කෘෂිකාර්මික කටයුතුවලට ඇති ලැදියාව අඩුවෙමින් පවතී. අධික පිරිවැය එක පැත්තකි. තරුණ පිරිස ඉහළ ආදායමක් ලැබෙන සේවා අංශයේ අවස්ථා සදහා නැඹුරු වෙමින් සිටී. මහා පරිමානයෙන් වගා කරන රටවල්, තාක්ෂණික මෙවලම් සහ යන්ත‍්‍ර සූත‍්‍ර උපයෝගී කරගන්නා තැනට පත්ව ඇත. කුඩා ඉඩම් හිමියන්ට සංකීර්ණ ගැටළු මතු වී ඇත. වගාව සදහා ශ‍්‍රමය නැත. ශ‍්‍රමය සදහා ගෙවිය යුතු කුලිය ඉහළ නැග තිබේ. උපකරණ කුලියට ගැනීම ලාබදායක නැත. ශ‍්‍රම වියදම, පොහොර හා රසායනික ද්‍රව්‍යවලට වැය කළ පසු ගොවිතැන් අත්නොහැරීම ගැන කම්පාවක් ඇතිවේ. අස්වැන්න අළෙවියේ දී මතුවෙන ගැටළු මෙම තත්ත්වය තවත් සංකීර්ණ කරයි.
ඉන්දියාවේ විවිධ පලාත්වල කාබනික ගොවිතැන, ස්වභාවිකව කරන ගොවිතැන් හා මහා පරිමානයෙන් සිදු කරන රසායනික භාවිතා කරන කෘෂිකර්මික කටයුතු ද කරගෙන යයි. හර්යානා ප‍්‍රාන්තයේ ගොවිතැන සදහා ඉහළ අවධානයක් යොමු කර කෘෂි අධ්‍යාපනය ලබාදෙන පාසලක් හර්යානා ප‍්‍රාන්තයෙහි ගුරුකුල් කුරුක්ෂේත‍්‍රා විදුහල ස්වභාවික ගොවිතැන ප‍්‍රචලිත කිරීමෙහි නිරතය. වගාවේ දී රසායනික ද්‍රව්‍ය යෙදීම නොකරන අතර පස සාරවත් කිරීම සදහා ක්ෂ‍්‍රද්‍ර ජීවීන් බහුල කරන ස්වභාවික ක‍්‍රම භාවිතා කරමින් ඇත. ගුජරාට් ප‍්‍රාන්තයේ පිහිටි මෙම පාසල ආරම්භ කරන්නේ 1912 දී වන අතර එහි ඉගෙනගන්නා සිසුන්ට සම්ප‍්‍රදායික ගුරුකුළ අධ්‍යාපනය ලබාදීම එහි දී සිදුකෙරේ. මෙම ප‍්‍රදේශය මහාභාරත් කාව්‍යයේ විස්තර කර ඇති ස්ථානවලට සම්බන්ධතාවයක් ඇත. කුරුක්ෂේත‍්‍ර යුද්ධය සිදු වූ ස්ථානය හේතුකොටගෙන විදුහල පිහිටි ප‍්‍රදේශය කුරුක්ෂේත‍්‍රා වශයෙන් අදටත් හැදින්වේ. ඓතිහාසික සිද්ධිවලට ඇති සම්බන්ධතාවය සලකන මෙම ප‍්‍රදේශයේ පිරිස් සම්ප‍්‍රදායික සංස්කෘතික අනන්‍යතාවයට හා පැරණි ගොවිතැන් ක‍්‍රමගැන ද මහත් විශ්වාසයකින් පසුවෙති.
ඉකුත් වසර දහය තුළ ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වූ ප‍්‍රදේශය ගුජරාට් ප‍්‍රාන්තය බව දැක්වේ. කෘෂිකර්මයට වඩාත් ප‍්‍රසිද්ධියක් උසුලයි. කර්මාන්ත විශාල ප‍්‍රමාණයක් ද පිහිටා තිබේ. කපු, රටකජු, උක්, රට ඉදි බහුලව නිපදවන අතර කිරි සහ කිරි ආශ‍්‍රිත නිෂ්පාදන ද මහා පරිමානයෙන් සිදුකෙරේ. රැකියා හිගය අඩුම ප‍්‍රාන්තය වශයෙන් දැක්වේ. රජයට හා පුද්ගලික අංශයට අයත් වරාය ගණනාවක් ගුජරාට් හි පිහිටා ඇති අතර ඉන්දියාව ආනයනය හෝ අපනයනය කරන භාණ්ඩ ඇතුලත් කන්ටේනර් ප‍්‍රමාණයෙන්, සියයට හතලිහක ප‍්‍රතිශතයක් මෙම ප‍්‍රාන්තයට අයත් වරාය වලින් මෙහෙයවන බව ද සදහන් කළ යුතුය. දියුණු ආර්ථිකයක් සහිත ගුජරාට් හි සෑහෙන පිරිසක් සිය දෛනික අවශ්‍යතා සදහා ස්වභාවික ක‍්‍රම වලට ධාන්‍ය, එලවලූ හා පලතුරු නිෂ්පාදනය කරගනිති.
ගුරුකුල් කුරුක්ෂේත‍්‍රා විදුහල ස්වභාවික ගොවිතැන ප‍්‍රචලිත කරන, එහි මුලධර්ම ආරක්ෂා කරන ස්ථානයකි. ගුරුකුල් කුරුක්ෂේත‍්‍ර පාසල සිසුන් බදවාගන්නා අතර එහි දී පවත්වන පාඨමාලාවල දී, ඉන්දියානු වෛදික හර පද්ධතිය ඇති කරන විශේෂිත පුහුණු වැඩසටහන් පවත්වයි. ඉන්දියාවේ හොඳම විශ්ව විද්‍යාල සහ හමුදා ඇකඩමි සඳහා අයැදුම් කිරීමේදී, මෙම පාසලේ අධ්‍යයනය ලැබූවෝ තෝරා ගැනීම සාමාන්‍යයෙන් සිදුකෙරේ. පැරණි වගාක‍්‍රම ගැන මනා අත්දැකීම් ඇති ආචාරීන් ගේ දැනුම කෘෂි අංශයේ ඉගෙනුම ලබන පිරිසට ලැබේ. ස්වභාවික ගොවිතැන සහ එයට අවශ්‍ය පොහොර හා කෘමි හානි වලකන දියර වර්ග නිෂ්පාදනය ගැන දින තුනක විශේෂ පාඨමාලා ද ගොවියන් සදහා පවත්වයි.
දශක ගණනාවක් රසායනික පොහොර භාවිතා නොකරන ලද අක්කර 180 ක ගොවිපලක් ගුරුකුල් කුරුක්ෂේත‍්‍රය සතුය. තිරිගු, වී, උක්, අර්තාපල් ඇතුළු අනෙකුත් භෝග මෙහි වගා කරන අතර ගුරුකුලයේ නේවාසික සිසුන්ගේ ආහාර වේල ගොවිපළේ නිෂ්පාදනවලින් සකස් කෙරේ. ගොම සහ ගව මුත‍්‍රවලින් පොහොර නිපදවන අංගනයක් සහිතය. ඒ සදහා අවශ්‍ය ගොම ලබාගැනීම සදහා ගවයන් හා දෙනුන් තුන් සියයක් පමණ නඩත්තු කෙරේ. ශිල්ප උගන්වන ආචාරීන් දක්වන පරිදි අක්කරයක ගොවිබිමක් සදහා ගවයෙකුගෙන් ලැබෙන ගොම සහ මුත‍්‍ර ප‍්‍රමාණවත්ය. ඒවා අනුපාතයකට අනුව මිශ‍්‍රකර, පිරිසිදු ජලය භාවිතාකර හිතකර ජීවීන් වැඩෙන්නට සලස්වන අතර නියමිත කාලයට පසු දියර සහ වියලි ගොම වශයෙන් වගා බිම්වලට යෙදවේ. තෝරාගත් පලතුරු හා ශාඛ පත‍්‍රවලින් දිලීර හා කෘමි විරෝධී නිස්සාරක සකස් කරගැනීම ද කෙරේ. ගුරුකුලය 2014 දී ස්වභාවික ගොවිතැන ආරම්භ කර ඇති අතර ගුරුකුල කුරුක්ෂේත‍්‍ර අධ්‍යක්ෂ කර්නල් අරුන් දත්තා, ස්වභාවික ගොවිතැන් පිළිබඳ රාජ්‍ය උපදේශක ආචාර්ය හරි ඕම්, ගුරුකුල කුරුක්ෂේත‍්‍ර පරිපාලක රාම් නිවාස් මහතා ඇතුළු පාසලේ නිලධාරීන් මෙම ක‍්‍රම පිලිබදව ඉන්දියානු ගොවියන් දැනුම්වත් කරන පිලිවෙල ආදර්ශවත් වැඩසටහනක් බව සදහන් කළ යුතුය. ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පලාත් අයවැයෙන් මෙහි නඩත්තුව සදහා ප‍්‍රතිපාදන වෙන්කරන නමුත් වාර්ෂික වියදම ආවරණය කරගැනීමට විදුහලල සමත්ව තිබීම විශේෂත්වයකි. ස්වභාවික ගොවිතැන අනුව වගාව සදහා වියදම බිංදුව දක්වා පරිවර්තනය කරගෙන තිබේ. ගොවියන් ගේ ආදායම නංවන අතර අහිතකර රසායන භාවිතයකින් තොර ආහාර හේතුවෙන් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව තහවුරුවීම ස්වකීය අවශ්‍යතා සදහා ස්වභාවික ගොවිතැන පැතිරීමට ප‍්‍රධාන හේතුවක් වී තිබේ.
ගුරුකුල් කුරුක්ෂේත‍්‍රය හා සමාන ස්වභාවික ගොවිතැන් කරන ස්ථාන සහ ඒවාට මුල් වී ක‍්‍රියාකරන විද්වතුන් ශ‍්‍රී ලංකාවේ දී මුණ ගැසිය හැකිය. ඉතා කැපවීමකින් මුලධර්ම ආරක්ෂා කරගෙන ගොවිතැන් කිරීමට ඔවුහු ප‍්‍රයත්න දරති. වෙළද පොල අවශ්‍යතා සදහා මහා පරිමානයෙන් නිපදවීම හා ආදායමක් සදහා ක‍්‍රියා කරන ගොවිතැනට ස්වභාවික ගොවිතැන ගැලපීම සුදුසු නැත. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ස්වභාවික ගොවිතැන පිළිබඳ දැනුම හුවමාරු කරගැනීම පිළිබඳව අවධානය යොමු කළ හැක. මෙම ස්වභාවික ගොවිතැන යටතේ වැඩිම අස්වැන්නක් ලැබෙන භෝගය වී බව ද ආචාර්යවරු සමග කළ සාකච්ඡුාවලදී අනාවරණය විය.
අප‍්‍රියෙල් මාසය භාග්‍යවන්ත කාලයකි. ජෝතිෂ්‍යය අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වෙන්නේ බක් මාසයේ දී ය. අස්වැන්න නෙලාගෙන තෘප්තිමත්ව පවත්වන සංස්කෘතික උත්සවයක් වශයෙන් සිංහල හා හින්දු අලූත් අවුරුද්ද නම් කළ හැක. සශ‍්‍රීකත්වය, බක් මාසයේ සතුට තවත් නංවයි. නැකතට පැලයක් සිටුවීම අලූත් අවුරුදු චාරිත‍්‍රවලට ඇතුලත් වී ඇත. ගොවිතැන, ගොවිකම ලාංකිකයන්ට හුරු පුරුදුය. නාගරීකරණය සමග ඉඩම සීමා සහිත වී ඇති අතර අවිවේකීභාවය හෙයින් අප අතරින් ඇතැම් කොටසක්, පැලයක් සිටුවීම, අස්වැන්න නෙලාගැනීම අපහසු පිරිසක් බවට පත්ව සිටී. සෑම දිස්ත‍්‍රික්කයකම ස්වභාවික ගොවිතැනට උන්නදුවක් දක්වන පිරිස එකතුකර ඔවුන් සංවිධානය කරන ක‍්‍රමයක් මෙම අවුරුද්දේ සිට ඇරඹිය හැකිය. ආණ්ඩුවෙන්, නිලධාරීන් කරන තෙක් බලානොසිට කැපවීමෙන් ක‍්‍රියා කරන විද්වතුන් මෙහි ලා මුල පුරන කටයුතු ඇරඹීම සුදුසුය. දැනටමත් ස්වභාවික ගොවිතැන් කරගෙන යන එහි ලා වෑයමක් දරන පිරිස් තම අත්දැකීම් සහ ක‍්‍රම ජනතාව අතර පැතිරවිය යුතුය. එය විශාල සමාර මෙහෙවරක්වනු ඇත. ගෙවත්තේ වගාවක් කරන සාමාන්‍ය ජනතාවට ද වගකීමක් තිබේ. රසායනික අලෙවිකරන තැන්වලට ගොස් පොහොර හා කෘෂි රසායන මිල දී ගන්නට කලින් ලාංකේය මුතුන් මිත්තන් අනුගමනය කළ පිලිවෙල ගැන සිහිපත්කළ යුතුය. තමන් ගේ නිවසින්, ස්වභාවික ගොවිතැන ආරම්භ කරන්නට එළැඹෙන අලූත් අවුරුද්දේ දී ප‍්‍රාර්ථනාවක් ඇති කරගැනීම සුදුසුය.
|