ආර්ථික අපහසුතාවලට ලක්ව සිටින ජන කොටස් තෝරා ඔවුන් නගා සිටුවන ‘අස්වැසුම’ නමින් වන සමාජ සුබසාධන වැඩ පිලිවෙලක් ලබන ජුලි මාසයේ සිට ඇරඹේ. රජයේ සහනාධාර අපේක්ෂා කරන අයැදුම්පත් තිස් හත් ලක්ෂ දොලොස් දහසකට වැඩි ප‍්‍රමාණයක් ලැබී තිබුණි. ඒවායෙන් තෝරාගත් ජනකොටස් කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණය කර වසර තුනක කාලයක් දක්වා ප‍්‍රතිලාභ ගෙවනු ඇත. මෙයට අතිරේක වශයෙන් ශාරීරික වෙනස්කම් සහිත, වකුගඩු ආබාධිත හා වයස්ගත පිරිස සදහා ගෙවන ආධාර තව දුරටත් පවත්වාගෙන යන බව දැක්වේ.
සංවර්ධනය හා දුප්පත්භාවය අතර පැවැතිය හැකි සබදතාව හදුනාගැනීම රාජ්‍යයක වගකීමකි. මහජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර ජීවන මටට්ම උසස් කළ යුතු අතර එම තීරණ ගැනීමේ දී ගැටළු මතුවන අවස්ථා සහ මග හැරෙන ජනකොටස් තෝරා, මූලික පහසුකම් සැපයීම අනිවාර්ය කාරණයකි. ශ‍්‍රී ලංකාව ආර්ථික වශයෙන් සංකීර්ණ ගැටළු සහගත තැනක දැනට පසුවන නමුත් එක්තරා දියුණුවක් ලබා ගෙන සිටි රටකි. ත‍්‍රස්තවාදය, සුනාමි ව්‍යසනය, පාස්කු ඉරිදා ප‍්‍රහාරය හා පසුව ඇති වූ ලෝක ව්‍යාප්ත කොවිඞ් වසංගත තත්ත්වය මෙහිලා හානි ඇති කරන ලද බව සදහන් කළ හැකිය. කෙසේ නමුත් දීර්ඝ කාලයක් පුරා, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය, ආහාර හා බලශක්ති අංශ යනා දී වශයෙන් සෑහෙන පරාසයක සහනාධාර ආර්ථිකයක් නඩත්තු කරමින් සිටී. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් උසස් අධ්‍යාපනය, සෞඛ්‍ය හා පෝෂණ මටට්ම ප‍්‍රශස්තව පවතින මානව සම්පත රටට ශක්තියකි. සමාජයක් දියුණුවන විට සුබසාධන හා සහනාධාර ක‍්‍රම සංශෝධනය කළ යුතුය. සුබසාධන කටයුතු සදහා ධනය බෙදන ආණ්ඩුව එයට අවශ්‍ය මුදල්, මහජනතාවගෙන් අයකරන බදු වලින් උපයා ගන්නා බව ද අමතක කළ යුතු නැත. දුප්පත්කම දුරු කිරීමට ගෙවන සහන මුදල අවසානයේ දී, ජනතාවගෙන්ම අය කරන බදුවලින් කොටසකි.
යැපෙන මටට්මින් ඉවත්කර ස්වාධිනව ජීවත්වන ප‍්‍රජාවක් සහිත රටක් ගොඩනගන්නට අවශ්‍යය. දේශපාලනය, දූෂණ, වංචා හෝ වෙනත් චෝදනා රට ගොඩනගන්නට නොහැකි වූ බරපතල හේතු සේ ඉදිරිපත් කෙරේ. පසුගිය දශක හතහමාර ඇතුලත රට ඉදිරියට ගෙන යන අවස්ථා මග හැරීම ගැන අවධානය යොමු කර, පාඩමක් ඉගෙන ගන්නා අතරවාරයේ අනාගතයේ සාර්ථක විය හැකි මාර්ගය තෝරාගැනීම වැදගත්ය. ලෝකයේ දුප්පත්ව සිටි රාජ්‍යයන් ශ‍්‍රී ලංකාව අභිබවා ඉදිරියට ගොස් තිබේ. ශ‍්‍රී ලංකාවට ද ඉලක්කයක් ඇති අතර, දුප්පත් පවුල් සංවර්ධන ක‍්‍රියාවලියට ඇතුළු කරගතහොත් සුබසාධනය අඩු කළ හැක. දුප්පත්වන විට ආධාර දෙන අතර සංවර්ධනය වන විට එහි ප‍්‍රතිලාභ සෑම ජන කොටසකටම ලැබෙන සැලසුම් සකස් කළහොත් සැනසිලිදායක ප‍්‍රජාවක් බිහිවේ.
කොවිඞ් වසංගත කාලයේ ඉන්දියාවේ පමණක් ජනගහනය තවත් මිලියන හාරසියයකින් දුප්පත් විය. ලොක්ඩවුන් කරන විට මිලියන සියයකට පමණ රැකියා අහිමි වූ අතර නගරයේ ජීවත්විය නොහැකි වූ බැවින් දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් උන් හිටි තැන් අමතක කර නැවත ගම් බිම් බලා පිටත්ව ගියේය. දුෂ්කරතා මැද පසුවූ ජනතාවට ආහාර පමණක් නොව මුදල් ද ලබාදෙන්නට ඉන්දියාව පියවර ගත්තේය. එය ජාත්‍යන්තර අවධානයට පත් කරුණකි.
2020-21 කාලයේ දී සියයට 6.7 කින් දළ දේශීය නිෂ්පාදිතය පහත වැටුණ ඉන්දියාව ඊළග අවුරුද්දේ දී සියයට 8.7 ක වර්ධනයක් ළගා කර ගෙන ඇත. එම වර්ධනය ආශ්චර්යයක් සේ දක්වයි. මෙම සංවර්ධනය පිටුපස ඇති රහස වහාම ක‍්‍රියාත්මක කළ ප‍්‍රතිසංස්කරණ බව දැක්වේ. ආහාර නිෂ්පාදනය නැංවූ අතර සීනි, තිරිගු සහ තවත් ද්‍රව්‍ය අපනයනය තහනම් කර පාරිභෝගිකයන්ට ලබාගැනීමේ පහසුව ඇති කළේය. රජයට බර තබමින් අසාර්ථක හෝ අලාභ ලබන ව්‍යවසාය වශයෙන් පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන සියයට සියයක් පුද්ගලික අංශයට පැවැරීය. ලාබ උපයමින් සිටි රජයේ ආයතන පුද්ගලීකරණය සමග තවත් කාර්යක්ෂම හා තරගකාරීත්වය ඇති කරන ලද අතර එය ආර්ථිකය නැවත නගාසිටුවන්ට හේතුවිය.
ආර්ථික හා සමාජ ප‍්‍රතිසංස්කරණ හදුන්වාදීමේ දී, තොරතුරු තාක්ෂණය යහමින් භාවිතා කළ ඉන්දියාව භාණ්ඩ බෙදාහැරිම හා තොග පවත්වාගැනීම සදහා දත්ත උපයෝගී කරගැනීමට යුහුසුළුවිය. ඛනිජ තෙල් පරිහරණය අවම කරන අතර විදුලිය උත්පාදනයට සූර්ය කෝෂ හා හයිඩ‍්‍රජන් තාක්ෂණය ප‍්‍රයෝජනයට ගැනීමට තීරණය කළේය. ජනතාවට ගෙවන සහනාධාර පවා තාක්ෂණයට හරවන ලද අතර ආධාර් කාඞ් ක‍්‍රමය එයින් එකකි. දුප්පත් ජනතාවට ලැබෙන එම කාඞ් පත ඉදිරිපත් කිරීමෙන් වෙළද පොල මිල දී ගැනීම් වල දී ඉන්දිය ආණ්ඩුවේ වටට්ම් ලැබුණ අතර එය නිලධාරීවාදය, වංචනික ක‍්‍රම හා අසාධාරණය බැහැර කරන්නට හේතුවක් විය.
සංවර්ධනය සමග ඉදිරියට ගමන් කරන ඉන්දියාව සුබසාධනය සීමා කරන පියවරට අවතීර්ණ වනු ඇත. දශකයකට දෙකකට කලින් ඡුන්ද කාලයේ දී ජන්ද දායකයන් පෙළැඹවීම සදහා ආහාර පාර්සල්, රෙදිපිලි, ?පවාහිනි යන්ත‍්‍ර, ශීතකරණ තොග වශයෙන් බෙදා දෙමින් කටයුතු කර ජනතාව රවටන ලද රටක් අද මැතිවරණ කොමිසමක් යටතේ සාධාරණ ඡන්ද පවත්වන තැනට පත්ව ඇති අතර තීරණ ගැනීමේ දී විනිවිදභාවය අංක එකට උපයෝගී කරගෙන ඇත. සහනාධාර වෙනුවට සංවර්ධනය තෝරාගැනීම ශ‍්‍රී ලංකාවේ නායකයන්ගේ ද උත්සාහය විය යුතුය.
|