නවදිල්ලියේ ප‍්‍රවේශ සංකේතය වශයෙන් නමක් දිනාගෙන තිබුණ රාජ්පාත් මාර්ගයය කර්තව්‍යපාත් යනුවෙන් පසුගියදා නම්කෙරිණ. යටත් විජිතයක්ව තිබුණ ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ඉතාම සුන්දර හා පරිපාලන ප‍්‍රදේශ යා කෙරෙන මෙම මාර්ගය එකල පස්වැනි ජෝර්ජ් රජු නමින් නම් කර තිබුණි. රාජ් ගේ පාත් යන හින්දි පරිවර්තනයට සිමා කරමින් මාර්ගයේ නම වෙනස්කරන්නේ නිදහස ලැබීමෙන් ඉනික්බිතිවය. හැත්තෑ පස් වසරකට පසුව අලූතින් නාමකරණය වූ කර්තව්‍යපාත් මාර්ගය අසල අලූත් බල කොරිඩෝවක් ඉදිවෙයි. බලකොරිඩෝව වශයෙන් සදහන් කිරීමට ද හේතුවක් තිබේ. ජනාධිපති හා අගමැති කාර්යාල, පාර්ලිමේන්තු සංකීර්ණය සහ රජයේ කාර්යාල සෑහෙන ප‍්‍රමාණයක් එහි ස්ථාපිත කෙරේ. ඉන්දිය ආණ්ඩුව ප‍්‍රකාශ කරන පරිදි මෙම ප‍්‍රදේශය සංවර්ධනය කෙරෙන්නේ ජනතාවගේ කර්තව්‍ය උදෙසා එනම් එදිනෙදා කටයුතු පහසුව සදහාය.
ජනාධිපති මන්දිරය වන ‘‘රාශ්ඨපති භවන්’’ සිට ‘‘ඉන්දියන් ගේට්’’ එනම් යුද ස්මාරකය දක්වා කිලෝ මීටර් තුනක දුරක් සංවර්ධන ව්‍යාපෘතියට අයත්ය. 2000 වසරේ දී ඇරඹුණ ඉදිකිරීම් 2026 වසර දක්වා සිදුකෙරෙනු ඇති බව දැක්වේ. සම්පූර්ණ ව්‍යාපෘතියට ඇස්තමේන්තු කළ මුදල ඉන්දියන් රුපියල් කෝටි විසි දහසකි. වෙනස්වන ඇස්තමේන්තු අනුව සම්පූර්ණ කටයුතු අවසන්වන පසු මෙහි පිරිවැය ගණන් බැලූ ප‍්‍රමාණය අභිබවා යනු ඇතැයි සැලකේ. ඇමරිකානු ඩොලර් වලින් බිලියන දෙකක් පමණ විය හැකි බව දළ වශයෙන් දැක්වේ. සාමාන්‍ය භූමිභාගයක කරන සංවර්ධනය සදහා අති විශාල මුදලක් වැය කිරීම ගැන ඇතැම් පාර්ශවවල විවේචන ඇත. අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව වෙනස් මතවාදවලට අනුව තීරණ වෙනස්කරන සූදානමක් නැත.
මෙම බල කොරිඩෝවේ ඉදිකරන සැලසුම් සමග ඉන්දියාවේ පෞරාණිකභාවය අහිමිවන අතර නවීකරණයක් සිදුවන බවට ප‍්‍රශ්නයක් ඇතිවිය. පැරණි රාමුවේ ජීවත්වීමට කැමැති විද්වත් වෘත්තිකයන් හැටදෙනෙකු මෙම වෙනස්කම් අනුමත නොකරන බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිඛිත සංදේශයකින් දැනුම් දුන්නේය. දීර්ඝ කාලයක් ඉන්දියාවට සේවය කළ ප‍්‍රධාන පෙලේ රාජ්‍ය නිලධාරීහු එම ලේඛනයට අත්සන් කර තිබුණි. ඉතිහාසය අමතක අතර පරිසරයට ද හානි කරන බව පැමිණිලි කළ කණ්ඩායමේ අදහසට සවන් නොදුන් ආණ්ඩුවට විරුද්ධව පාර්ශව ගණනාවක් අධිකරණයට ද පැමිණිලි කළේය. කෙසේ වෙතත් ඉන්දීය ශේෂ්ඨාධිකරණය මෙම සංවර්ධන කටයුත්ත අතහැර දැමිය නොහැකි බවට තීන්දුවක් දී ඇත.
මෙම බල ප‍්‍රදේශය වටා කිලෝ මීටර් දහයකට ආසන්න ඇවිදින මංතීරුවක් නිර්මාණය වන අතර වර්ග මීටර් හතලිස් දහසක අලූත් භූමිභාගයක් එහි එන සංචාරක පිරිස් වෙනුවෙන් වෙන් කෙරේ. පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට නුදුරින් අලූත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිවේ. දැනට ඇති පැරණි පාර්ලිමේන්තුව වසර අනූ අටක් පැරණි බව වාර්තා සදහන් කරයි. අලූත් ගොඩනැගිල්ල රාජ්‍ය සභාවේ මන්තී‍්‍ර ආසන 888ක් හා ලෝක් සබා මන්තී‍්‍ර ආසන 384 කින් සමන්විතය. වසර 125 ක් අනාගතය සලකා ඉදිකෙරෙන බව සැලසුම්වල දැක්වේ.
මෙම කිලෝ මීටර් තුනක සංවර්ධනය අලූත් බල කොරිඩෝවක් යනුවෙන් නම් කරන අතර එහි අවශ්‍යතා සලකා නිවාස පමණක් නොව ජාතික කෞතුකාගාරය ද නැවත ස්ථාපිත කිරීම සැලැස්මට අයත්ය. මධ්‍යම පරිපාලන කාර්යාංශයක් ද මෙහි ඉදිකිරිම්වලට ඇතුලත්ය. පරිසරය ද සංවර්ධන කාර්යයෙහි දී අවධානයට ගෙන ඇති පැත්තකි. අලූත් පාලම් දහසයක් හා ඇලමාර්ග දහනමයක් නිර්මාණය වේ. උද්‍යාන අලංකාර කිරීමට ගස් සිටුවන අතර වීදි පහන්, මහජනතාවට අවශ්‍ය වැසිකිලි පහසුකම් හා රථවාහන ගාල් කිරීමේ ස්ථාන ද අයත්ය.
ඉන්දියාව සිය ආකෘතිය වෙනස්කරමින් සිටින අතර ස්වකීය අලූත් අනන්‍යතාවයක් නිර්මාණය කරමින් සිටී. මෝදි ආණ්ඩුව තීරණය කරන සංවර්ධන යෝජනාක‍්‍රම මහජන යහපතට පමණක් නොව අවසානයේ දී විශාල රාජ්‍යයක පිලිබිඹුව ද සනිටුහන් කරයි. තවමත් දුගී ජනතාව ජීවත්වන, ආධාර් කාඞ් මගින් සහනාධාර සපයන රටට ඔරොත්තු නොදෙන වියදම් ගැන සමාජයෙන් විවේදන ඇත. එහෙත් සංවර්ධනය හා තීරණ ගැනීම ඉදිරියේ ආණ්ඩුව ශක්තිමත් තීරණවල පසුවේ.
තීරණ ගැනීමේ දී පාලකයන් දක්වන පරිතනතභාවය ආණ්ඩුවක ප‍්‍රතිරූපය දක්වයි. විවිධ පැතිවලින් සාකච්ඡා කර එළැඹෙන තීන්දුවක් පසුව එන අදහස් අනුව සංශෝධනය කිරීම දුබලතාවයකි. අනවශ්‍ය විවේචනවලට ඉඩ රහිත පසුබිමක් සැකසීම නායකත්වයක තිබිය යුතු ලක්ෂණයකි. ශ‍්‍රී ලංකාව නොයෙක් අවස්ථාවල පියවරක් ඉදිරියට තබන අතර පියවර දෙකක් ආපසු ගනී. මෑත භාගය තුළ සිදුවූ එවැනි සිදුවීම් අපට අත්දැකීමකි. නිලධාරීන්ට හොදින් සැලසුම් කරන්නට සිදුවන අතර නායකකයන්ට සම්පූර්ණ වටයකින් අවධානය යොමුකර තීරණ ගැනීමට සිදුවේ. ආපසු හැරෙන්නට සිදුනොවන පරිදි සැලසුම් සකස් කිරීම වැදගත්ය. ඇතැම් තීරණගැනීමේ දී සමාජයෙන් එන විවිධ අදහස්වලට ඔරොත්තු දෙන ශක්තිමත් භාවයක් නැත. කරුණු පෙළ ගැසෙනවිට මැති ඇමැතිවරු අනාගතය ගැන අවධානය යොමුකිරීම වෙනුවට ඉදිරියේ පැවැත්වෙන ඡන්දය ගැන උනන්දුව දක්වති. රට දියුණු කරන සැලසුම් පරාජය කරන්නට සමුපකාර ඡන්දයක් පවා ප‍්‍රමාණවත්වන අවස්ථා ඇත. එම ඡන්දයේ ප‍්‍රතිඵලයට බලපෑමක්වන සහ මාධයෙන් එන විවේචන නිසා ජනප‍්‍රියතාවය ගිලිහෙන හෙයින් සැලැස්ම වෙනස්කරන අවස්ථා තිබේ. මනාප ක‍්‍රමය මෙයට බලපා ඇති තදබල හේතු වී ඇති බව පෙනේ.
උද පවතින චක‍්‍රීය ස්වභාවය සලකන පසු අධ්‍යාපනය, විදුලිය, ඉන්ධන, ප‍්‍රවාහන සහ සෞඛ්‍ය ඇතුළු ක්ෂේත‍්‍රවල විශාල වෙනස්කම් කළ යුතුව ඇත. අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ තරගකාරීත්වයක් හා අවස්ථා ඇති කරන්නට අවශ්‍ය නමුත් තිරණ ගැනීමේ දී අවිනිශ්චිතතාවයක පසුවේ. සෑම ආණ්ඩුවකම පිලිවෙල නෙවෙනස්ය. විදුලිය නිෂ්පාදනයේ දී කළ හැකි වෙනස්කම් ගැන ආණ්ඩුවට තීරණයක් නැත. විශාල පිරිවැයක් දරා නිපදවන අතර ගාස්තුව පාරිභෝගිකයන්ට බරකි. අඩු මිලට විදුලිය නිපදවිය හැකි පුද්ගලික අංශයේ හෝ විදේශ ආයෝජන ගැන තීරණ නොගැනේ. නිලධාරීහු පවා තමන්ගේ වෘත්තීය ආරක්ෂා කරගැනීමට උත්සුක වෙති. සුපුරුදු ක‍්‍රමය තුළින් යැපෙන අතර පැරණි ව්‍යුහය බිදින්නට වෑයම් නොකරති. එවැනි පසුබිමක් තුළ සංවර්ධන ඉලක්ක ගිලිහේ. අද පවතින රින ආර්ථිකය අතීතයේ නොගත් තීරණ වලට ගෙවන දැවැන්ත වන්දියකි. අද තීරණ ගෙන රට පොහොසත් කළහොත් ශ‍්‍රී ලංකාවේ අනාගත පරපුරට පැවැත්මක් තිබේ. දේශපාලනය හා ආර්ථිකය වෙනස් පැති දෙකකි. ආසන්න රටක් වශයෙන් ඉන්දියාව අනුගමනය කරන පිලිවෙල සාකච්ඡා කළ යුතුය. දශක හතරක් පමණ ඇතුලත සිදුවූ වෙනස්කම්වලින් පසු දැවැන්ත ජනගහයට අවශ්‍ය ආහාර, බලශක්තිය හා සෞඛ්‍ය පහසුකම් සම්පූර්ණ කරගෙන තිබේ. ඉන්දියාවේ අධ්‍යාපන ප‍්‍රගතිය ගැන ජාත්‍යන්තරය අවධානය යොමු වී ඇත. ශ‍්‍රී ලංකාවට ද තමන්ගේ පැත්ත සලකා බලා තීරණ ගත හැකි ශක්තිමත් දේශපාලනයක්, ශක්තිමත් නිලධාරී පැලැන්තියක් සදහා සූදානමක් අවශ්‍යය.
|