» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/09/2022 - ඉරිදා ලංකාදීප
ඉන්දු ගී‍්‍ර ලංකා දේශසීමාව ඉක්මවන කලාපයක් සංවර්ධනය

ඉන්දියාව මෑතක සිට අනුගමනය කරන විදේශ ප‍්‍රතිපත්තිය තුළ ‘අසල්වැසියාට පළමුවෙන්’ යන ප‍්‍රවණතාව අනුගමනය කරයි. ආසන්න රටවල් සමග සබදතා තරකරගැනීමත්, එකිනෙක රටවල් සමග වෙළදපොල හා සමාජ අවශ්‍යතා සොයාබැලීමත් මෙම ක‍්‍රියාපටිපාටිය තුළින් අපේක්ෂා කරන බව පෙනේ. රටවල් හා එම රටවල වැසියන් අතර සම්බන්ධය පළමු තැනට පැමිණ ඇත. දේශසීමා අනුව රටවල් බෙදුණ, යුගය එක්තරා අවසානයකට පැමිණ තිබේ. තොරතුරු තාක්ෂණය විසින් සමාජ ගෝලීයකරණයක් නිර්මාණය කර ඇති බව සදහන් කිරීම මතු කළ යුතු කරුණකි. රටවල් සහ සමාජ සබදතාවලින් එකතුකර පොදු අවශ්‍යතා සදහා සංවිධානයවීමට පුලූල් අවස්ථා හටගෙන ඇත.

ආසියානු කලාපයේ රටවල් අතර සාමකාමි සහජීවණයක් අරමුණු කරගෙන ඉන්දීය උපකලාපය ශක්තිමත් කළ යුතුය. එකිනෙකට වෙනස් පරාසයන්හි ප‍්‍රවණතා කලපෙයේ රටවල් තුළ තිබේ. ආර්ථිකය, ආරක්ෂාව, බලශක්තිය, අධ්‍යාපන හා පර්යේෂණ, ඩිජිටල් සහ අද වන විට ඉහළම අවධානයක් ගෙන ඇති පරිසර හා කාලගුණ විපර්යාස වැනි අංශ මෙහි දී මතුකර දැක්විය හැකිය. ජිඩිටල් අවකාශය, අහස හා මුහුද පරිහරණය, බලශක්තිය, ප‍්‍රවාහනය සහ භාණ්ඩ ප‍්‍රවාහන වැනි අංශවල ඒකාබද්ධතාවයෙන් ප‍්‍රයෝජන අත්පත් වන බව දැක්වේ. රටවල් තනි තනිව හුදෙකලා තීරණ ගැනීමේ දී සිදුවන අවාසි මගහරවා ගැනීමට ඇති පිටිවහල මෙහි වැදගත් කාරණයකි. විදුලිය නිෂ්පාදනයේ දී හෝ ඛනිජ තෙල් සම්බන්ධයෙන් උප මහාද්වීපයේ රටවල්වලට පොදු තීරණ ගැනීමෙන් වාසි අත්වේ. කුඩා රටවල්වලට බලශක්ති ආරක්ෂණය ඉතාම වැදගත් ක්ෂේත‍්‍රයකි. අනාගතයේ දී බලශක්ති උත්පාදනය වෙනම සංවර්ධනය වන අංශයකි. දැනට කරගෙන යන ඛනිජ තෙල් භාවිතය හෝ විදුලිය උත්පාදනය අලූත් මුහුණුවරක් ගැණෙනු ඇත. පොසිල ඉන්ධන පරිහරණය අඩුවන අතර එය පරිසරයට කරන හානිය සලකා වායු විමෝචනය අවම කරන උත්පාදනය සහ මහා පරිමානයෙන් නිෂ්පාදනය කෙරෙහි නැඹුරුවන බව පර්යේෂණ වාර්තා දක්වයි. එමගින් පිරිවැය අවම කෙරේ. කෙසේ වෙතත් දැවැන්ත ආයෝජනයක් කරන්නට සිදුවේ. පද්ධති ආරක්ෂාව, නවීන ක‍්‍රම කෙරෙහි පර්යේෂණවල නිරතවීම කුඩා රටකට පහසු නොවිය හැක.

කලාපයේ රටවල් අතර තෝරාගත් අංශවල සහයෝගීතාවය හා එකට වැඩකිරීම අවශ්‍යවනු ඇති අතර දැනට ඇති සාක්, බිම්ස්ටෙක්, ආසියාන් වැනි සහයෝගීතා ඉක්මවා යන අලූත් ජාලයක් බිහිකරගන්නට සිදුවිය හැකිය. ආරක්ෂාව ගැන අවධානය යොමුකරන අතර අනන්‍යතාව පවත්වාගෙන යන අතරවාරයේ කලාපීය වශයෙන් එකට එකමුතුව ක‍්‍රියා කරන පිලිවෙල ගැන අධ්‍යයනය ඉතාම වැදගත්ය. සබදතාවල දී ඇතැම් පැති දේශපාලන නායකයන් ගේ බලපෑම, ඔවුන්ගේ අභිමතාර්ථ අනුව විකෘතිවිම් සිදුවීම වැලැක්විය යුතුය.

පළමු විධායක ජනාධිපතිවරයා වශයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා පුලූල් දැක්මක් ඇතිව ක‍්‍රියා කළ නායකයෙකි. එතුමා ශක්තිමත් නායකත්ව ගුණාංග ප‍්‍රකට කළ අතර පාලකයෙකු වශයෙන් සුදුසු තීරණ ගැනීමේ දී අවශ්‍යවන බලය හා බලතලගැන සැලකිලිමත් විය. විධායක ජනාධිපති ධුරය එහි එක අංශයකි. මහජනතාව විසින් බලය පවරන පුද්ගලයෙකුට රට වෙනුවෙන් තීරණ ගැනීමට අයිතිය තිබීම සහ එම අයිතිය හා ක‍්‍රියාකරන පිලිවෙල ගැන පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කරන පසුබිම ඇති කිරීමත් මෑතකාලීන ශ‍්‍රී ලංකා ඉතිහාසයේ කැපිපෙනෙන අංශයකි. එතුමාගේ 116 වැනි ජන්ම සංවත්සරය ඊයේ ට යෙදී තිබුණි.

ජේ. ආර්. ජයවර්ධන මහතා එක අවස්ථාවක ශ‍්‍රී ලංකාවට පැවැත්මක් සදහා ඉන්දියාවේ ප‍්‍රාන්තයක් වශයෙන් ක‍්‍රියා කළ හැකි බව අදහසක් වශයෙන් පළ කර ඇත. ජයවර්ධන මහතා එවැනි මතයක සිටින අතර එවැනි පිලිවෙලකින් උපයාගත හැකි අවස්ථා සහ අවශ්‍යයෙන්ම සපුරාගත යුතු කාරණා ගණනාවක් ද දක්වා තිබේ. රාජ්‍ය භාෂාව සිංහල විය යුතු අතර ලංකාවට සර්ව සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර දේශපාලන බලතල තිබිය යුතුය. ශ‍්‍රී ලංකාවේ ජනතාව සම්බන්ධ තීරණගැනීමේ ලංකාවේ පාර්ලිමේන්තුව සතු අයිතිය අත්හැර දැමිය යුතු නැති බව ජයවර්ධන මහතා කියා ඇත. ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව එක ඒකකයක් සේ ක‍්‍රියා කළ හැක. පෙඩරල් ක‍්‍රමය සලකා බලා ප‍්‍රාන්තයක මට්ටමින් ඉන්දියාවට සම්බන්ධවීම යෝග්‍යබව ජේ. ආර්. ජයවර්ධන මහතා මෙහි දී දරන ලද අදහසකි. මෙම තොරතුරු සහිත එතුමා සකස් කළ ලිපිය ලංකා ජාතික සංගමය සහ ලංකාවේ ජාතික දේශපාලනය (1929-1950) මැයෙන් ජාතික ලේඛනාගාරයේ ආරක්ෂා කොට තිබේ.

ජයවර්ධන මහතා එකල මතු කළ කරුණු සම්පූර්ණයෙන්ම පිලිගත නොහැකි නමුත් නායකයෙකු වශයෙන් අලූත් මතයක් සමාජයට ඉදිරිපත් කර ඇත. ලෝකය එකයායක් වශයෙන් පැවැතිම ගැන අද සාකච්ඡා කෙරේ. ජයවර්ධන මහතා මතු කළ කරුණු කුඩා රටවල්, ආසන්න රාජ්‍ය සමග ඇති කරගත හැකි බැදීම් වශයෙන් දැනට ජාත්‍යන්තරව කතාකරන සංකල්පවලට සමීප අදහසකි.

ලංකාවේ ඉතිහාසය සලකනවිට විජය කුමාරයා ගේ පැමිණීම, බුද්ධ ධර්මය පැතිරවීම, ලංකාව පාලනය කළ රජවරු ඉන්දියාවෙන් ආවාහ කරගැනීම නිසා ඇති වූ සම්බන්ධතා යනාදිය අමතක කළ නොහැක. වසර දෙදහස් හය සියයකට වැඩි බුද්ධාගමට සම්බන්ධ කාලයට එපිට කාලයේ එනම් වසර හත් දහසක් දක්වා පැතිරුණ ඉන්දු ශ‍්‍රී ලංකා යුගයක් ඇත. රාමායනය ඓතිහාසික පුරවෘතය එයට සාක්ෂියකි. රාමායනයට සම්බන්ධ සිද්ධි හා ස්ථාන විශාල ප‍්‍රමාණයක් මෙරට සංස්කෘතික සහ සමාජ ලෝලීහු එකතු කර තිබේ. වසර ලක්ෂ ගණනක් තිස්සේ වරින් වර ඉන්දියාව හා ලංකාව ගොඩබිමින් එකට යා වී තිබුණ බව ද භූගෝලීය විද්‍යාඥයන් මතු කරන කරුණකි. ඉන්දියාව රටවල් දෙක යා වී තිබුණි ද යන පර්යේශණ ඔවුන්ගේ මුහුදු සීමාව තුළ අරඹා තිබේ. ත‍්‍රස්තවාදී අරගලවලට කලින් දෙරට අතර ජනතාව නිදහසේ ගමන් කර ඇති අතර එමගින් මෙරට කර්මාන්ත, වානිජ හා සංස්කෘතික සම්බන්ධතා ව්‍යාප්ත තිබී ඇත. සිනමාව, සංගීතය හා අධ්‍යාපනය එහි ලා විශේෂයෙන් ස`දහන් කළ හැකි ක්ෂේත‍්‍ර බව දැක්විය හැකිය. අපරදිග කලාපයෙන් කරන ලද ආක‍්‍රමණවලට කලින් දෙරට අතර සම්බන්ධතා තිබුණ අතර ඒවා විනාශවී වෙනත් ආකෘතියකට රාජ්‍ය හැසිරවීම බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනුබලය සහිත උපායක් බව අධ්‍යයනය කළ හැකි පැත්තකි. බටහිර අධිරාජ්‍යවාදීන් ඇති කරන ලද ක‍්‍රමවලට අනුගතවී සිටින වර්තමානයට එයින් එපිට වපරිසයක්, විකල්ප අදහසක් ගැන අවධානය යොමු නොවේ.

අලූත් යුගයක් ඇති කරන්නට අලූත් ව්‍යුහයක් සකස් කරගත යුතුය. රටවල් දියුණුව සදහා ගතානුගතික පියවර වලින් පලක් නොවේ. ජනතාව ඉල්ලා සිටින සම්බන්ධතා අවහිර කරන පාලකයෝ ඒවා මත විශාල භීතියක් ඇති කරන අතර එයින් සිදුවන විනාශය ගැන කරුණු දක්වති. තාක්ෂණයෙන්, සිදුවන වෙනස්කම් මෙම දේශසීමා ඉක්මවා යන වෙනස්ම රාමුවක් සකස් කරමින් සිටී. ශ‍්‍රී ලංකාවේ තරුණ පරපුර ආකෘතිගත භාවයෙන් පැන ලෝකයේ වෙනත් සීමා ආක‍්‍රමණය කරන්නට සූදානම්ය. ඔවුන්ගේ අනාගතය ගොඩනගාගැනීමට ලෝකයේ නොදන්නා ඉසව්කරා සංක‍්‍රමණය වෙති. අභියෝගවලට මුහුණ දී අලූත් ජීවිතයකට සූදානම්ය. ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අප සියළුදෙනා ආසන්නයේ පිහිටි ඉන්දියාව දෙස, එහි සම්බන්ධතා දෙස විවෘත මනසකින් අවධානය යොමු කළ යුතුය. ඉතාම වේගයෙන් වෙනස්වන ලෝක ස්වභාවය හමුවේ පැරණි සම්ප‍්‍රදායයන්ගෙන් සමන්විත බැමිලිහෙමින් පවතින අතර ශ‍්‍රී ලංකාව අනාගතයේ දී බිහිවනන නිදහස් මතවාදී රාජ්‍යයක අභිමුවෙහි සිටී. මෙම කරුණු ගැන අලූත් හා පැරණි පරම්පරා ඇති කරන නවතම සම්මුතිය අනුව අනාගතය තීරණය විය හැකිය.