අංගම්පොර සටන් ක‍්‍රමයට වසර පන්දහසක පමණ ඉතිහාසයක් ඇති බව පර්යේෂකයෝ දක්වති. මෑත කාලය තුළ ක‍්‍රීඩාවක් වශයෙන් පවත්වාගෙන යන්නට උනන්දුවක් තිබේ. අධිරාජ්‍යවාදී කාලයේ දී අංගම්පොර තහනම් කර තිබුණි. අංගම්පොර සටන්කරුවන් සමග තරග කළ නොහැකි වූ හෙයින් අධිරාජ්‍යවාදීහු ස්වදේශිකයන්ට එහි පුහුණුවීම් වලට ඉඩ දී නැත. එකල පනවන ලද තහනම ඉවත් කරන්නට වත්මන් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත. මෙම සටන් ක‍්‍රමය ශරීර අවයව හා බැදී තිබේ. අංග අතර අල්ලන පොරයකි. මෙහි ඉතිහාසය හා ව්‍යාප්තිය වෙත අවධානය යොමුකිරීම සුදුසුය. ඇතැම් කොටසක ගේ මතය අනුව රාවණා කාලයේ සිට ලංකා ඉතිහාසයට සම්බන්ධය. තවත් විද්වතුන් කරුණු දක්වන පරිදි අංගම්පූර් යන වචනයක් දෙමළ භාෂාවෙහි තිබේ. දකුණු ඉන්දියාවේ අංගම්පුර් නමින් ක‍්‍රිඩාවක් ඇත. අංගම්පොර සටන් කලාව හා සමානතා එහි තිබේ. ඇතැමෙකු කලර්ෆයිට් යනුවෙන් හදුන්වති. ඉන්දියාවේ කේරළ ප‍්‍රදේශය තුළ ලංකාවේ සමාජ සංස්කෘතික ලක්ෂණ බහුලව දැකිය හැක. අංගම්පොර ලංකාවට ව්‍යාප්තවීම කේරළ ආභාෂය ද නොඑසේනම් රාවණ කාලයේ එය කේරළයට ව්‍යාප්ත වූ එකක් ද යන්න සොයා බැලීම පර්යේෂකයන් සතු විය යුතු වගකීමකි.
දකුණු ඉන්දියාවේ මලබාර් වෙරළ තිරය ද කේරළ ප‍්‍රාන්තයට අයත්ය. දකුණු ඉන්දියාවට අයත්ය. මිලියන තිස් අටක පමණ ජනගහනයක් ජීවත් වෙති. ඉතිහාසයට අනුව චේර රජ පෙලපත මෙම ප‍්‍රදේශය අතීතයේ දී පාලනය කර තිබේ. එහි කෘෂිකර්මය බහුලය. කුළුබඩු වෙළදාම සිදුවූ අතර බටහිර ජාතීන්ගේ අවධානයට ලක්විය. පසු කාලයක ඉන්දියාව යටත් කරගැනීමට ද එක හේතුවකි. කේරළ ප‍්‍රාන්තය මානව සංවර්ධන දර්ශකයේ සෑහෙන ඉහළින් සිටින ප‍්‍රදේශයකි. එහි වැසියන්ගේ සාක්ෂරතාව ද යහපත් ස්ථානයක බව දැක්වෙයි. ඉන්දියාවේ ප‍්‍රාන්ත තුළ නාගරික ප‍්‍රදේශ බහුලය. කේරළයේ ප‍්‍රදේශ වේගයෙන් නාගරීකරණයකට ලක්ව ඇති බව පෙනේ. ජනගහනය අනුව සලකනවිට ඉන්දියාවේ ප‍්‍රාන්ත අතර විසි එක් වැනි තැනට පත්වන නමුත් කේරළය ආර්ථික ශක්තිය අතින් සෙසු ප‍්‍රාන්ත අභිබවා අට වැනි තැනට පත්ව සිටින බව ඉන්දීය වාර්තා දක්වයි. කේරළය පුරා, විහිදුන එක දිගට ඇති වෙරළ තිරයේ පොල් වගාව බහුලය. රට අභ්‍යන්තරයේ වී වගා කෙරේ. ගොවිතැන් කරන ගෙවිලියෝ මහන්සියට කවි ගායනා කරති. දැන් කාලයේ සුලබ නැත. එම ගායනා ලංකාවේ ගොයම් කවි හා සමානය. සමහර කවියක අර්ථය අනුව අපි පැවත එන්නේ ‘‘ඉලෝලෑන්ඞ්’’ වලින් යැයි සදහන් බව ඇතැම් සාක්ෂි පෙන්වයි. මෙම ඉලෝලෑන්ඞ් යනුවෙන් අදහස් කරන්නේ ‘‘හෙළ රට ’’ බව එහි පැවැත එන එක විශ්වාසයකි.
සටන් කලාව, කෘෂිකර්මය පමණක් නොව ආයුර්වේදය ද කේරළයෙහි දැකිය හැකි තවත් ලක්ෂණයකි. ලංකාවේ ගමක වෙසෙන වෙද මහත්මයා හා සමාන චරිතයක් කේරළයේ අතරමැද දියුණු තැන්වල වෙසෙති. ඔවුහු තමන් වෙත එන රෝගීන්ට ප‍්‍රතිකාර කරන අතර වෛද්‍යවරයන් වශයෙන් පිලිගැනීමට ලක්ව ඇති පිරිසකි. වෘක්ෂාර්යුවේදය එහි පැරණි ක‍්‍රම අතර තිබේ. ගහ කොළ සමග පැවැතෙන, සොබාදහමට නතු වූ ජීවිතයකින් නිරෝගී බව අපේක්ෂා කෙරේ. ආයුර්වේද චිකිත්සක ක‍්‍රම ලාංකිකයන්ට ඉතාමත් සමීපය. බෙහෙත් හේත් වල දී වෛද්‍යයන් ගේ පිහිට පතන කේරළයේ වැසියෝ අතරින් මලබාර් කුලයේ මිනිසුන් තවමත් තෙයියන් නටති. එනම් අපට අනන්‍ය පරිදි තොවිල් ශාන්තිකර්ම වල නියැලෙති. තොවිල් නැටුම් වලින් ශාන්තිය අපේක්ෂා කරන බව සදහන් කළ යුතුය. මෙරට තොවිල් ඇදුරන් හා සමාන විසිතුරු ඇදුම් පැළදුම් හා වෙස් මුහුණු පළදින එහි තෙයියන් ඇදුරෝ ගින්දර ද උපයෝගී කරගෙන හැගීම්බර නර්තන විලාශ දක්වති. කේරළයේ දේවී නමින් ප‍්‍රචලිත දේවතාවියකි. ඇය අප ගේ ලාංකේය ජනතාව ගේ ඉහළම ගරුත්වයට පාත‍්‍ර වී ඇති දේවතාවියක් වන පත්තිනි දේවිය හා සමානය. පත්තිනි දේවතාවියට ලාංකේය ජනතාව අතර උසස් පිලිගැනීමක් තිබේ. ඉන්දියාවේ හින්දු කෝවිල්වල හැඩය මහල් සහිතව ඉහළට විහිදුන ඉතාම මනරම් කලා සිතුවම් වලින් යුක්තය. නමුත් කේරළයේ දේවාලවල ඇත්තේ ලංකාවේ දේවාලවල මෙන් තනි මහල් හැඩයකි. අභ්‍යන්තරය ඉතා විසිතුරුය. මේවායෙන් අනාවරණය වන අනන්‍යතා කොතැනකින් කොතැනකට සංක‍්‍රමණය වී තිබේ ද යන්න පැහැදිලි කරගත යුතුය. රටට ආදරය කරන පිරිස් වලට අනුව මේවා ලංකාවෙන් උකහා ගත් අංගයන්ය. සමහර විද්වතුන්ට අනුව එක් එක් කාලවකවානු වල මෙරටට පැමිණි පිරිස් අතර කේරළයේ පිරිස බහුලය. එම ජන කොටස් විවිධ ඇවැතුම් පැවැතුම් හා සංස්කෘතික ලක්ෂණ රටට කාවද්දා ඇත. මිශ‍්‍ර වී තිබේ. නොයෙක් කාල වකවානු වල රටට විවිධ ආක‍්‍රමණ එල්ල වී තිබේ. දූපතක් වශයෙන් පැවැතීම විජාතිකයන් පැමිණෙන හේතුවකි. මෙම කරුණු කෙරෙහි සාධාරණ පැතිවලින් සලකා ගැඹුරු පර්යේෂණයකට ලක් කිරිම අවශ්‍යය.
ආහාර සංස්කෘතිය අනුව ලංකාවේ අනන්‍ය ආහාර වර්ග ලෝකයේ ප‍්‍රධාන නගරවල තිබේ. එහෙත් කේරළයේ සංචාරය කරන කිසිවෙකුට එහි ගොඩනැගිලි, ගහ කොළ සමග ආහාර ද හාත්පසින්ම සමානතා දක්වයි. උත්සව අවස්ථාවක කිරිබතක් ඉදෙන්නේ නැති නිවෙසක් එහි නැත. කිරිබත්, හැලප, මුංගුලි, පිට්ටු, ආප්ප හා ඉදි ආප්ප කේරළයේ අවන්හලක වැඩිපුරම ඇත. රස නොවෙනස්ය. ලංකාවෙන් පිටත්ව දකුණු ඉන්දියාවේ සේවය කළ රාජ්‍යතාන්ත‍්‍රිකයෙකු අනාවරණය කරන පරිදි ලංකාවේ හා කේරළයේ හැර ලෝකයේ අනෙක් තැනෙක ගොරකා භාවිතා කරන්නේ නැත. එය අලූත් තොරතුරක් වෙන්නට බැරි නැත. වර්තමානයෙහි සමහරවිට බෝතල් කරන ලද ගොරකා වෙළද පොලෙහි විකිණීමට තිබෙනවා විය හැකිය. නමුත් ගොරකා ගෙඩිය ඉදුණු පසු එහි මද වෙන්කර වියලා සකස් කරගැනීමේ සම්ප‍්‍රදායික ක‍්‍රම දන්නෝ විරලය. එහි අනන්‍ය ආභාෂය ලංකාවටත් කේරළයටත් පොදුය. ඉන්දියානු වැසියෝ බහුලව භාවිතා කරන්නේ සියඹලා බව සදහන් කළ යුතුය. ගොරකා ගැන එපමණ සැලකිල්ලක් නැත. යාපනයේ ජනතාව පවා සියඹලාවලට ඉතාමත් කැමැතිය. ආහාර රස කරන්නට සියඹලා යොදති. ඇඹුල් රහ ගැනීමට දකුණේ ගම්වල ගොරකා යොදන්නේය. ගොරකා කාලයට ගෘහණියෝ ඉදී වැටුණු ගෙඩි එකතු කර ආහාර සදහා යොදාගැනීමට සකස් කරගනිති. ඇතැම් ආහාර වර්ග විශේෂයෙන් මාලූ කල් තබාගැනීමට ලූනු හා ගොරකා පාවිච්චි කිරීම දකුණු පලාතේ සුලබ සිද්ධියකි. ලංකාවේත් කේරළයේත් ගොරකා භාවිතා කිරීම අපූරු සමානතාවයකි.
කේරළයේ අලි ඇතුන් ද බහුලය. විශේෂ ගණනාවක් හදුනාගෙන තිබේ. වැඩිම කොටසක් ධනවත් පිරිස හා කොවිල්වල නඩත්තු කරන බව දැක්වෙයි. හින්දු කෝවිලේ පවත්වන උත්සවයක දී අලි ඇතුන් ද සම්බන්ධ කර ගැනේ. එය මෙරට පෙරහරක අලි ඇතුන් ගාම්භීර ලෙස යොදා ගැනීමට සමානය. ලංකාවේ පෙරහරවල දී අලංකාර ලෙස සරසන ආකාරයට විචිත‍්‍ර ඇදුම් අන්දවති. ඉන්දියාවේ අනෙක් ප‍්‍රදේශයක එවැනි ක‍්‍රමයක් නැත. අලංකාර ඇදුම් වලින් සරසන ලද අලින් හා මුතුකුඩ සහිත පෙරහර ක‍්‍රම කේරළයට ද ශ‍්‍රී ලංකාවට එක සේ අනන්‍යතා ඇති සංස්කෘතික අංග බව දැක්විය යුතුය.
නවදිල්ලි දේශපාලනය සහ තමිල්නාඩු බලපෑම ගැන ලංකාවට විශාල උනන්දුවක් තිබේ. දේශපාලන නායකයයන් ඇගිල්ල දිග් කරන්නේ නවදිල්ලියටය. තමිල්නාඩුවේ දේශපාලනඥයෝ මැතිවරණ ලං වන විට ලංකාවේ දෙමළ ජනතාව ගැන හුවා දක්වති. තමිල්නාඩු ධීවරයෝ මෙරට මුහුදු තීරය ආක‍්‍රමණය කිරීම ගැන ද සෑහෙන විවාදයක් තිබේ. මෙවැනි පැති වැදගත් නැති බවක් අදහස් නොකෙරේ. ශ‍්‍රී ලංකාවට සම්බන්ධ විය හැකි අනෙක් පැති හා රටට ලබා ගත හැකි අවස්ථා ගැන සාකච්ඡා කිරීම ද සුදුසුය. කේරළ ප‍්‍රාන්තයෙන් ආභාෂය ලැබෙන සමානකම් රටට හානියක් නොවන ලෙස වැඩි අවධානයක් යොමු කළ හැකිය. පරිසරය, ආයුර්වේදය, කෘෂිකර්මය ශී‍්‍ර ලංකාවට ආගන්තුක නැත. අනෙක පහසුවෙන් ළගාවිය හැකිය. ඉන්දියාවේ අනෙක් ප‍්‍රාන්තවලට අනුව සලකනවිට මනා ආර්ථික ජවයකින් ද යුක්තය. ශතවර්ශ ගණනක් කේරළය හා එහි විසූ පාලකයන් ලංකාව සමග සම්බන්ධකම් පවත්වන ලද බව පැහැදිලිය. එහි අලූත් පියවරකට අවස්ථාව තිබේ. කේරළ ප‍්‍රාන්තය ගැන අධ්‍යයනය ඉතා වැදගත්ය. සෑහෙන රහස් සම්භාරයක් සමාජය තුළ සගවාගෙන සිටින බව අනුමාන කළ හැකිය.
|