මිනිස් ජාවාරම අලූත් යෙදුමක් නොවේ. ලෝක ඉතිහාසයේ නොයෙක් යුගවල මනුෂ්‍යයන් විසින්ම සිය ප‍්‍රජාව විවිධාකාරයෙන් අනිසි ලෙස උපයෝගී කරගෙන තිබේ. වර්තමානයේ ද දැවැන්ත අපිරිසිදු ක‍්‍රියාපටිපාටියකි. දුප්පත් ජනතාව රටවන උපක‍්‍රමයකි. බටහිර ඇතුළු රටවල දියුණුව සහ එහි ඇති අවස්ථා ගැන ඇගිල්ල දිගු කර පෙන්වන අතර එතැනට ළගාවීමට හැකි බව දක්වති. ඒවාට ගොදුරුවන පිරිසක් සිටී. නීති විරෝධීව රටින් රටවලට පැන ගොස් තම අනාගතය සාක්ෂාත් කරගන්නට තැත් කරන සෑහෙන පිරිසක් විපතට පත්වෙති. ජීවිත අසරණකර ගැනෙති. ඔවුන්ගේ අනාගතය පමණක් නොවල එම තීරණය පසුපස සිටින ඥාතීන් හිතවතුන් ද පත්වන්නේ බරපතල අපහසුතාවයකටය. අනෙක රටක කීර්ති නාමයට ද බලවත් කැලලකි.
ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්ත පොලිසිය පසුගිය දා ශ‍්‍රී ලාංකිකයන් හැටකට වැඩි පිරිසක් පමණ අත් අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය මෙම සිද්ධිය හුවා දක්වා ඇත. කොටස් වශයෙන් ඉන්දියාව වෙත පැමිණ ඇති අතර ටිචිකොන් වරාය වෙත බෝට්ටුවකින් පැමිණි තිස් අට දෙනෙකු පසුව කර්නාටක ප‍්‍රාන්තයේ මංගලාරු හි තාවකාලික නවාතැන් පොලක සිටිය දී හමු වී තිබේ. තවත් කණ්ඩායමක් තමිල්නාඩු ප‍්‍රාන්තයේ මදුරෙයි හි දී පොලිස් භාරයට ගෙන ඇත. කර්නාටක සහ තමිල්නාඩු පොලිස් ප‍්‍රධානීහු මෙම සිද්ධි ගැන ඒකාබද්ධ විමර්ශණයක් අරඹා ඇත. සියළුම දෙනා මෙරට උතුරු නැගනහිර ප‍්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන් සමග මෙම කණ්ඩායම් වලට අනුබල දෙන ලද ඉන්දීය ජාතික නියෝජිතයන් හත්දෙනෙකු ද සිට ඇති අතර ඔවුන් ද අත් අඩංගුවට පත් ව ඇත. මෙම පිරිස් මෙහෙයවන ලද පුද්ගලයෝ ගැන දැනට කරුණු සොයා බලමින් සිටිති.
ශ‍්‍රී ලංකාවෙන් පිටත්වන මෙම පිරිසට බටහිර රටවලට පලායාමේ ඉලක්කයක් තිබේ. දකුණු ඉන්දියාව තාවකාලික තැනකි. අත් අඩංගුවට ගත් පිරිස ප‍්‍රකාශ කරන අන්දමට කැනඩාව කරා ළගාවීම අරමුණය. එහි ගොස් රැකියාවක් සොයා ගෙන අලූත් ජීවිතයක් ආරම්භ කරන බලාපොරොත්තුවක සිටි බව දැක්වෙයි. මෙකී නීති විරෝධී ගමන් සදහා එක පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දහයක් පමණ තැරුව්කරුවන්ට ගෙවා තිබේ.
උතුර නැගෙනහිර තරුණන් පමණක් නොව දකුණේ ජීවත්වන පිරිසකට ද ලෝකයේ වෙනත් රටකට පලාගොස් අවස්ථා සොයා ගැනීමට ප‍්‍රයත්න දරන බව පෙනේ. පසුගිය කාලයේ දී බෝට්ටුවල නැගී පලා යන්නට තැත් කරන ලද පිරිස් ගාල්ල ප‍්‍රදේශයෙන් පමණක් නොව පුත්තලම හා හලාවත ආශ‍්‍රිතව ද අත් අඩංගුවට පත්විය. යුරෝපය, කැනඩාව, ජපානය, ඔස්ට්‍රේලියාව හෝ හැකියාවක් තිබුණොත් බි‍්‍රතාන්‍ය දක්වා ළගාවීමට උත්සාහ කරති. මෙම තරුණන් දිරිගන්වා ඔවුන්ගෙන් මුදල් අය කරන ජාවාරම් තිබේ. ඉතාම අමානුෂික අන්දමට මිනිස් ජාවාරම සිදුවන බව වාර්තා වි ඇත. බෝට්ටුවල සැගවී, කන්ටේනර් තුළ සිරවී දේශ සීමා හරහා ගමන් කරවීම බහුලව සිදුවෙයි. ඉතා අනතුරුදායක සිද්ධිවන අතර ආරක්ෂක අංශවලට හසුවීමෙන් සිරගතවන අවස්ථා බහුලය. අතරමැදියන්ට මුදල් ගෙවන ඉතා දිළිදු පිරිස් නීති කටයුතු වලට ධනය නැති තත්ත්වයකට පත්වන අතර නිදහස් කරගැනීම දුෂ්කරය. අවුරුදු ගණන් දීර්ඝ සිරදඩුවම් නියම වී ඇත.
රටවල් අතර නීත්‍යානුකූල ශ‍්‍රම හුවමාරු අවස්ථා තිබේ. නියම කරන ලද ප‍්‍රමිති අනුව අධ්‍යාපනය හා වෘත්තීය සුදුසුකම් ඇති පිරිස් වලට වෙනත් රටවලින් ඉල්ලූමක් තිබේ. සමහර රටවල් පවුල් පිටින් ගෙන්වා ගෙන එම රටවලට හිග ශ‍්‍රමයට දොරටු විවෘත කරගනිති. ඇමරිකාව, නවසීලන්තය, ඔස්ටේ‍්‍රලියාව, ජපානය, කොරියාව සහ යුරෝපයේ බොහෝ රටවල් වෙනත් රටක සංක‍්‍රමණිකයන් කැදවති. විදේශ රැකියාවල යෙදීම හා ඒවායෙන් උපයන ධනය විශාල ආර්ථික බලයක් බවට පත්ව ඇත. නිත්‍යානුකූල අවස්ථා සොයා ගත නොහැකි එයට සුදුසුකම් රහිත පුද්ගලයෝ අතරමැදියන්ට ගොදුරු වෙති. ලක්ෂ ගණනින් මුදල් ගෙවන අතර අවසානයේ දී ඔවුන් ගේ සහ සමීපතමයන්ගේ ජීවිත අවදානමකට පත් කරගනිති.
ත‍්‍රස්තවාදී ගැටුම් සහිත කාලයේ දී විවිධ උපාය අනුගමනය කර රටින් පිටත්ව ගිය ජන කොටසක් සිටී. විශේෂයෙන් 1983 ජුලි කලබල සමයේ ජීවිත පරදුවට තබා බෝට්ටුවලින් පැන ගිය පිරිස විශාලය. ගුවන් තොටුපොල හරහා නිත්‍යානුකූලව ගිය පිරිස ද සැලකිය යුතුය. සාමය තහවුරු කර ආර්ථික ක‍්‍රියාකාරකම් සක‍්‍රීය වන කාල වකවානුවේ දී පිටරටවලට පලායන පිරිස තරමක් සීමා වූ බව පෙනේ. නමුත් දැනට මුහුණ පා ඇති අභියෝගය වෙනස්ය. ඉස්ලාම් අන්තවාදීන් ගේ ප‍්‍රහාරවලින් ඇරඹුන ආර්ථික දුෂ්කරතා කොවිඞ්-19 වසංගත තත්ත්වය සමග ඉතාම නරක තැනකට යොමු වී තිබේ. පසුගිය වසරේ ඉතිහාසයේ නොතිබුණ අගයක් දක්වා ආර්ථිකය රින තත්ත්වයකට පත්විය. කර්මාන්ත හා ව්‍යාපාර අඩාලවිය. ඒවායේ රැකී රක්ෂා කරන ලද පිරිස් අසරණ වූ බව නොරහසකි. එය ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ නොයෙක් රටවල පවා දැකගත හැකි වූ ස්වභාවයකි. ඉතාම දියුණු ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා ජපානයේ පවා ලක්ෂ ගණනක් දෙනා ආදායම් අඩු රැකියා විරහිත තැනකට තල්ලූ වී තිබේ. ලෝක නායකයෝ ආර්ථිකය නැවත පුනර්ජීවණය කරන යෝජනා ඉදිරිපත් කරමින් සිටිති. ජාත්‍යන්තර සංවිධාන අති විශාල මුදල් ප‍්‍රමාණයක් යොදවමින් සිටින අතර ඒවායෙන් නැවතත් සුපුරුදු රිද්මය ඇති කළ හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. ඉතාම ඉක්මනින් වසංගත තත්ත්වය පාලනය කරගත හැකිවනු ඇති අතර එන්නත්කරණයේ සීග‍්‍රතාවය එයට හේතුවනු ඇති බව දැක්වෙයි. ජන ජීවිතය සාමාන්‍යකරණය වූ වහා ආර්ථික නැග්මක් අපේක්ෂා කෙරේ. ශ‍්‍රී ලංකාවට ද එවැනි අලූත් යුගයකට දොරටු විවෘත වන අවකාශයක් ඇත.
මිනිස් ජාවාරම් සිද්ධි ශ‍්‍රී ලංකාවට අපකීර්තියකි. අත් අඩංගුවට පත්වන පිරිස් නිදහස් කරගැනීමට රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් කටයුතු කරන්නට සිදුවෙයි. තානාපති කාර්යාල මහකොමසාරිස් කාර්යාල නිලධාරීන්ට වගකීම් පැවරෙන බව පෙන්වා දිය යුතුය. එය කාලය හා ධනය වැය වන අතර රාජ්‍ය නිලධාරීන් කරගෙන යා යුතු රාජකාරිවලට අවහිරවන සිද්ධි බවට පත්වෙයි. ශ‍්‍රී ලංකාව ආර්ථික සහ සමාජ මට්ටමින් දියුණු වුවහොත් හැර මෙවැනි මිනිස් ජාවාරම් පාලනය කිරීම දුෂ්කරය. දැඩි නීති පනවන නමුත් ජීවිත අවදානම නොතකා කෙරෙන ජාවාරම් දුර්වල ආර්ථිකයක් පවතින නොදියුණු රටක ලක්ෂණයකි. ශ‍්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත‍්‍රයට 1950 ගණන් වල සිට 70 මුල් කාලය දක්වා ලෝකය පුරා විශිෂ්ඨ පිලිගැනීමක් තිබුණි. වීසා රහිතව යුරෝපයේ සෑහෙන රටවල් ප‍්‍රමාණයකට ඇතුළුවිය හැකිවිය. දැන් එය එසේ නොවේ. රටට කලූ පැල්ලමක් වී ඇත.
මිනිස් ජාවාරම් ඇතුළු අනෙක් විෂමාචාර අවම කරන යහපත් සමාජයක් වෙනුවෙන් රජය පියවර ගත යුතුව තිබේ. හුදෙක් රජයේ පමණක් නොව විපක්ෂ දේශපාලන පක්ෂවල ද වගකීමකි. සියළු පාර්ශව එකතු වී රට සංවර්ධනය කරන ප‍්‍රතිපත්ති වලට රාමුවක් තුළ එකගවුවහොත් ශ‍්‍රී ලංකාව වේගයෙන් වෙනස් කළ හැකිය. නිදහස ලැබුණ දිනයේ සිට ආණ්ඩු හා විපක්ෂ අතර ප‍්‍රතිපත්ති හාත්පසින්ම වෙනස්ය. එක ආණ්ඩුවක් ගෙන ඇති තීරණ අනෙක් ආණ්ඩුවට නොගැලපේ. ව්‍යාපෘති අවලංගු කිරීම ඒවායේ ස්වභාවය සංශෝධනය කරන විට සෑහෙන කාලයක් ගතවෙයි. එවැනි පසුබිමක් තුළ අනෙක් පක්ෂවලින් පවා සහයෝගයක් ලැබෙන්නේ නැත. පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ සාකච්ඡාවකට සංවාදයකට අවස්ථාවක් තිබේ. එවැනි පියවර මගින් රටට හොද ගැලපෙන තීරණ ගත හැකිය. ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයකට ද එකතු වී ක‍්‍රියා කළ හැකි පසුබිමක් තුළ ජනතාවට හොද ආර්ථිකයක් හා සමාජ පසුබිමක් නිර්මාණය වන බව සදහන් කළ යුතුය. නිසි සැලැස්මකට අනුව ආර්ථිකය දියුණු කර අවස්ථා බහුල කරන්නට අවශ්‍යය. සාධාරණ හා යුක්තිගරුක අවස්ථා ඇති කරන්නට පියවරගත යුතුය. මිනිසුන් රට හැරයාම නතරවනු ඇත. තමන්ගේ ජීවිතය අනතුරක බව පෙනෙන අතරවාරයේ විශාල මුදලක් ද වැය කර වෙනත් රටකට පැන යන ජවාවාරම් නතර කරන්නට නම් රට තුළ සාධනීය වෙනස්කම් ගණනාවක් කළ යුතුව ඇත. පවතින වසංගත තත්ත්වයෙන් එලියට එන විට එවැනි පරිවර්තනයකට සුදුසු පරිදි ආණ්ඩුව හා විපක්ෂ සම්බන්ධතාවයකට අවධානය යොමු කිරීම අවශ්‍යය.
|