» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/03/2023 - ඉරිදා ලංකාදීප
කළු රත්තරන් කිරුළකින් හැඩවෙන රාජස්ථානයේ කාන්තාරය

කලූ රත්තරන්, ඛනිජ තෙල් සම්පත් හදුන්වන අන්වර්ථ නමකි. තෙල් නිධියක් සොයා ගැනීම රන් ආකරයකටත් වඩා වටිනා බව ප‍්‍රකාශ වේ. ඉන්දියාවේ රාජස්ථාන් ප‍්‍රාන්තයේ තෙල් ගවේශණය කර ඇත. මෙම කාන්තාරයේ අලූතින් ඉදිවෙන තෙල් පිරිපහදුව රාජස්ථාන් ප‍්‍රාන්තයට රනින් ඔපවැටෙන කිරුළකි.

ඉන්දියාවට උතුරින්, පකිස්තානයට රාජස්ථාන ප‍්‍රාන්තය පිහිටා ඇත. විශාලතම ප‍්‍රාන්තය වන එහි කාන්තාර ප‍්‍රදේශය වර්ග සැතපුම් දෙලක්ෂය ඉක්මවයි. කාන්තාර ප‍්‍රදේශයෙන් සියයට අනුවක් ඉන්දීය රජයට අයත්වන අතර සියයට දහයක පමණ කොටසක් පකිස්තාන පාලනයට යටත්ය.

2009 වසරේ එවකට අගමැතිව සිටි ආචාර්ය මන් මෝහන් සිං මහතා රාජස්ථාන් ප‍්‍රාන්තයෙන් ඛණිජ තෙල් නිෂ්පාදන කටයුතු ඇරඹීය. ප‍්‍රාන්තයේ තෙල් නිධි සහිත ස්ථාන තිස් හතරක් ලකුණු කර ඇති අතර ඒවායේ කැනීම් කටයුතු අරඹා තිබේ. ඛනිජ තෙල්කර්මාන්තය ඇරඹීම සමග එහි වෙසෙන, සාමාන්‍ය ආදායම් මටට්මක සිටි ජන කොටස දියුණවට පත්ව ඇත. තෙල් නිෂ්පාදනය ඇරඹී වසර දහයක් ගතවන විට රාජස්ථාන් ප‍්‍රාන්තයට අයත් දිස්ත‍්‍රික්ක තිස් තුනක් අතරින් තෙල් නිධි සහිත ප‍්‍රදේශයේ වෙසෙන ජනයා ගේ ඒක පුද්ගල ආදායම හයසිය පනස් ගුණයකින් ඉහළ නැග ඇති බව දැක්වේ. ඉදිරි දශකයේ දී මෙම ප‍්‍රගතිය දෙගුණ තෙගුණ වනු ඇත. තෙල් නිධි සහිත රාජස්ථාන් ප‍්‍රාන්තය තුළ දැවැන්ත ඛනිජ තෙල් පිරිපහදුවක් අලූතින් ඉදිවේ. වසර 2024 වන විට එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කරනු ඇත. රාජස්ථාන් ප‍්‍රාන්තය හා පුද්ගලික ව්‍යවසායක් වන භාරත් ප්‍රෙට්‍රෝලියම් අතර කොටස් හිමි සමාගමක් වශයෙන් මෙම ආයෝජනය කර තිබේ. ගිවිසුම අත්සන් කරන විට රාජස්ථාන් ප‍්‍රාන්තයට සමාගමේ කොටස්වලින් සියයට විසි හයක් අයත්ව තිබුණි. දැන් එය සියයට දහය දක්වා අඩු කර ඇත. අයිතිය වෙනුවට ව්‍යාපාරය කරගෙන එයින් ඉන්දියාවට අත්පත් කරදෙන වාසි සලකා බලා ඇති ඉන්දීය මධ්‍යම රජය ආයෝජන වලට තවත් පහසුකම් සපයා තිබේ.

රාජස්ථාන් ප‍්‍රාන්තයේ තෙල් පිරිපහදුව තිස් පන්දහසකට සෘජු රැකියා සපයා ඇති අතර වක‍්‍ර රැකියා පහසුකම් සපයන ප‍්‍රමාණය ලක්ෂය ඉක්මවන බව දැක්වේ. මෙම දැවැන්ත ව්‍යාපෘතිය සදහා වර්ග මීටර් මිලියන ලක්ෂ 150 ක් භූමිය ගොඩකර ඇති අතර එය ග‍්‍රීසා පිරමීඩය මෙන් හය ගුණයකි. ඩුබායි හි ඉදිකරන ලද කාලිෆා ගොඩනැගිල්ල මෙන් පස් ගුණයක් කොන්ක‍්‍රීට් මෙහි ඉදිකිරීම්වලට භාවිතා කෙරේ. අයිෆල් කුළුණ මෙන් හතලිස් ගුණයක් යකඩ භාවිතා කර ඇත. විදුලිය හා සන්නිවේදන කේබල් වලින් ලෝකය වටා දෙවතාවක් රැහැන් ඇදිය හැකි තරමට දැවැන්ත බව සදහන් කළ යුතුය. මේ සා විශාල ආයෝජනයක් කරන්නේ ඇයි?

ඉන්දියාව එරටට අවශ්‍ය ඛනිජ තෙල් ප‍්‍රමාණයෙන් සියයට අසූපහක් ආනයනය කරයි. රාජස්ථාන් අලූත් පිරිපහදුව එයට විකල්පයක්වනු ඇත. වේගයෙන් දියුණුවන රටක් වශයෙන් ඉන්දියාවේ මැදි ආදායම් ජන කොටස ප‍්‍රසාරණය වෙමින් පවතී. බලශක්ති පරිහරණය සාපේක්ෂව ඉහළ යන අතර රට තුළ කළ යුතු නිෂ්පාදනය නැංවිය යුතුව තිබේ. ඉන්දියාවේ තෙල් පිරිපහදු අවශ්‍යතාවයෙහි හිගය දැනට සියයට තිහක ප‍්‍රතිශතයකි. වසර 2040 වන විට එය දෙගුණ වෙතැයි දැක්වේ. රුසියාව, සවුදි අරාබිය හා වෙනිසියුලාව ඇතුළු රටවලින් බහුලව ආනයනය කෙරේ. ඉන්දියාවේ ඉන්ධන මිල අධික අතර ගෙන්වන ඉන්ධන තොගවලින් මධ්‍යම රජය හා ප‍්‍රාන්ත ආණ්ඩු යැපෙන බවට චෝදනාවක් ද ඇත. ඞීසල් හා පෙට‍්‍රල්වලින් සියයට දෙසිය ඉක්මවන බදු අයකරන බව ද විචාරකයෝ පෙන්වා දෙති. රට තුළ පවතින ඛනිජ තෙල් සම්පත් උපයෝගී කරගත යුතු අතර පිරිපහදු කටයුතු අරඹන පියවර ඉක්මන් කළ යුතු බව ඉන්දීය ඛනිජ තෙල් විශේෂඥයෝ සදහන් කරන කරුණකි.

සවුදි අරාබිය, එක්සත් ආරබි එමිරේට්ස් වැනි රටවල් සමග අලූත් සාකච්ඡුා අරඹන ඉන්දියාව එම රටවල්වලින් තෙල් මිල දී ගැනීමටත් අනාගත අවශ්‍යතා සලකා අලූත් පිරිහදු මධ්‍යස්ථාන ඉදිකිරීමටත් සැලසුම් කරයි. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනොන්‍ය ගැලපීමක් සාකච්ඡුා කරගතහොත් අලූත් ආර්ථිකයකට වලට අවස්ථාවක් ඇත. 2021 මුල්‍ය වසරේ ඉන්දියාවේ බොරතෙල් ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන සියයකි. ඉන්දියාව මිල දී ගන්නා බොරතෙල් ශ‍්‍රී ලංකාවේ දී පිරිපහදු කිරීම හා නලමාර්ගයෙන් ඉන්දියාවට යැවීමට සැලසුම් කළ හැකිය.

ශ‍්‍රී ලංකාවට සම්පතක් බව දක්වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර හැටක් පැරණි කම්හලකි. එහි යන්ත‍්‍ර සූත‍්‍ර යල් පැන ගිය තාක්ෂණයෙන් යුක්තය. පිරිපහදු කළ හැකි ඉරානයේ බොර තෙල් පමණක් වන අතර ධාරිතාවය සියයට පනහක් දක්වා පහතට වැටී ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. මෙම පිරිපහදුව නවීකරණය සදහා ආධාර සපයන යෝජනාවක් ඉරානය ඉදිරිපත් කළ නමුත් එය ආර්ථික අතින් ඵලදායී එකක් නොවන බව සලකා පසෙක තබා තිබේ.

අලූත් වාර්තා දක්වන පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව අතර, තෙල් සැපයුම සම්බන්ධ අලූත් සහයෝගීතාවයක් පසුගියදා අත්සන් කළේය. ඔපෙක් රටවල තෙල් බැරල් මිලියන හයක සංචිතයක් ඉන්දියාවේ මැංගලෝර් හි ගබඩා කරන්නට අවසර දී ඇත. කලාපීය රටවලට ස්ථාවර මිලකට ඛනිජ තෙල් සැපයීම සදහා අනුගමනය කරන පූර්ව උපාය මාර්ගයක කොටසක් බව දැක්වේ. මෙම අවස්ථා වලින් ශ‍්‍රී ලංකාවට ද ආර්ථික නවෝදයක් ඇති කරගත හැක. මෙම බොරතෙල් තොග පිරිපහදු කළ යුතු අතර පිරිපහදුව හා ගබඩා පහසුව ශ‍්‍රී ලංකාවේ දී සැපයීමෙන් අලූත් කර්මාන්ත සදහා අවකාශ සැලසේ. ආනයනයට පමණක් සීමා වී ඇති මෙරට ඛනිජ තෙල් ආශ‍්‍රීත අංශය අපනයනයට ද සූදානම් කිරීමක් වනු ඇත.

ඛනිජ තෙල් ගෙන්වීම, මන්නාරමේ තෙල් සෙවීම හා සපුගස්කන්ද පිරිපහදුව යන අංශ තුන කිසිසේත් අද පවතින තරගකාරී නවීන ආර්ථිකයට නොගැලපේ. ජාතික සම්පත් සේ සලකා තීන්දුගැනෙන ව්‍යුහය තුළ විශාල අවාසි තිබේ. පැරණි ව්‍යුහ ආරක්ෂා කිරීම වෙනුවෙන් සාමාන්‍ය ජනතාව ගෙවන වන්දිය බරපතලය. ධනය උත්පාදනය නොකරන, මහජනතාවගේ බදු මුදල් නාස්ති කරන, නවෝත්පාදනයක් රහිත අංශ ජාතික සම්පත් සේ තිබිය යුතු නැත. කර්මාන්ත, බලශක්ති, මුල්‍ය හා වෙළද අංශවලට අලූත් රාමුවක් අවශ්‍යය. ආර්ථිකය නිවැරදි කරන තීරණ ගතහොත් සමාජයට එහි ප‍්‍රතිලාභ ලැබේ. අලූත් රුකියා, අලූත් ආදායම් මාර්ග බිහිවේ. මෙම ඒකාකාරී නිරස ව්‍යුහයෙන් ගැලවීම අරමුණු කරගෙන වෙනස්ම කි‍්‍රයාමාර්ග කෙරෙහි නැඹුරුවක් අවශ්‍යය. රාජස්ථාන් ප‍්‍රාන්තයෙන් නැගෙන කලූ රත්තරන් කිරැුළ අපට මග පෙන්වන දර්ශකයකි.