ආණ්ඩුවකට විරුද්ධ අරගල ආසියානු කලාපයේ රටවලට අලූත් සිද්ධි නොවේ. ලෝකයේ නොයෙක් තැන්වල අරගල තිබුණි. පාලකයන්ට එරෙහිවන ජනී ජනයා වීදි බසිනු ඇත. ඒවායේ කෙළවර හෝ අවසානයේ දී අත්පත් කරගන්නා ජයග‍්‍රහණ ගැන කල්තබා ඉලක්ක නැති මිනිසුන් සටන අවුලූවන පෙරමුණ ගනිති.
අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ඉන්දියාවේ ගෙන ගිය අවිහිංසාවාදී සටන මෑත ඉතිහාසයේ දැවැන්ත කි‍්‍රයාදාමයකි. බි‍්‍රතාන්‍ය අධිරා්‍යයට එකල ඉන්දියාව යටත්ව තිබුණි. මෝහන්දාස් කර්මචාන්ද් ගාන්ධි ගුජරාට් හි හින්දු පවුලක හතරවැනි දරුවාය. හෙතෙම මුලික අධ්‍යාපනයටපසු ලන්ඩන් නගරයට ගොස් නීතිය ඉගෙන ගනී. දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව යන තරුණ ගාන්ධි එහි විසි එක් වසරක් සේවය කරයි. හතලිස් දෙහැවිරිදි වියේ දී ආපසු ඉන්දියාවට එන හෙතෙම ස්වදේශිකයෝ මහත් හිරිහැරයකට පාත‍්‍ර වී සිටින බව දකින අතර එවකට මෝරා තිබුණ ඉන්දීය නිදහස් අරගලය සමග එකතු වූ බව සදහන් කළ යුතුය. රැඩිකල් සටන්කාමීහු අධිරාජ්‍යවාදීන් සමග ගැටෙමින් සිටි අතර සන්නද්ධ සෙබලූන් සමග මුහුණට මුහුණ කරන අරගලයකින් හැර විසදුමක් අපේක්ෂා නොකළහ. 1915 වසර ගෙවී යමින් තිබුණ. ගාන්ධි අවිහිංසාවාදී අරගලයක් ගැන සිහින මවමින් සිටියේය. සත්‍ය යන සංස්කෘත වචනය සමග ඔහු ග‍්‍රහණය අත් නොහරින බවට දෙන පොරොන්දුව සහිත සත්‍යග‍්‍රහ ව්‍යාපාරය ආරම්භ කළේය. සටන්කාමී ගාන්ධි නිදහස් සටනේ කොටස්කරුවෙකු වූ අතර අධිරාජ්‍යවාදීන්ගේ මර්දනය මැද හෙතෙම නොසැලී සිටියේය. නොසැලී සිටියේ අවිහිංසාව යන අධිශ්ඨානය සමගය. නීතිය හොදට දැනගෙන, අධිරාජ්‍යවාදීන්ගේ භාෂාව හොදින් හැසිරවිය හැකි ගාන්ධි ඔවුන්ට කතා කළේ ප‍්‍රකෝපකාරී වචනවලින් නොවේ. අනෙක් පාර්ශවය බිලිනොගන්නා ව්‍යාපාරයක් වශයෙනි.
ගාන්ධි චරිතය ගැන විග‍්‍රහ කරන බටහිර විචාරකයන් ඔහු උපාය මාර්ගිකයෙකුට වඩා හොද උපක‍්‍රමශීලියෙකු බවය. උපායමාර්ග හා උපක‍්‍රමශීලීවීම සාමාන්‍යයෙන් වෙන්කර හදුනාගැනීමට අපහසු සියුම් වචනය. එහෙත් ඒවායේ පිටුපස දැවැන්ත කතාන්දරයක් ඇත. උපක‍්‍රම අපට හුරුය. උපක‍්‍රමශීලීවීම නායකත්වය තුළ තිබිය යුතුය. දැවැන්ත මර්දනයක්, විශාල බලයක් මැද උපක‍්‍රම සෙවීම වෙනුවට උපක‍්‍රමශීලීව කල්ගත කළ ගාන්ධි ප‍්‍රතිවාදියාගේ බලය අතික‍්‍රමණය කර විශාල ජනමතයක් ඇති කරගන්නට සමත් විය. ඔහු එසේ කරන්නේ ඒ වන විට නිදහස් සටනේ පෙරමුණ ගෙන සිටි ඉන්දීය පතාක යෝධයන් වූ නේරු, පටෙල්, ලාල් බහදුර්, චන්ද‍්‍රබෝෂ් ඇතුළු පිරිවර තුළ සිටි කෙසග පුද්ගලයෙකු වශයෙන්ය. ඔහුගේ අදහස් ඇතැම් අවස්ථාවල සමච්චලයට ලක් වූ බව නොරහසකි. ඉන්දියාව යටකරගෙන සිටි දැවැන්ත අධිරාජ්‍යවාදී පාලනය සලිත කරන්නට අවිහිංසාවාදය කිසිසේත් නොගැලපෙන එකක් බවට තර්ක කරමින් සිටියේ සුළු පිරිසක් නොවේ.
උද්ඝෝෂණ හා ජනතාව අවුලූවන ප‍්‍රචාරය ගෙන යන්නේ කෙසේ ද යන්න ගාන්ධි දැන සිටියේය. ඔහුගේ පැවැත්ම, කි‍්‍රයාත්මකවන ආකාරය හා සංවිධානශීලීත්වය එවකට තිබුණ බටහිර මාධ්‍යවල පවා අවධානයට ලක්විය. කෙසේ වෙතත් ඔහුගේ අවිහිංසාවාදී සිවිල් බලවේගය වෙත පාලකයන් අවනත නොවූ අතර රට වෙනුවෙන් කිසිම සහනයක් දිනා ගැනීමට නොලැබුණ බව ඉතිහාසය කියයි. ඉවසීම ගාන්ධි ගේ පිලිවෙත විය. නිශ්ශබ්ධව මොහොත උදාවෙන තුරු බලා සිටියේය. සිවිල් සටන් මාර්ගයෙහි උච්ඡුතම අවස්ථාව සනිටුහන් කෙරෙන්නේ දැවැන්ත පාගමනක් සමගය.
අධිරාජ්‍යවාදීහු දියලූනු සදහා බද්දක් පැනවූහ. ඉන්දියාවේ මුහුදුකරයේ ස්වබාවික ලූනු නිපදවනලද අතර ඒවා රට පුරා බෙදාහැරමන් තිබුණි. හොදම ලූනු තිබුණේ ගුජරාට් වෙරළ තීරයේය. ඒවා අපනයනයට සූදානම් කළ බි‍්‍රතාන්‍ය පාලකයෝ එංගලන්තයෙන් බාල ලූනු ගෙන්වා අඩු මිලට බෙදාහැරියේය. උසස් තත්ත්වයේ ලූනු රට තුළ වෙළදාම තහනම් කළ අතර ඒවා අපනයනයට බල කළේය. පෘතුගීසීහු කුරුදු පැලකයක් කැපීම මරණීය දණ්ඩනය දෙන වරදක් සේ ලංකාවේ එවකට සලකන ලද ආකාරය හා සමාන තත්ත්වයකි. ගාන්ධි ජනතාව සමග වෙරළබලා පා ගමනක් ඇරඹීය. පා ගමනට සිය දහස් ගණන් ජනයා එකතු විය. සැහැල්ලූ රෙදි කඩක් හැද සිටි ඔහුගේ අත තිබුණේ සැරයටියකි. අවවිගත් බි‍්‍රතාන්‍ය සෙබලූ ඔහු නතර කළහ. ආහාර සදහා ලූනු ස්වල්පයක් ගෙන එන්නට වෙරළ බලා ගමන් කරන බව ඔහු කියා සිටියේය. එය සැතුපුම් 239 ක් දිග ගමනකි. 1930 මාර්තු 12 සිට අප‍්‍රියෙල් 06 තෙක් ගමන් කළහ. මග දිගට ජනී ජනයා එකතු වූහ. අවසානයේ ප‍්‍රධාන ලූනු කම්හල අසල දී ඔහු අත්අඩංගුවට පත්විය. ඒ වන විට සතඨග‍්‍රහයේ නියැලි හැට දහසකට අධික පිරිසක් සිරගත කර තිබුණි. අවිහිංසාවාදී පිරිසකට කරන අඩන්තේට්ටම් ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කරන ලද අතර සියළළුදෙනා නිදහස් කරන්නට සිදුවිය. එය නැවුම් මොහොතකි. ඉන්දීය නැෂනල් කොන්ග‍්‍රසය අධිාජ්‍යවාදීහු සමග අලූත් වටයකින් සිය අභිමතාර්ථය එනම් නිදහස ඉල්ලා සිටි අතර ගාන්ධිගේ අවිහිංසාවාදී මාවත එයට මහත් බලපෑමක් ඇති කරන ලද බව අවිවාදිතය.
මෝහන්දාස් කර්මචාන්ද් ගාන්ධි මහත්මා ගාන්ධි යනුවෙන් උත්තම චරිතයක් වශයෙන් එසැවෙන්නේ කෙසේද? එයය සටන්කාමීන්ගේ අවධානය ලක් විය යුතු කොටසකි. ඔු ඉහළට ඔසවන්නේ ජනතාවයි. ගාන්ධි සටන් මෙහෙයවන්නේ බලය සදහා නොවේ. තනතුරු අපේක්ෂා නොකළ බව අවධාරණය කළ යුතුය. ගමන අවසානයේ දී තනතුරක් ඩැහැගැනීම අපේක්ෂාව වූයේ නැත. රට ටනිදහස වෙනුවෙන් අප‍්‍රමාණ ගමනක නිරත වූ ගාන්ධි ඉන්දියාවට නිදහස ලැබී උත්සව සමරන අවස්ථාවේ දී ගාන්ධි එහි නොසිටියේය. ඔහු කල්කටාවේ වීදි අතර සැරිසරමින් ජාතීන්න අතර සමගිය, සහයෝගය හා උන්නතිය අපේක්ෂාවෙන් ස්වේච්ඡා සේවයක නිරතව සිටියහ. නිදහස් සටනේ නායකයෝ අලූත් ව්‍යවස්ථාවක්, අලූත් නායනත්වයක් සොයන අතරවාරයේ ගාන්ධි නිහඩව කචාර් ඇදුමකින් සැරසී ජනතාව අතර සිටියේය. ඔහු අවිහිංසාවාදී පෙරැුළියක් ඇති කරන ලද අතර බලය සදහා සටන් කළේ නැත. හින්දු හා මුස්ලිම් ගැටීම් වලක්වා සහෝදරත්වය ඇති කරන පියවර සදහා කැපවූ හෙතෙම ජීවිතක්ෂයට පත්වෙන්නේ ද ජාතික සමගිය වෙනුවෙනි.
ඉන්දීය නිදහස් සටනින්, නිර්ව්‍යාජ නායකයනගෙනන් සහ අවහිංසාවාදී සටන් වලින් අපට ඉගෙන ගත හැකි පාඩම් තිබේ. වෛරය, විනාශය, හා සංහාරය වෙනුවට සමගිය, එකමුතුව හා ජවය ඇති කරගත යුතුව ඇත. සටන් අවුලූවන පිරිස් සිය පරිනතභාවය පරීක්ෂා කළ යුතුව තිබේ. අවසානය කොතැනකද?
සටන්කාමීත්වය ප‍්‍රතික්ෂේප කළ නොහැක. වෙනසක් සදහා ගමනට උත්තේජනයකි. සමාජ පරිවර්තනයක් සදහා ධෛර්යයක් කැපවීමක් අවශ්‍ය කෙරේ. කැළඹීමකින් පසු ක‍්‍රමය වෙනස් වනු ඇත. ගතානුගතික යල්පැන ගිය ක‍්‍රම අද සමාජයට ගැලපෙන්නේ නැත. ජනතාව ඉල්ලන්නේ පාලකයා වෙනස් කරන කෝලාහලයක්ද? දෙසිය විසි පස් දෙනාම එපා යැයි හඩ ගා කියන වග සෑහෙන කාලයක සිට තිබුණි. එහි අභ්‍යන්තරය අප හදුනාගත්තේ නැත. මහජන නියෝජිතයන් දෙසිය විසි පස් දෙනා සංකේතයක් පමණකි. ජනතාව ගේ හඩ මහජන නියෝජිතයන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යන අසංවිධිත ක‍්‍රමය පිලිබද වේදනාවකි. ආණ්ඩුවේ ආයතනයක වැඩක් කරගන්නට නැත. කාලයක් සහ ධනයක් වැය කරන්නට සිදුවේ. එකම කාර්යයකට අති විශාල වෙහෙසක් දරන පසුබිම තුළ එහි වෛරය හැරෙන්නේ පාලකයන් දෙසටය. ක‍්‍රමය වෙනස් කරන, සිස්ටම් චේන්ජ් අවශ්‍ය බව කියන හ`ඩ තුළ ඇති ජනතා මතය පරෙස්සමෙන් අධ්‍යයනය කර අවශ්‍ය විසදුම් නිර්මාණය නොකළහොත් ඉහළටම ඔසවා තබන ඊළ`ග ආණ්ඩුව ද පහතට තල්ලූ කරන්නේ ජනතා අරගලය බව මෙහි දී ස`දහන් කළ යුතුව ඇත.
|