ඉන්දියාවේ මුම්බායි නගරය අතිශය කාර්ය බහුලය, ජනාකීර්ණය. ශ‍්‍රී ලංකාවේ ජනගහනය හා සමාන ජන කොටසක් මහාරාශ්ඨ ප‍්‍රාන්තයේ ජීවත්වන අතර මුම්බායි එහි අගනුවරයි. බොම්බාය නමින් කලින් හදුන්වන ලද අතර විශාල වානිජ කේන්ද්‍රස්ථානයකි. ෆිරෝසා සුරේෂ් පනස් හැවිරිදිය. ඇය මුම්බායි නගරයේ පාපැදි නගරාධිපතිනිය වශයෙන් ප‍්‍රසිද්ධියට පත්ව ඇත. ඇත්ත වශයෙන්ම නෙදර්ලන්තයේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෝකයේ සියළු රටවල පාපැදි නගරාධිපතිවරු නම්කරන උත්සාහයක සිටී. දැනට රටවල් හතරක නගර හයකට නගරාධිපතිවරු පත් කර තිබේ. එයින් හත් දෙනෙකු පාපැදි නගරාධිපතිනියන්ය. නෙදර්ලන්ත රාජ්‍ය නොවන සංවිධානයේ වෑයම වසර 2030 වන විට ලෝකවාසීන්ගේ ගමන් බිම් වලින් සියයට පනහක් පා පැදිය කරා යොමු කිරීමය. එයට මුල්වෙන්නේ ද කාන්තාවකි. ජගත් ප‍්‍රජාව එම කදිම අදහසට අවනත වෙමින් සිටී. මුම්බායි හි ජීවත්වන ෆිරෝසා මෙම වෑයම සමග එකතුවීම එහි ප‍්‍රතිඵලයකි. ඔස්ටේ‍්‍රලියාව, බ‍්‍රසීලය, ඉන්දියාව හා මෙක්සිකෝවේ නගරවල පාපැදි නගරාධිපතිවරු සිටී. ස්වේච්ඡුාවෙන් ඉතා කැපවීමකින් වැඩ කරන ඔවුහු නගරයේ ජීවත්වන පිරිස පා පැදි භාවිතා කරන තැනට නැඹුරු කරවති. අනෙක පාපැදියකට ගමන් කළ හැකි පහසුව හා පාපැදි නතර කරන තැන් ඇති කිරීම ඇතුළු නොයෙක් අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිති.
අන්තර් ජාලය ගවේශනය කළහොත් ෆිරෝසා ගැන වැඩිමනත් විස්තර දැනගත හැකිය. ඇය බාලවියේ සිට පාපැදියෙන් ගමන් බිමන් ගියාය. අසල්වැසියන් පුදුමයෙන් බලා සිටිය දී ජනාකීර්ණ මාවත් වල දැවැන්ත ට‍්‍රක් රථ හා අවිනීත රියැදුරන්ගේ නලා ශබ්ධය මැද පා පැදිය හසුරුවන්නට සමත් වූවාය. බාල වියේ දී ඇය අසල්වාසී තරුණයෙකුගෙන් ගත් පාපැදියකින් හසුරවන අන්දම උගත්තාය. සාමාන්‍ය පවුලක සාමාජිකාවක් වූ ඇයට තමන්ගේ පාපැදියක් ගන්නට වත්කමක් නොතිබුණි. දිනකට පැය භාගයක් කුලියට ගත් පා පැදියෙන් නිවසේ අවශ්‍යතා වෙනුවෙන් එහා මෙහා ගිය ඇයට පසුව පියා ගේ සහෝදරයෙකු, පාවිච්චි කළ පා පැදියක් මිලයට ගෙන තිළිණ කර තිබේ. පාසලට යන ඇය පාපැදියකින් එන යන එකම යුවතියයි. මුස්ලිම් සංස්කෘතිය අනුව ඇයට සල්වාර් අ`දින්නට දෙමාපියෝ නියම කළාය. එය අවහිරයකි. පාපැදියට දැක්වූ ඇල්ම අඩු වූයේ නැත. නගරයේ රැුකියාවකට යන ගමනට ද ඇය තෝරා ගත්තේ පාපැදියකි. සාමාන්‍යයෙන් අඩු ආදායමක් ලබන ජනී ජනයා ගේ වාහනය වූ හෙයින් ඇයට ද අඩු සැලකිල්ලක් ලැබුණ නමුත් නොසැලූනාය. විවාහ වූ ඇය තාවකාලිකව පසෙක තැබූ පා පැදිය යලි අතට ගත්තේ මවක වූ පසුය. පා පැදි තර`ග වලට ඉදිරිපත් වූවාය. එයින් ජය ගත්තාය. අතිශය වෙහෙසකර හා කැපවීමකින් පසු ඇය ලෝකය හ`දුනන චරිතයක් බවට පත්ව සිට්න්නීය.
පා පැදිය නැවතත් කරලියට පැමිණ තිබේ. ලෝකයේ හැම තැනකම පා පැදියෙන් ගමන බිමන වඩා පහසු, සෞඛ්‍යයට හිතකර ක‍්‍රියාවලියකි. ඉන්දියාවේ ස්මාට් ගමනාගමන පදනම පැති දෙකකින් පාපැදිය ජනප‍්‍රිය කරන පියවර ගෙන තිබේ. එකක් පාපැදියෙන් වැඩට වැඩසටහනයි. අනෙක මම පාපැදි ධාවකයෙකි යන සංකල්පයයි. මෙම ප‍්‍රයත්න සමග කාර්ය බහුල වී ඇති සමාන අදහස් ඇති පිරිස් ඉන්දියාව තුළ පාපැදිය ප‍්‍රචලිත කරන අභිප‍්‍රායෙන් කටයුතු කරයි. ලෝක සිතියමේ ’’ බයිසිකල් රටක් ’’ ලෙස සනිටුහන් තබන්නට අරමුණ බව දැක්වෙයි.
ඉන්දියාවේ නාගරික ප‍්‍රදේශවල ජන ජීවිතයේ සෑහෙන කොටසක් පා පැදියට නතු කරන අතර මහා මාර්ග සංවර්ධනයේ දී මෝටර් වාහන නොවන ගමනාගමනය වෙනුවෙන් කොටසක් වෙන් කරගැනීමට සූදානමක් පාපැදි නගරාධිපතිනියට තිබේ. මුම්බායි නගරයේ මාර්ග කිලෝමීටර් විසි දහසකට අධිකය. ගුවන් පාලම් පමණක් හැට පහකි. එහෙත් ඒවා නිර්මාණය කරන්නේ යාන වාහන වෙනුවෙන්ය. ප‍්‍රවාහනයේ දී සුව පහසු අධිවේගී තත්ත්වය ගැන අවධානය යොමු කරන නමුත් පාපැදියෙන් එහා මෙහා යන පිරිස් ගැන අවධානය අඩුය. මෙම පැති වෙනස් කරන්නට විශාල මතවාදයක් අවශ්‍ය කර තිබෙන බව ස`දහන් කළ යුතුය. එකට වැඩ කරන පිරිස් එකතු කරගන්නා අතරම ඉන්දියාව පුරා පා පැදි නතර කර තබන, පා පැදි ආරක්ෂා කරන ස්ථාන ඇති කරන්නට ද යෝජනා කර ඇත.
බයිසිකලයට හිමි අලූත් අවකාශයක් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවෙන් ලබා ගැනීමට උතසාහයක් තිබේ. බයිසිකල් දෙපාර්තමේන්තුවක් ඇති කර සෑම අංශයක් සමගම අදහස් බෙදා හදාගන්නා සහ අනාගතයට හිතකර පරිදි සැලසුම් යෝජනා කිරීමත් ෆිරෝසා ඇතුළු කණ්ඩායමේ සිහිනයකි.
ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ රටවල් සෑහෙන ප‍්‍රමාණයක පාපැදිය නව ප‍්‍රවණතාවයකි. බි‍්‍රතාන්‍ය වත්මන් අගමැති බොරිස් ජොන්සන් එහි සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ලන්ඩන් නගරාධිපතිවරයා වශයෙන් ක‍්‍රියා කරන කාලයේ දී, නගරයේ සමහර තැන් පාපැදි වලට පමණක් සීමා කළ අතර පාපැදියෙන් සේවයට එන පිරිස් අවසානයේ දී කාර්යාලයට සුදුසු සේ මුහුණ අතපය සෝදා ගෙන පිලිවෙලක් වෙන තැන් ස්ථාපිත කළේය. අනෙක පොදු පාපැදි ගාල් ඉදි කළේය. එහි කුලියට ගත හැකි පාපැදි තිබුණි. ඒවා බොරිස් පාපැදි නමින් ජනප‍්‍රිය වී තිබුණ කාලයක් වූ බව අමතක කළ යුතු නැත.
චීනය ද පාපැදියට සෑහෙන තැනක් ඇති රටකි. ප‍්‍රධාන නගරවල එකිනෙකට වෙනස් වර්ණ වලින් පාපැදි නතර කර ඇති විශාල ස්ථාන තිබේ. ඒවායේ පාපැදි දහස් ගණනකි. රතු පැහැයෙන් යුතු පාපැදි එක සමාගමකට අයත්ය. කහ පාපැදි අනෙක් සමාගමකටය. මේවා පාරේ යන එන සෑම කෙනෙකුටම ඔවුන්ගේ ජංගම දුරකතනයේ වී චැට් ඇප් එකෙන් කුලියට ගත හැකිය. සුළු වියදමක් ගෙවා භාරයට ගන්නා පාපැදිය නැවත ඕනෑම පාපැදි ගාලක නතර කර ඇප් එක අවලංගු කරන්නට බාධාවක් නැත. හැන්දෑවේ සමාගම් පැමිණ මෙම පාපැදි එකතු කර නියමිත ස්ථාන වලට ආපසු ගෙන යයි. ප‍්‍රධාන නගරවල වෙනම මංතීරු, පාපැදිය වෙනුවෙන් වෙන් කර තිබීම විශේෂත්වයකි.
ශ‍්‍රී ලංකාවේ ද පාපැදි භාවිතා කරන පිරිස සෑහෙන තරම්ය. බාලවියේ දී පාපැදියෙන් ගමන් කළ සෑහෙන පිරිසකට අද එය අමතකය. නගර ආශ‍්‍රිතව තනා ඇති ශරීර සුවතා ස්ථාන වල පාපැදි මංතීරු තනා තිබේ. ඒවායේ කුලියට දෙන ක‍්‍රම තිබේ. එහෙත් ව්‍යායාම ස`දහා පමණකි. අද පවතින මාර්ග තදබදය සලකනවිට අතුරු මාර්ග ඔස්සේ පාපැදි ස`දහාම තැන් වෙන් කළ හැකිය. එය විශාල ප‍්‍රවර්ධනයකි. ශ‍්‍රී ලංකාවට සයිකලාධිපති ධුර ඇති කළ හැකිය. නිසි ගෞරවය දෙන පියවරකි. පාපැදි තර`ග ඉතිහාසයේ නමක් තබා ඇති සුමනවීර, වසන්තා කහපොලආරච්චි, වසන්ත කුමාර, කමල් පාලිත වැනි කීර්තිමත් පුද්ගලයන්ට එහි ලා අවස්ථාවක් තිබේ. ලංකා සවාරිය හය වතාවක් ජයග‍්‍රහණය අත් කරගත් දිරිය දියණියක්ද අපට සිටී.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපියනට යොමු කළ හැකිය.
|