රුසියාව යුක්රේනය අතර හටගත් යුද ගැටුම් තවමත් අවසානයක් නැත. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මැද විශේෂ ආරක්ෂක මෙහෙයුමක් බව සදහන් කරමින්, රුසියානු සේනාංක යුක්රේන දේශ සීමාව ආක‍්‍රමණය කළ අතර පසුව යුක්රේනයේ ඇතැම් ප‍්‍රදේශ ගලවා ගැනීම අරමුණ බව දක්වමින් රුසියානු හමුදා එම ප‍්‍රදේශවලට ප‍්‍රවේශ විය. රුසියානු අභිලාශවලට එපිටින් යමින් බටහිරට නැඹුරු වෙමින් සිටි යුක්රේනයේ ප‍්‍රතිපත්ති රුසියානු නායක ව්ලැඩිමීර් පුටින්ගේ සතුටට හේතු වූයේ නැත. බටහිර ආකල්ප යුක්රේනයට ඇතුළුවුවහොත් පසුව රුසියාවේ පැවැත්මට ද තර්ජනයක් වනු ඇති අතර එයින් වලකා ගැනීම ප‍්‍රයත්නය වී තිබුණි.
යුක්රේනයට හිතවත් රටවල් අවතැන් වූ දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මානුෂීය ආධාර සපයන ලද අතර ඇතැම් රටවල් රුසියාවට විරුද්ධව සටන් කිරිම සදහා ආරක්ෂක මෙවලම් සැපැයීය. රුසියාව ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණයක් ද නියමකරන අතරවාරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවට ආර්ථික සම්බාධක පනවන්නට තීරණය කළේය.
යුද ගැටුම පවතින අතරවාරයේ ඉන්දියාව කටයුතු කරන ලද ආකාරය ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත. සම්බාධක තිබිය දී පවා ඉන්දියාව සිය වෙළ`ද ගනුදෙනු අඛණ්ඩව කරගෙන යන අතර රුසියාවෙන් මිල දී ගන්නා බොරතෙල් පිරිපහදු කර යුරෝපයට අපනයනය කිරීමෙන් සැලකිය යුතු වාසියක් ද අත්පත් කරගෙන තිබේ.
පිරිපහදු කරන ලද ඉන්ධන යුරෝපයට අලෙවි කරන ප‍්‍රධානතම රට බවට ඉන්දියාව පත්ව ඇත. යුරෝපා රටවල් රුසියාවෙන් ඛනිජ තෙල් මිල දී ගැනීම අත්හිටුවන අතර ඉන්දියාවෙන් ආනයනය අරඹා තිබේ. දිනකට බැරල් තුන් ලක්ෂ හැට දහසක් අපනයනය කරන්නට ඉන්දියාව සමත්ව ඇති ඉන්දියාව එය සවුදි අරාබිය දිනකට අපනයනය කරන ප‍්‍රමාණය ඉක්මවන බව දක්වයි. කෙලින්ම රුසියාවෙන් බොරතෙල් මිල දී ගැනීමට සූදානමක් නැති යුරෝපා සංගමයේ රටවල් ඉන්දියාව හරහා කරන මිල දී ගැනීම විශේෂ අවධානයට ලක් විය යුතුය. ජාත්‍යන්තරයේ සිදුවන වෙනස්කම් අධ්‍යයනය කර වහාම අවස්ථාව දිනාගැනීමට තීරණය කරන ලද ඉන්දියාව මෙම ඛනිජ තෙල් වෙළ`දාම ඉතාම උපායශීලී ප‍්‍රතිපත්තියකි.
ඉන්දීයාවේ, ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් අමාත්‍ය හර්දීප් පූරි සිං මහතා පසුගිය වසරේ එරට රාජ්‍ය සභාවේ දී රුසියාවෙන් කරන තෙල් මිල දී ගැනීම සියයට එකක් බව හෙළිකරන ලදී. සාමාන්‍යයෙන් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන සියයක පමණ ඛනිජ තෙල් මිල දී ගන්නා ඉන්දියාව රුසියාවෙන් කරන ආනයනය ඇමරිකානු ඩොලර් බිලියනයකට සීමා වී තිබුණි.
ඉන්දියාවේ දත්ත අනුව වැඩිම බොරතෙල් ප‍්‍රමාණයක් ඉරාකයෙන් ගන්නා බව දැක්වේ. 2022 වසරේ ඉන්දියාවට අවශ්‍ය තෙල් වලින් සියයට 22.4 ක් ඉරාකයෙන් ද, සියයට 16.4 ක් සවුදි අරාබියෙන් හා සියයට 9.2 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද මිල දී ගෙන ඇත. ජනවාරි හා පෙබරවාරි මාසවල දී රුසියාවෙන් එකම තෙල් බැරල් එකක් හෝ ඉන්දියාව ආනයනය කර නැත. කෙසේ නමුත් 2023 වසරේ අපි‍්‍රයෙල් මාසයේ දී බොරතෙල් බැරල් මිලියන දෙකක් රුසියාවෙන් මිල දී ගෙන ඇති අතර එය එරට සමස්ථ ඛනිජ තෙල් ආනයනයෙන් සියයට හතලිස් හතරකි.
ඉන්දියාවේ මැදිහත්වීම රුසියාවට දැවැන්ත අනුග‍්‍රහයක් ව ඇත. විදේශ රටවල් සමග වෙළදාම තහනම සමග ජාත්‍යන්තර බැංකු රුසියාවේ අවශ්‍යතා සදහා විදේශ මුදල් හුවමාරු කිරීම අත්හිටුවීය. ඛනිජ තෙල්, ගෑස් හා ගල් අගුරු කර්මාන්තයෙහි ඉදිරියෙන්ම සිටින්නේ රැුසියාවයි. ලෝ්කයේ තෙල් නිපදවන රටවල් අතර හය වැනි තැන හිමි රුසියාව ගල් අගුරු නිපදවන රටවල් ලැයිස්තුවේ පළමු තැන උසුලයි. බලශක්ති අංශයෙහි පවතින වෙළදාම අවහිරකිරීමෙන් පසු රුසියාව මෙල්ල කරගත හැකි බව ජගත් ප‍්‍රජාව කල්පනා කරන ලද නමුත් ඉන්දියාව දක්වන ලද ආකර්ශනීය අවස්ථාව සැලකිය යුතු කැපකිරීමකි.
ඉන්දියාව සමග ආර්ථික සබදතා ඇති ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ බලවත් රටවල් හැසිරෙන ආකාරය සලකා බලා තීරණ ගත යුතුය. රුසියාව සමග කරන ගනුදෙනු හෙයින් ඉන්දියානුවන්ට ලෝකයේ අඩුම මිලට ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගන්නට හැකියාව ලැබී තිබේ. රට තුළ කරන ආනයන හා අපනයනවලින් බදු උපයා ගත හැකි වී ඇති අතර පිරිපහදු කර්මාන්තයේ රැුකියා විශාල ප‍්‍රමාණයක් උත්පාදනය වී ඇත. රාජස්ථාන්න ප‍්‍රාන්තයේ දැවැන්ත තෙල් පිරිපහදුවක් ඉදිකරන ඉන්දියාව ඒ සදහා ඇමරිකානු ඩොලර් බිලියන 5.4 ක් ආයෝජනය කර ඇත. ලෝකයේ වැඩිම ජනගහනය සමග දැවැන්ත බලශක්ති පරිභෝජනයක්, අපනයන වෙළද පොලක් අත්පත් කරගෙන ඇති ඉන්දියාව සමග ඛනිජ තෙල් කර්මාන්තයේ හවුල්කාර ආයෝජන ශ‍්‍රී ලංකාවට ඉතා වැදගත් විය හැකිය. තෙල් පිරිපහදුව, ගබඩා කිරීම හා නැව්ගත කිරීම සදහා අන්තර් සහයෝගීතාවයක් තුළින් අවස්ථා ලබා ගත හැකිය. මෙවැනි ආයෝජන සංකීර්ණ, දීර්ඝ කාලීන වාසි සපයන ආයෝජන වන අතර නිර්භීත තීන්දු ගැනීමෙන් රටට ප‍්‍රයෝජනයක් ලැබේ. ජාත්‍යන්තරය සම්බාධක පනවා ඇති අවස්ථාවක රුසියාව සමග ගනුදෙනු කිරීමට ශ‍්‍රී ලංකාවට නොහැකි නමුත් අසල්වැසි ඉන්දියාව ගන්නා තීරණ වලින් කොටසක් උපායමාර්ගික වශයෙන් ශ‍්‍රී ලංකාවේ දියුණුවට හරවා ගත හැකිව තිබේ. ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ ආයෝජන ක්ෂේත‍්‍රයේ විශේෂඥයන් මෙවැනි පැති අධ්‍යයනය කිරීම රටට ඉතාම වැදගත්ය.
|