම්බන්ධතා තුළින් අනපේක්ෂිත අවස්ථා නිර්මාණය වේ. තාක්ෂණය සබදතා ඇති කරන්නට ඉඩ දෙයි. දුරකතනය හා අන්තර් ජාලය සබදතා සම්බන්ධ අලූත් මානයක් බිහිකර තිබේ. දශක ගණනකට කලින් ලෝකයේ දෙපැත්තක විසු දෙදෙනෙකු යා කරන්නට සති ගණනක් ගත විය. ගුවන් ගමන් පහසුකම් මත රදා පැවැතිණ. වර්තමානයේ දී තත්පර ගණනකින් සජීවීව සම්බන්ධ විය හැක. එයින් නිර්මාණය කරන පසුබිම තුළ ඇති පහසුව අපට අත්විදිය හැකිය. රටවල් අතර සම්බන්ධතා තවත් ප‍්‍රසාරණය වෙමින් පවතී. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අන්තර් ජාලයය ඉක්මවන මානව සබදතා ඇති කරන පියවරකට ගමන් කරන අවස්ථාවක් ඇත. එය දැනට තක්සේරු කරන අවකාශය ඉක්මවා යන භාවිතාවකි. එවැනි දීර්ඝ කාලීන පියවරක් රටට අවශ්‍යය.

ඉන්දු ශ‍්‍රී ලංකා අනන්‍යතාව ආරක්ෂා කරගෙන, නව නීති රීති යටතේ රටවල් දෙක අතර සබදතා ඇති කිරීම කාලීන අවශ්‍යතාවයකි. මේවායෙන් ප‍්‍රයෝජන ලැබෙන්නේ ජන සමාජයටය. රටකින් රටකට ගමන් කිරීම, එම රටවල ඇති කර්මාන්ත හෝ ව්‍යාපාර වලින් ප‍්‍රයෝජන ගැනීම නිර්බාධී ක‍්‍රමයකට හැරවීම ප‍්‍රයෝජනවත්ය. ඇමරිකාවේ රේගු ඒකකයක් අබුඩාබියේ ඇත. එතැනින් ගුවන්ගතවන මගීන්ගේ සියළු නිශ්කාශන කටයුතු සම්පුර්ණ වේ. ඇමරිකාවේ දී පරීක්ෂාවක් රහිතව පිටත්ව යා හැක. ඉන්දියාවට යන මගීන් සදහා එවැනි පර්යන්ත ඉදිකළහොත් අලූත් මගීහු හිරිහැර රහිතව ගමන් කරන්නට කොළඹට පැමිණෙනු ඇත. ආර්ථික ප‍්‍රතිසංස්කරණ කරන අවස්ථාවක මෙවැනි අලූත් දේ කල්පනා කළ හැකිය. පලාලි හා චෙන්නයි අතර ගුවන් ගමන් අරඹනවිට එහි ඇති අලූත් අවස්ථා ප‍්‍රයෝජනවත්ය. ආර්ථික හා සමාජ සම්බන්ධතා තව දුරටත් දියුණු වෙන විට ලැබෙන අවස්ථා තවත් පුලූල් වේ. ආකෘතිගත සමාජයක පැවැත්ම අලූත් ව්‍යුහයකට ඇතුළුකිරීම පහසු නැත. ප‍්‍රමාණය ඉක්මවා අවදානමක් ගැනීමට සූදානම් නැති කොටසක් ද සමාජයේ ඇත. වෙනස්කම්වලට කැමැති නැත. මහා මාර්ගවලින්, නැව්, ගුවන් යානා සහ දැන් තාක්ෂණයෙන් ලැබී ඇති සම්බන්ධතා තවත් වටයකින් දියුණු කළහොත් ලැබෙන වාසි අවාසි සමාජයක් වශයෙන් අවධානයට ගත යුතු කරුණකි.