ඇමෙරිකාවේ තිබුණ පුරාවස්තු වලින් කොටසක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත නැවත ආපසු බාර දී තිබේ. ඉන්දීය ඉතිහාසයට හා සංස්කෘතියට සාක්ෂි දරන මෙම සංකේත වලින් සමහරක් මිල කළ නොහැකි බව දැක්වේ. එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගී වූ ඉන්දීය අගමැතිවරයා එහි දී ඇමරිකානු ජනාධිපති හමුවූ අතර දෙරට අතර සබදතා ශක්තිමත් කරන අලූත් ප‍්‍රවේශයක බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.
ජෝ බයිඩන් ජනාධිපතිවරයා සහ ඇමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් අතර සාකච්ඡා පැවැති බව දැක්වෙයි. දෙරට අතර බැදීම සංකේතවත් කරමින් ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමක් ඇති පුරාවස්තු 157 ක් ආපසු භාර දිම සිදුවී ඇත. යම් යම් පාර්ශව විවිධ කාල වකවානුවල ඇමෙරිකාවට ගෙන ගිය පුරා වස්තු වන අතර සමහර ඒවා වංචනික හෝ නිති විරෝධී බව ද සදහන්ය.
සංස්කෘතික වටිනාකමක් ඇති ද්‍රව්‍ය දේශ සීමාවලින් බැහැර කිරීම වලක්වන තද නීති වර්තමානයේ පවතී. එහෙත් අතීතයේ දී නොයෙක් ක‍්‍රම වලින් රැගෙන ගොස් ඇත. අනෙක් රටවල ඓතිහාසික හා සංස්කෘතික දායාද ලෝකයේ නොයෙක් රටවල කෞතුකාගාර වල තිබේ. පුද්ගලික එකතු වශයෙන් පවතින ප‍්‍රමාණය ද සිතා ගැනීඹට හෝ නොහැකි තරම් බව ප‍්‍රකාශ වී ඇත. ඉන්දීය අගමැතිවරයාට භාර දෙන ලද පුරාවස්තු හෙතෙම ඉන්දියාවට ආපසු පැමිණෙන අවස්ථාවේ දී ගෙනැවිත් තිබේ. මේවායෙන් අඩක් එනම් ඒකක 71 ක් සංස්කෘතික වටිනාකමකින් යුතු අතර තවත් ඒකක 60 ක් හින්දු ආගමට, ඒකක 16 ක් බුද්ධාගමට හා ඉතිරිය ජෛන ආගමට සම්බන්ධ බව ප‍්‍රකාශ වී ඇත. මෙම පුරා වස්තු නැවත පැවැරිමට ඇමෙරිකාව ගත් තීරණය ඉන්දීය අගමැතිවරයා ගේ පැසැසුමට හේතු විය. ඉන්දීය රජයේ වාර්තා දක්වන අන්දමට ලෝකයේ නොයෙක් රටවල් දැනට සන්තකයේ තබා ගෙන සිටින ඉන්දියාවට අයත් සියළු පුරාවස්තු නැවත ගෙන්වා ගැනීම අභිලාශයයි. සාකච්ඡා වට ගණනාවකට පසු පුරාවස්තු ඒකක දහ තුනක් පමණක් 1976 සිට 2013 දක්වා ආපසු ලබාගන්නට ඉන්දීය රජය සමත්ව ඇත. කෙසේ වෙතත් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ගේ කාලය තුළ මෙම පියවර වේගවත් කර ඇත. මෑත කාලය තුළ පමණක් පුරාවස්තු ඒකක 200 ක් ගෙන එන්නට හෝ ඒ සම්බන්ධයෙන් ස්ථිර කි‍්‍රියාමාර්ග ගන්නට ඉන්දීය රජය සමත්ව තිබේ.
ආසියානු කලාපයේ රටවල විශේෂයෙන් ශ‍්‍රී ලංකාවට හා ඉන්දියාවට ඈතට විහිදුන දීර්ඝ ඉතිහාසයක් ඇත. එකී කාලය තුළ ජයග‍්‍රහණ හා පසුබැසීම් තිබේ. ආක‍්‍රමණ බහුලය. නොයෙක් පැතිවලින් පැමිණි පිරිස් ආර්ථික හා සමාජ වටිනාකමක් සහිත දේ රැගෙන ගොස් තිබේ. ඒවා එම රටවල අයිතියක් සේ ආරක්ෂා කරන නමුත් උරුමයක් නැත. ලෝකයේ සෑම තැනකින්ම තමන්ගේ උරුමය ගැන ප‍්‍රශ්න කරන අතර අයිතිවාසිකම් ඉදිරිපත් කරමින් සිටී.
ලංකාව යටත් කරගත් බි‍්‍රතාන්‍ය ජාතිකයෝ අවසන් පාලකයා වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු සිරභාරයට ගත් අතර සිංහාසනය, ඔටුන්න ඇතුළු රාජකීය සංකේත සෑහෙන ප‍්‍රමාණයක් බි‍්‍රතාන්‍යයට ගෙන ගියේය. එම සිද්ධියට පෙර හා පසු මෙරටින් රැගෙන ගිය කෞතුක වස්තු, සිහිවටන යනාදිය සවිස්තරාත්මකව සොයා ගැනීමට පුලූවන්කමක් නැත. බි‍්‍රතාන්‍ය පමණක් නොව පෘතුගීසි හා ලන්දේසි පාලන කාලයේ දී ද නොයෙක් පුරාවස්තු රැගෙන ගොස් ඇති බව කියැවෙයි. බටහිර ජාතීන් පමණක් නොව ඉන්දියාව, මැදපෙරදිග රටවල් හෝ චීනය සතුව ශ‍්‍රී ලංකාවට අයත් දේ පවතින බවට සැකයක් නැත. පස්වැනි ජෝර්ජ් රජු ගේ කැමැත්ත ඇතිව ග්ලූස්ටර් ආදිපාදවරයා 1934 වසරේදී ශ‍්‍රී වික‍්‍රම රජුගේ ඔටුන්න හා සිංහාසනය ලංකාවට නැවත භාර දී තිබේ.
අතීත උරුමය විදහා දක්වන සංකේත නැවත ඉල්ලා අයිතිකරගැනීම පමණක් වැදගත් නැත. ඒවා මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට ද නිසි වැඩ පිලිවෙලක් තිබුය යුතුය. උරුමය සම්බන්ධයෙන් අද රට තුළ විශාල සාකච්ඡුාවක් තිබේ. පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන ගැන අවධානය යොමු වී ඇත. වටිනා භාණ්ඩ ගැන සංවාදයක් තිබේ. ආරක්ෂා කරගත යුතු දේ රකින පිලිවෙල සම්පූර්ණයෙන්ම සාර්ථකයැයි සදහන් කරන්නට නොහැකිය. වටිනා ලිපි ලේඛන, පුස්කොල පොත් චිත‍්‍ර සහ ශිලා ලේඛන ඇතුළු දහසකුත් දේ නිසි සේ සංරක්ෂණය කළ හැකි පුලූල් වැඩ පිලිවෙලක් තිබේද යන්න අප ප‍්‍රශ්න කළ යුතුය.
ඉන්දියාවේ ජාතික කෞතුකාගාරය අපට තතු සොයා බැලිය හැකි ආසන්න ස්ථානයකි. නවදිල්ලියේ පිහිටා තිබේ. එහි පහත මාලය ඇතුළු තෝරා ගත් ස්ථානවල ඉන්දිය ඉතිහාසයේ විවිධ යුග වලට අයත් ඉතාම පැරණි සේ පෙනෙන කෞතුක භාණ්ඩ දැඩි ආරක්ෂාවක් රහිතව ප‍්‍රදර්ශනයට තබා ඇත. එහි එන පිරිස් ඒවා ස්පර්ශ කර බලන අතර අවශ්‍යනම් එහි එක තැන සිට ඡායාරූප ගැනීමට පවා බාධාවක් නැත. මේවායෙන් කෞතුක භාණ්ඩවල ආරක්ෂාවට තර්ජනයක් බව බැලූ බැල්මට පෙනේ. සත්‍ය එය නොවේ. ප‍්‍රසිද්ධියේ ඇති සියළුම දේ නැවත නිර්මාණය කළ අංග බව දහන් කළ යුතුය. ආරක්ෂා කළ යුතු දේ වෙනම අධි කලාප වල පවතින අතර සාමාන්‍ය නරඹන්නන්ට ඒවාට ප‍්‍රවේශ විය නොහැක. මෙම අනු මුල් ඒවා හා සමානව, සියයට සියයක් ගැලපෙන පරිදි අලූතින් නිපදවා ඇත. කෞතුකාගාරයට අනුබද්ධව ටෙරාකොටා කර්මාන්ත අංශයක් ඇත. එහි එකම කාර්යය නැවත අලූත් දේ නිපදවීමය. සීරිමක්, පැල්ලමක් පවා මුල් ආකාරයට ම අනුරූ වල දක්වයි. පසෙක පින්තූරයකි. විස්තුරය දක්වා ඇත. අනුරුව ස්පර්ශ කිරීම හෝ ඒවායෙහි පින්තූර ගැනීමෙන් ප‍්‍රශ්නයක් නැත. ඇතැම් ශිෂ්‍යයෝ මෙහි පැමිණ පුරා වස්තුවල රේඛා චිත‍්‍ර හා ඒවායේ වර්ණ ගැන ගවේශණය කරන අතර එයට නිදහස ඇත.
ඉන්දීය ජාතික කෞතුකාගාරයේ තවත් කොටසක් බුදු දහම වෙනුවෙන් වෙන් වී තිබේ. ලූම්බිණියෙන් සොයා ගත් සර්වඥ ධාතූන් වහන්සේලා විසි දෙනමක් එහි ආරක්ෂා කර ඇත. ධාතුන් වැඩ වසන කුටිය තායිලන්ත රජ පවුලේ පරිත්‍යාගයකි. රජ කුමරිය වසරක් පාසා එහි පැමිණ වතාවත් කරන බව කෞතුකාගාර බලධාරීහු දක්වති. බුද්ධ දර්ශනය ගැන මහත් ගෞරවයක් ඇති බුද්ධාගම ආරක්ෂා කරගන්නට කැපවී සිටින ශ‍්‍රී ලංකාවට ද මෙම කපිලවස්තු ධාතූූන් වහන්සේලා සම්බන්ධයෙන් සදාකල් පවතින දෙයක් පරිත්‍යාග කළ හැකිය. එය දෙරට අතර ගෞරවය හා අභිමානයට හේතුවකි.
අජන්තා බිතු සිතුවම් ආශ‍්‍රිතව කර ඇති නව තාක්ෂණික නිර්මාණය ගැන ද විශේෂයෙන් සදහන් කළ යුතුය. එහි ති‍්‍රමාණ විඩියෝ අංශයක් ස්ථාපිත කර තිබේ. අධි තාක්ෂණික ක‍්‍රම මගින් නරඹන්නන්ට හැබෑවටම ගල් ගුහා අභ්‍යන්තරයට ප‍්‍රවේශ විය හැකිය. එහි ඇති පරිගනයක් හසුරුවා වීදියක ඇවිද යන්නා සේ සිත් සේ ත‍්‍රිමාණ රූප ගවේශනය කරන්නට හැකියාව තිබේ, අනෙක තවත් තැනක මෙහි මුල් චිත‍්‍ර තිබුණා යැයි සිතන අන්දමට නැවත පරිගණකයෙන් ප‍්‍රතිශ්ඨාපනය කර ඇත. ඒවායේ චිත‍්‍ර කොටස් වශයෙන් වෙන්කර ගවේශනය කළ හැකි පරිදි ඉතාම නවීන ආකාරයකට සකස් කර ඇති අතර ඒවා යේ එකල පැවැති පරිසරය, පරිසර නාද රටා හා පංච තුර්ය ශබ්ධ පවා නරඹන්නාට අත් විදිය හැකි සේ සකස් කර තිබේ. මෙම අංශයට ඇතුළුවීමට ලෝකයේ ඕනෑම තැනක සිට අවස්ථාව පාදා ගත හැක. තව දුරටත් අජන්තා බිතු සිතුවම් ගවේශනයට එම භූමියටම යා යුතු නැත. ශ‍්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය සහ ඉන්දීය ජාතික කෞතුකාගාරය අතර ගිවිසුමක් අත්සන් කළහොත් මෙමම ප‍්‍රවේශය සදහා අවසරය ලබාගත හැකිය. එය ඉතාමත් වටිනා අවස්ථාවක් බව සදහන් කළ යුතුව තිබේ.
පුරාවස්තු රටක අභිමානයට හේතුවකි. උරුමය විදහා දක්වයි. මේවා සංරක්ෂණයට විශාල ධනයක් වැය කළ යුතුය. ඉන්දියාවට එය කළ හැකිය. ඔවුහු අසාමාන්‍ය මුදල් ප‍්‍රමාණයක් වැය කර අනු රූ පවා සකස් කරමින් සිටිති. ශ‍්‍රී ලංකාවට කළ හැකි දේ සීමිතය. ඉතිහාසය හා සංස්කෘතිය ගැඹුරෙන් හදාරන අලූත් පරපුරක් සිටී. ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පැරණි දේ ගැන විශාල කැක්කුමක් ඇති විද්වත්හු සිටිති. ඉන්දු ශ‍්‍රී ලංකා සංස්කෘතික හුවමාරුව තුළ මෙම අලූත් විදයාත්මක සංරක්ෂණය අධ්‍යනය කරන අංශ ද ඇතුලත් කළ හැකිය.
|