සිංහල හා දෙමල අලූත් අවුරුද්ද උදා වෙමින් තිබේ. තවත් දින කිහිපයකින් අවුරුදු අසිරිය හදවත් තුළට ඇතුළුවනු ඇත. සෞඛ්‍ය අංශ රට තළ පවතින කොවිඞ්-19 වයිරසයේ බලපෑම ගැන අවධානයෙන් සිටී. ශ‍්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම නැවත වතාවක් අවිනිශ්චිත තැනක බව සදහන් කළ යුතුය. පසුගිය වසරේ සිංහල හා හින්දු අලූත් අවුරුද්ද නිවසට වී සිටින තැනට පත්ව තිබුණි. නැකැත් චාරිත‍්‍ර වලට පමණක් සීමා විය. එම කාල වකවානුවේ තිබුණ අවදානම තරමක් ලිහිල් වී තිබේ. කොවිඞ් එන්නත එයට එක හේතුවකි. අනෙක ජනතාව තුළ කොවිඞ් සම්බන්ධයෙන් පවතින දැනුම්වත්භාවයයි. පරෙස්සමය. සෑම පුද්ගලයෙකුම මුව ආවරණ පැළද එදිනෙදා කටයුතු වල නිරත වන බව නිරිත්ෂණය කළ හැකිය. නිතර අත සෝදන අතර එය එදිනෙදා අංගයක් බවට පත්වීම වයිරසය පාලය කරන ප‍්‍රබල සාධකයකි අවදානම අඩු, එහෙත් අවධානයෙන් සිටින පසුබිමක් තුළ සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද උදා වෙමින් තිබේ.
බක් මාසය උදාවන විට සෞභාග්‍යය ගැන ඉගි කරයි. සියලූ හදවත් තුළට සතුට කැදවයි. එය අවුරුදු උදාවයි. ශ‍්‍රී ලාංකිකයන් සූර්ය සංක‍්‍රාන්තිය උත්සවාකාරයෙන් සමරන දිනය බව සදහන් කළ යුතුය.
සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද සංස්කෘතික උළෙලකි. එහි හැම අංගයක්ම අර්ථාන්විතය. අස්වැන්න නෙලා අටු කොටු පුරවා ගනී. ගහ කොළ හරිත පැහැයකි. සැනසිල්ල සහ සමාජ එකගතාවයට මුල් තැන ලැබේ. පරණ අවුරුද්ද ගෙවී, එළැඹෙන අලූත් අවුරුද්දේ සියලූ කටයුතු වලදී චාරිත‍්‍ර වාරිත‍්‍ර හා නැකැත් වලට මුල් තැනක් හිමිවෙයි. අවුරුදු උදාවෙන් පිබිදුණ හදවත් එක අරමුණකට ගොනු කරයි.
පරණ අවුරුද්දේ ගිනි අලූත් අවුරුද්දට එකතු කර ගත යුතු නැත. පරණ ගැටුම් එතැනින් අත් හල යුතුය. කලබල හා මත බේධ මැද ගෙවුණ කාලයේ ඇබ්බැහිවීම් තවමත් අපට ඇත. සාමකාමී අලූත් යුගයක පැවත්ම ගැන අත්දැකීම් අඩුය. සැකය අවිශ්වාසය තවමත් අප අතර තිබේ. තවත් කෙනෙකුගේ මතයට ගරු කිරීම හුරු නැත. සමාව ඉල්ලන්නට පමණක් නොව සමාව දෙන්නටත් සූදානම් නැත. මේවා ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. තිබුණ අනන්‍ය ලක්ෂණ අහිමි වූ සමාජයකි. ශී‍්‍ර ලංකාවට ද අද අවශ්‍ය සමාජ එකගතාවයයි. එක අරමුණකින් ක‍්‍රියා කිරීමයි. බුලත් හුරුල්ලක් පිරිනමා වැඩිහිටියන්ට ගරුකරන සංස්කෘතියක් ලාංකික අපට ඇත. ගත වූ අවුරුද්ද ගැන ආපසු හැරී ආවර්ජනය කරන්නට නොනගත කාලයක් තිබේ. පුණ්‍ය කාලයකි. නැකැත් නැති එම කාලය ආගම දහමට යොමුවන වේලාවකි. එයින් සාවධානව සිටින විට මුල මැද අග ගැන නිසි විග‍්‍රහයකට අවස්ථාව උදා වෙයි. පසුව, සුබ මොහොතකින් යහපත් අදහස් ඇති ගුණවතෙකු සමග ගනුදෙණු කරයි. සාමය සංයමය හා හිත පිරුණ බව සංකේතවත් කරන්නට කිරි ගහ, නැවුම් ළිද, කිරි බත හා කැවිලි පෙවිලි සම්බන්ධ වෙයි.
අලූත් අවුරුද්ද සිංහල හා දෙමළ එකක් බවට පත්වීම ද අවධානයට ගත යුතුය. අප සියළුම දෙනා එකම සූර්යයාගෙන් ජීවය ලබන කොටසකි. මෙම කලාපයේ සංස්කෘතිය එකකි. භාවිතාව සමානය. එය තුළ අනන්‍යතාව තිබේ. අනන්‍යතාව ආරක්ෂා කරගෙන භාවිතාව තුළ ඇති පොදු ලක්ෂණ වලට ගරු කරන්නට අලූත් අවුරුද්ද එක සංකේතයකි. ලාංකේය දෙමළ ජනතාවට ද අස්වැන්න ලැබීම හා සූර්ය උදාව සමග වතාවතක් තිබේ. ඒවා දීර්ඝ කාලයක් තිස්සේ පවතින සිරිත් විරිත්ය. ඒවාගේ ගැබ්වී ඇති දර්ශනය ජීවිතයට පදනමකි.
ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සම්බන්ධතා වල දී අලූත් අවුරුද්ද කැපී පෙනෙන තැනක තිබේ. දෙරට අතර ආවේනික අංග බහුලය. කේරළය ආහාර පාන, ඇදුම් පැළදුම් නිවාස සැලසුම් සහ ගහ කොළ අතින් ද සමීපය. එයට හේතුවක් තිබේ. විජයාගමනය එක පැත්තකි. එයට කලින් ඉතිහාසයේ රාම රාවනා සම්බන්ධය ගැන කියවේ. රාමායනය ගැන පවතින මතයද දෙරට අතර පවතින සංස්කෘතියේ වැදගත් කොටසකි. අනෙක් අතින් මිහිදු මහ රහතන් වහන්සේ ගේ වැඩමවීම සහ බුද්ධාගම පැතිරවීමය. අශෝක රජ තුමා සිය දියණිය හා පුතු මහණ කර ඔවුන් ගේ මාර්ගයෙන් බුද්ධ ධර්මය ලංකාවට දායාද කළේය. එය සමග අටලොස් කුලයක ශිල්පීහු පැමිණි බව දැක්වෙයි. එය විශාල සංස්කෘතික සම්බන්ධතාවයකි. එක කලාපයක් සහ එකම සංස්කෘතික ප‍්‍රවාහයක් බව වටහා ගැනීමට ඇති එක අවකාශයකි. ඉන්දියාව සමග ඇති ජාන සම්බන්ධතා එකකි. සංස්කෘතික සම්බන්ධතා තවත් පැත්තකි. අලූත් අවුරුද්ද මේවා විදහා දැක්වෙන එක උළෙලක් බව සදහන් කළ හැකිය. එහෙත් අප අමතක නොකළයුතු දෙයක් ද තිබේ. අපගේ අනන්‍යතාව වෙනස්ය. අනන්‍යතාව ආඩම්බරයට හේතු විය යුතුය. ආරක්ෂා කරගෙන අනාගතය දෙසට යොමු වීම අවශ්‍යය. ඉන්දියානු පසුබිම, සංස්කෘතික බැදීම් හෝ එහි විශාලත්වය බාධාවක් නොවේ. විශාල රටක්, දැවැන්ත ජනගහනයක් හා ආර්ථික ශක්තිය පසුබෑමට හේතුවක් නොවේ. අසල්වැසියාගේ විශාලත්වය හෝ ප‍්‍රමාණය කුඩා රටකට පීඩනයකි. එයින් ගැලවීම අවශ්‍යය. විශාල රටක පලපෑම් වල ගිලෙන්නට නොව එය සමග සම්බන්ධවී එකට නැගෙන්නට ආත්ම ශක්තියක් ඇති කරගත යුතුය.
ජර්මනිය එයට එක උදාහරණයකි. යුරෝපා රටවල් අතර කුඩා රටක් වන නමුත් අනන්‍යතාව ආරක්ෂා කරගෙන තිබේ. බි‍්‍රතාන්‍ය රජ පවුල සමග පවා සම්බන්ධය. එහෙත් බි‍්‍රතාන්‍යයට වඩා වෙනස් පැත්තකට අනුව ක‍්‍රියා කරයි. සිංගප්පූරුව වවිධ ජාතීන්, විවිධ ලක්ෂණ එකතු කර එක රටක් බවට හැරී ඇත. එක රටක් එක නීතියක් යන ව්‍යවහාරය වෙනුවට විවිධ අදහස්, විවිධ මතිමතාන්තර අතරතුර පවා ශ‍්‍රී ලාංකේය උරුමය වැදගත්ය. මහත්මා ගාන්ධි අනන්‍යතාව ගැන ස`දහනක් කර තිබේ. ‘‘ මගේ නිවසේ දොර ජනෙල් වසා තබනවාට මම අකමැතිය. සියළු දොර ජනෙල් විවර කර සියළු තැන් වලින් හමා එන සියළු සංස්කෘතීන් මුසු සුළගට මගේ නිවසට ඇතුළු වෙන්නට ඉඩ හරිමි. එහෙත් එම සුළගින් ගසා ගෙන යන්නට මම සූදානම් නැත.’’ ගාන්ධි ගේ එම ප‍්‍රකාශය අනුව අපට තිබිය යුතු ස්ථාවරය මැනැවින් පැහැදිලි කෙරේ.
ජාන වල හෝ සංස්කෘතික වශයෙන් හෝ ඉන්දියාවට ඇති සම්බන්ධය අනෙක් එකකි. ඉන්දියාවට ඇති නැඹුරුව හෝ එහි විශාලත්වය පසෙක තැබීම අවශ්‍යය. ඉන්දියාවේ බලය සලකා බැලිය යුත්තේ වෙනත් කෝණයකින් වන අතර ධනය බලය වෙනුවට ධෛර්යය හා ආත්ම ශක්තිය ඉදිරියෙන් තැබීම අවශ්‍යය. අලූතින් හිතන, අලූත් අවුරුද්දකට ඇතුළුවන මෙම සංස්කෘතික උළෙල තුළ අපට තව අධිශ්ඨානයක් ඇති කරගත යුතුව තිබේ. පැරණි සම්බන්ධතා වලට හෝ සංස්කෘතියට ගරු කරන අතර ලාංකේය විශිෂ්ඨත්වය ගැන ආඩම්බරවිය යුතුය. අප ලෝකයේ කිසිම රටකට දෙවැනි විය යුතු රටක් නොවේ. පවතින සංකීර්ණතා වලින් ගැලවී, නිසි අවබෝධය ඇතිව කොවිඞ් වයිරස් තර්ජනය මැඩ පවත්වා ආර්ථික හා සමාජයීය වශයෙන් නැගෙන අලූත් අවුරුද්දක ප‍්‍රාර්ථනය කෙරෙහි සිත දැඩි කරගැනීම සුදුසුය.
|