» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/08/2021 - ඉරිදා ලංකාදීප
අත්‍යවශ්‍ය දේ ආනයනය සදහා අපනයන ආදායම හැර අනෙක් මගක් නැත

ආනයන තද පාලනයකට ලක්කර ඇති කාල වකවනුවක් බව සදහන් කළ යුතුය. පසුගිය කාලය තුළ මෝටර් රථ වාහන ඇතුළු සමහර දේ ආනයනය සීමා කරන ලදී. සමහර ද්‍රව්‍ය වල හි`ගය මෙකී ආනයන පාලනයෙන් උත්ගත වූ ප‍්‍රශ්න බව තේරුම් ගත යුතුය. පිටරටකින් දෙයක් ගෙන්වන්නට විදේශ විනිමය අවශ්‍ය කෙරේ. අපනයන ආදායම විනිමය උපයාගත හැකි මාර්ග අතර ප‍්‍රධාන එකකි. ගෙන්වන්නට නම් අපනයනයෙන් ආදායමක් උපයා ගත යුතුය.

විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන විනිමය, සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම, ආයෝජන සහ ආධාර වැනි අංශ වලින් රටට විදේශ විනිමය ලැබේ. අපනයන ආදායමට වඩා දෙගුණයක් ආනයන වෙනුවෙන් වැය කරන බව මෑතකාලීන සංඛ්‍යා ලේඛන පෙන්වයි. දිගටම එවැනි ක‍්‍රමෝපායයක් අනුගමනය කළ නොහැක. එවැනි විදේශ වෙළදාමකින් පැන නැගෙන ප‍්‍රශ්න ආර්ථිකයට පීඩා ඇති කරයි. පවතින දුබලතා සාකච්ඡාකර අලූත් පියවරක් ඉදිරියට තැබීම අවශ්‍යය. අපනයන සදහා අලූත් වෙළද පොල සොයා ගැනීම එහි ලා වැදගත්ය.

අපනයන වෙළද පොළ අවස්ථා සොයා බැලීමේ දී විවිධ පැති කෙරෙහි තීක්ෂණ අවධානයක් යොමු කළ යුතු බව සැකයක් නැත. නිපදවිය හැකි දේ පමණක් නොව ලෝකයේ රටවල් ඉල්ලන දේ ගැන ද අධ්‍යයනය අවශ්‍යය. පවතින ව්‍යුහය දෙස අලූත් රාමුවකින් අවධානය යොමු කළ යුතුය. මෙයට කලින් සැපයුම් චක‍්‍රය විදේශ වෙළදාමේ දී වැදගත් සාධකයක් වී තිබුණි. කොවිඞ් වසංගත තත්ත්වය සමග ලෝක ආර්ථිකය හැකිලී තිබේ. ප‍්‍රවාහන අංශ වලට බාධා මතු වී ඇත. ගුවන් හා නැව් භාණ්ඩ ප‍්‍රවාහන වියදම ඉහළ ගොස් ඇත. නිෂ්පාදනය සීමා සහිත පසුබිම තුළ තමන්ට අවශ්‍ය දේ රට තුළම නිපදවා ගන්නා පසුබිමක් නිර්මාණය වී තිබේ. වසංගත තත්ත්වය පාලනය කරගැනීමෙන් පසු මෙම තත්ත්වය වෙනස් විය හැකි නමුත් පවතින කාල පරිච්ෙඡ්දය දුෂ්කරය. අපනයන සදහා පවා අවස්ථා ඉතාමත් සීමා සහිතය. එය අලූත් පැති ගැන අවධානය යොමු කරන්නට හේතුවකි.

ලෝකයේ සෙසු කලාප වලට අපනයන ඉලක්ක සකස් කරන අතර ආසන්න කලාපයේ අවශ්‍යතා සොයා බලා මෙරට නිෂ්පාදන යොමු කරන අලූත් සැලැස්මක් සූදානම් කිරීම වැදගත්ය. විශේෂයෙන් ඉන්දියාව කෙරෙහි යොමු විය හැකිය. වාර්තා පෙන්වන පරිදි පසුගිය වසරේ ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 604 ක පමණ වෙළද භාණ්ඩ ප‍්‍රමාණයකි. ඉන්දියාවෙන් ගෙන්වන ලද ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 3,000 ඉක්මවයි. විදේශ වෙළදාම සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2,400 ක පමණ පරතරයක් තිබේ. මෙම දෙපැත්ත සමබර විය යුතුය. එසේ කිරීම පහසු නැත. දෙරට අතර රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් බලවත් පරිශ‍්‍රමයක් පවතී. නිලධාරීහු සෑහෙන කැපවීමකින් ක‍්‍රියා කරති. දෙරට අතර ව්‍යාපාරික අංශ දිරිමත් කරන වැඩ පිලිවෙල පවතින අතර සාකච්ඡා සහ වෙළද ප‍්‍රදර්ශන සංවිධානය කෙරේ. මේවායෙන් යම් වාසි අත්පත්වන නමුත් දෙපාර්ශවය අතර අවශ්‍යතා තේරුම් ගත යුතුය. ආනයන හා අපනයන අංශ වල පවතින නීති හා විධිවිධාන ගැන අවබෝධය වැදගත්ය. රටවල් අනුගමනය කරන ආරක්ෂණවාදී ප‍්‍රතිපත්ති කෙරෙහි සැලකිල්ලක් දැක්වීම අවශ්‍යය. ශ‍්‍රී ලංකාව මෙරට ගොවි ජනතාව ඇතුළු දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කරන අරමුණ ඇතිව සමහර දේ මෙරටට ගෙන්වීම පාලනය කරනු හා සමානව ඉන්දියාව ද එරට නිෂ්පාදකයන් රැුක ගැනීමට කටයුතු කරමින් සිටිති. එහෙත් මෙම තීරණ දෙපැත්ත තුළ ප‍්‍රයෝජනයට ගත හැකි අවස්ථා තිබේ. කිසිවෙකුගේ අවධානයට ලක් නොවුන තැන් තිබිය හැකිය. මෙරට ව්‍යවසායකයන් සූක්ෂම විය යුතුය. ඉන්දියාවෙන් ගෙන්වීම හා සමානව ඉන්දියාව දැවැන්ත වෙළද පොලක් බව කල්පනා කිරීම අවශ්‍යය. වෙළදාම දෙපැත්තටම සිදුවිය යුතුය. එය අනෙක් වැදගත් කාරණයකි.

ඉන්දියාවට අපනයනය කිරීම පමණක් නොව එරට තෝරාගත් ප‍්‍රාන්තයකට අපනයන අවස්ථා පාදා ගැනීම ද හොද අවස්ථාවකි. ජාතික මට්ටමින් නොයෙක් නීති පවතින නමුත් ඉන්දියාවේ ප‍්‍රාන්ත ආණ්ඩුවලට තනි තීරණ ගත හැකිය. සමහර අංශ වල දී ප‍්‍රාන්ත ආණ්ඩු ආවේනික ප‍්‍රතිපත්ති අනුගමනය කෙරේ. මේවා ගැන සොයාබලා එම ප‍්‍රාන්තවල වෙළද පොලට අවශ්‍ය වන දේ සැපයීමට හැකිය. පසුගිය කාලයේ ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කර ඇති දේ සලකා බලනවිට වැඩිම ප‍්‍රමාණයක් යවන්නේ සත්ව ආහාර, ඛනිජ තෙල් නිෂ්පාදන, පුවක්, තෝරා ගත් ඇගළුම් වර්ග සහ ගම්මිරිස් වැනි දේ බව නිරීක්ෂණය කළ හැකිය. අසල්වැසියා ගේ මිල දී ගැනීමේ කැමැත්ත සොයා බලා මෙම ව්‍යුහය වෙනස් කරන්නට හැකියාවක් තිබේ. අගය එකතු කරන ලද භාණ්ඩ හා සේවා වෙනුවෙන් වෙළද පොලක් හදා ගන්නට නොහැකියාවක් නැත.

අමතක කළ යුතු නැති තවත් කාරණයක් මෙහි දී සදහන් කළ යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව වසර 2027 වන විට ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට බවට පත්වෙයි. වසර 2050 වන විට අලූතින් මිලියන 273 ක් එරට ජනගහනයට එකතු වනු ඇතැයි සැලකේ. චීනය ජනගහනය අතින් දෙවැනි තැනට පත්වනු ඇති බව සදහන්ය. අනෙක චීනය පසුගිය කාලය තුළ ආර්ථික වර්ධනයක පසුවිය. මැදි ආදායම් ලබන ස්ථරය ඉහළට පත්විය. දිළිදුකම තුරන් කරන ඇති බව චීන ජනාධිපතිවරයා නිල වශයෙන් ප‍්‍රකාශ කර තිබේ. චීනයේ මිල දී ගැනීමේ ශක්තිය මෙතැනින් ඔබ්බට සීමිත වර්ධනයක පවතිනු ඇත. නමුත් ඉන්දියානු වෙළද පොල ප‍්‍රසාරණය විය හැකිය. ජනගහන වර්ධනය හා ආර්ථික අතින් ඉහළට නැග්ම තුළ අලූත් අවස්ථා තිබේ. ලෝකයේ කොතැනකින් හෝ ආනයනය කර ඉන්දියානුවන්ට සැපයීම එරට ප‍්‍රතිපත්තිය විය හැකිය. නුදුරු කාලයේ දී සිදුවන මෙම අලූත් ස්වභාවය ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. ඉන්දීය වෙළද පොල අවශ්‍යතා සහ පාරිභෝගිකයන් මිල දී ගැනීමට යොමු වන දේ ගැන පුරෝකථනයකට යා යුතුව තිබේ. රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෙළොද පොල පර්යේෂකයන්ට මෙම පැති ගැන සොයා බලා අනාවරණ ඉදිරිපත් කළ හැකිය. වසර 2027 වන විට ඉන්දියාවට අපනයනය කරන්නේ මොනවාද යන්න දැන් තීරණය කරන්නට අවශ්‍යය. ඉදිරි වසර හය තුළ අපනයන අංශවල පරිවර්තනයකට සූදානම් කළ හැකිය.

වසර සිය ගණනක් ශ‍්‍රී ලංකාවේ අපනයන ව්‍යුහය වෙනස් වී නැත. ඇගළුම් අපනයනය එකතුවන තෙක් තේ, රබර්, පොල් හා සුළු අපනයන බෝග ගැන පමණක් කල්පනා කර තිබේ. මෙම රාමුව ලංකාව යටත්කරගෙන සිටි බටහිර ජාතීන්ගේ උවමනාව පරිදි සකස් වූ එකකි. ලංකාවෙන් හොදම තේ සහ හොදම කුළුබඩු ගෙන්වා ගැනීම බටහිර රටවල අභිප‍්‍රාය විය. රබර් අපනයනය කළේ ඔවුන්ගේ කර්මාන්ත සදහා අමු ද‍්‍රව්‍යයක් වශයෙනි. ක‍්‍රමයෙන් අමුද්‍රව්‍ය වෙනුවට අගය එකතු කරන ලද නිමි භාණ්ඩ අපනයනයට යොමු වන බව පෙනේ. බටහිරට පමණක් නොව අසල්වැසි රටවලට අවධානය යොමු කිරීම කාලෝචිතය. දෙරට අතර ගමනාගමනයට වැඩි කාලයක් ගත නොවේ. අනාගතයේ දී තවත් සබදතා නංවන පියවර සාකච්ඡා කෙරෙමින් තිබේ. භූගෝලීය වශයෙන් එකට සම්බන්ධ කිරීමට ඇති හැකියාව ගැන සොයා බලන කාලවකවානුවකි. ඉන්දු ලංකා නැව් සේවාවක් සහ අනාගතයේ දී ගොඩබිමෙන් සම්බන්ධ කරන පියවරකට ද සාකච්ඡා කෙරෙමින් සිටී. රාජ්‍ය නායකයෝ ප‍්‍රතිපත්ති වශයෙන් එකග වුවහොත් යාකිරීම ඉක්මන් විය හැකිය. ගොඩබිමින් සම්බන්ධ වුවහොත් භාණ්ඩ හුවමාරුව තවත් වේගවත්වීම වැලැක්විය නොහැකිය.

ලෝකයේ නොයෙක් කලාප දේශ සීමා බාධක තිබිය දී සම්බන්ධ වෙමින් සිටී. දැවැන්ත පාලම් ඉදිකරමින් රටවල් යා වෙයි. මුහුද පත්ල ඔස්සේ ඉදිකරන විශාල නල මාර්ග වලින් රටවල් එකතු වෙමින් තිබෙන වකවානුවකි. අලූත් නැව් මාර්ග, රටවල් ගණනක් ඔස්සේ ගමන් කරන දිර්ඝතම දුම්රිය සේවා යනාදිය ගැන ප‍්‍රායෝගිකව අත්විදින වකවානුවකි. කොවිඞ් වසංගත තත්ත්වය තාවකාලික පසුබෑමක් නමුත් ලෝක ප‍්‍රජාව අලූත් වටයකින් නැගී සිටිනු ඇත. ඉන්දියාවට කරන අපනයනය නංවන පියවර එහි එක ප‍්‍රයත්නයක් විය යුතුය. උත්සාහවන්ත අලූත් ව්‍යවසායයෝ නැගී සිටිය යුතුය. ලංකාවේ කුඩා වෙළද පොලක පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීමට වඩා විශාල අභියෝගයක් සමග ඉන්දියාව වෙතට යොමු වෙන්නට උත්සාහ කළහොත් මෙරට ආයකන හා නිලධාරීහු එයට අවශ්‍ය මග දැක්වීමට සූදානමින් සිටින බව සදහන් කරන්නට අවශ්‍යය.