» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/04/2022 - ඉරිදා ලංකාදීප
ගිණිකොන දිග ආසියාව වෙත දකුණේ සිට පාලමක් තනන ඉන්දියාව

දකුණු ආසියාව හා ගිණිකොන දිග ආසියාවේ පිහිටි රටවල් හතක බිම්ස්ටෙක් BIMSTEC රාජ්‍ය නායක සමුළුව ඉකුත් බදාදා කොළඹ දී පැවැත්විණ. බෙංගාල බොක්ක ආශි‍්‍රත රටවල, බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා එකමුතුව වශයෙන් හදුන්වන මෙම සමුළුව බිම්ස්ටෙක් යන කෙටි වචනයෙන් දක්වයි. තායිලන්තය, මියන්මාරය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ ශ‍්‍රී ලංකාව මෙම සංවිධානයට අයත්ය. පස් වැනි රාජ්‍ය නායක සැසිවාරය මෙවර පැවැත්විණි. සමුළුවේ සභාපති ධුරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබීම විශේෂත්වයකි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු සියළු රාජ්‍ය නායකයන් තාක්ෂණය භාවිතා කර සමුළුව අමතන ලද අතර විදේශ ඇමැතිවරු ඇතුළු ජේඨශ්ඨ නිලධාරීහු ශ‍්‍රී ලංකාවට පැමිණ සිටියහ.

බිම්ස්ටෙක් සමුලූව නිර්මාණය කිරීමේ සංකල්පය බිහිවෙන්නේ 1997 වසරේ දීය. තායිලන්තයේ බැංකොක් නගරයේ දී නිලධාරී සාකච්ඡා වටයක් තිබුණි. බංගලාදේශය, ඉන්දියාව, ශ‍්‍රී ලංකාව හා තායිලන්තය යන රටවල් අතර එහි මුල් එකගතාව සිදුවිය. වෙළදාම, තාක්ෂණය, බලශක්තිය, ප‍්‍රවාහනය, සංචාරක කටයුතු හා ධීවර යන අංශ හය මුල් කාලයේ අවධානයට ගැණුන අංශ අතර තිබුණි. ත‍්‍රස්තවාදය තුරන් කරන සහ කලාපය එකමුතු කරන අදහසක් එහි විය. තාක්ෂණය හා ආර්ථික අංශ අලලා බහුවිධ සම්බන්ධතා ජාලයක් නිර්මාණය දක්වා එය පුලූල් විය.

සාක් සාමාජික රටවල් අතර ත‍්‍රස්තවාදය පිටුදැකීම සදහා වූ ශක්තිමත් වැඩ පිලිවෙලක් ආරම්භ කිරීමට ගෙන ගිය ගමන තුළ තිබුණ ප‍්‍රමාදය මෙම ආකෘතිය ඉදිරියට ගෙන එන ලද බව සදහන් කළ යුතුය. ඉන්දියාව හා පකිස්තානය අතර ඇති නොගැලපීම එහි ලා මුල් වූ සාධකයකි. දෙරට අතර නිතර ඇතිවන සුළු සුළු ගැටුම් පිටතට එන්නේ සාක් සංවිධානය බෙලහීන වන පසුබිම මත බව නොරහසකි.

දකුණු ආසියාතික රටවල එකමුතුව තබා ගන්නා අතර ආර්ථික හා සමාජයීය වශයෙන් ගිණිකොණ දිග ආසියාවට විහිදෙන බෙංගාල බොක්ක අවට අලූත් ජවයක් ඇති කරගැනීම බිම්ස්ටෙක් අරමුණ විය. උපායශීලී, නිර්මාණාත්මක අදහසක් බව පැහැදිලිව පෙනේ. රාජ්‍ය නායකයන් සහභාගී වූ පළමු වටය තායිලන්තයේ දී 2014 වසරේ ජූලි මාසයේ දී පැවැතිණ. එම සමුලූව එවකට ඊෂීඔෑක්‍ බිස්ටෙක් යනුවෙන් හැදින්වුනි. බහුවිධ ක්ෂේත‍්‍රවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව ඇති කරගැනීම අරමුණ බව ප‍්‍රකාශ විය. මියන්මාරය 1997 වසරේ දී සහ ශ‍්‍රී ලංකාව 1998 වසරේ දී මෙයට නිරීක්ෂක මට්ටමෙන් සම්බන්ධ වී පසුව ස්ථිර සාමාජිකත්වය ලබාගත්තේය.

ජාත්‍යන්තර විචාරකයන්ට අනුව බිම්ස්ටෙක් සමුලූව ඔස්සේ සම්බන්ධිත රටවල් අනාගතයේ දී නිදහස් වෙළද සහ ආර්ථික කලාපයක් ඇති කරන මට්ටමට පත්වනු ඇතැයි සැලකේ. එහෙත් එවැනි නිදහස් ආර්ථිකයක් බිහි කරන සැලැස්මක් ගැන මෙතෙක් සාකච්ඡා වූයේ නැත. බෙංගාල බොක්ක ආශ්‍රීත කලාපයේ රටවල් අතර ආර්ථික සහයෝගීතාවයක් ඇතිකරගැනීම වැදගත්ය. මෙයට කලින් ආසියාව, අග්නිදිග ආසියාව සහ සාක් කලාපය වශයෙන් සංවිධාන ගණනාවක් එකමුතු වී සිය ශක්තිය සහ අනාගත පැවැත්ම වෙනුවෙන් ක‍්‍රියා පටිපාටි සම්පාදනය කරගෙන තිබේ.

බිම්ස්ටෙක් රටවල ජනගහනය බිලියන 1.6 කි. ජාත්‍යන්තර ජනගහන වාර්තා අනුව ලෝක යේ සමස්ථ ජනගහනයෙන් සියයට විසි එකක කොටසකි. මෙම කලාපයේ ආර්ථිකය ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 2.8 ක ප‍්‍රමාණයක් වන අතර රටවල් හත තුළ ආර්ථික වර්ධනයේ සාමාන්‍ය සියයට 6.5 ක් බව පසුගිය කාලයේ වාර්තා විය. දැනට ඇති දුෂ්කර කාලය සමග මෙම අගය වෙනස් විය හැකි නමුත් ජාත්‍යන්තරය තුළ සැලකිය යුතු කේවල් කිරීමකට යා හැකි සංවිධානයක ලක්ෂණ සහිත බව සදහන් කළ යුතුය.

සම්බන්ධතාව බිම්ස්ටෙක් රටවල ප‍්‍රධාන මාතෘකාව බව දැක්වේ. ඉන්දියව් සිට ගොඩබිම ඔස්සේ තායිලන්තය දක්වා අධිවේගී මාර්ගයකින් සම්බන්ධවීම ඉලක්ක අතර ඇත. එය ආයෝජන හා සංචාරක කටයුතු සදහා දැවැන්ත පියවරකි. අදහස ඉදිරිපත් වූ පළමු අවස්ථාවේ දී ම එවැනි සැලැස්මකට ණය ආධාර කරන්නට ඉන්දියාව කැමැත්ත පළ කරන ලදී. බිම්ස්ටෙක් රටවල් ලැයිස්තුවේ විශාලතම රට, විශාලතම වෙළද පොල ඉන්දියාවයි. එහි ඇතිවන ආර්ථික ප‍්‍රසාරණයෙන් අද්විතීය අවස්ථා උපයා ගන්නට සම්බන්ධිත රටවල් සූදානම්ය. බෙංගාලබොක්ක කලාපයේ රටවල් අතර උතුරු පැත්ත දොරටුවක් හා අතිරේක කුළුනු දෙකක් වශයෙන් යාබද රටවලට පළමුවෙන් හා නැගෙනහිර වෙත අවධානය වශයෙන් අංශ දෙකක් ඉන්දියාව යෝජනා කර ඇත. රට තුළ කරගෙන යන සංවර්ධන වැඩ පිලිවෙල හා විදේශ කටයුතු හමුවේ එම දර්ශනය අනුව ක‍්‍රියා කිරීම ප‍්‍රතිපත්තිය බව ප‍්‍රකාශ වී ඇත. රටවල් යා කෙරෙන අතර අතර එයින් ඇති වන ආයෝජන අවකාශය බිම්ස්ටෙක් රටවල ව්‍යුහය ඉතාම සංකීර්ණ තැනකට පත් කරනු ඇතැයි සැලකේ.

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සංවිධානය කළ අතරවාරයේ ඉතිහාසයේ නොතිබුණ තරම් දරුණු ආර්ථික අර්බුදයක ශ‍්‍රී ලංකාව පසුවන බව ද සදහන් කළ යුතුය. ජාතික ආදායම පහත වැටී ඇති අතර විදේශ විනිමය හිගය බලවත් ගැටළුවකි. බිම්ස්ටෙක් සංවිධානයට අයත් රටවල් අතරින් ඉන්දියාව විශේෂ සැලැස්මක් ශ‍්‍රී ලංකාවේ හදිසි තත්ත්වය උදෙසා පිරිනමන ලද අතර බංගලාදේශය ද ණය මුදලක් පිරිනමන ලද බව සදහන් කළ යුතුය. කෙසේ වෙතත් පවතින ගැටළුවලින් ගැලවීම සදහා ණය ගැනීම ප‍්‍රමාණවත් උත්තරයක් නොවේ. එම ණය ආපසු ගෙවිය යුතුය. ගෙවන කාලය ලගාවන අවස්ථාවේ දී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය, විදේශ වත්කම් නංවා ගැනීම සදහා කෙටි හා දීර්ඝ කාලීන සැලැස්මක් අපට අවශ්‍යය. කලාපයේ රටවල් අතර ආයෝජන, සංචාරක කටයුතු නැංවීම මනා පිටිවහලකි. කර්මාන්ත හා ව්‍යවසාය නැංවීම සදහා බිම්ස්ටෙක් රටවල් අතර හුවමාරුවකට යා හැක. ආරක්ෂාව, ආපදා තත්ත්ව, පරිසරය හා බලශක්ති සම්බන්ධයෙන් නැඹුරුවකට ඉඩ තිබේ.

රටවල් හතක් එකතු වී දකුණු දිග සිට ගිණිකොන ආසියාව දක්වා මිත‍්‍රත්වයේ පාලමක් තනමින් සිටී. එය අනාගතයේ දී තවත් ඔබ්බට විහිද යනු ඇත. දැනට ආසියාන් සංවිධානය මෙම කලාපයේ අනාගතය ගැන විවිධ පුරෝකථන කර ඇත. බදු රහිත ගනුදෙනු කරන සහ එයින් ඉතාම වාසිදායක පරිසරයක් ජනතාවට ඇති කරන වෑයමක් ගැන සිහින දකියි. බිම්ස්ටෙක් සංවිධානයේ අරමුණ නිදහස් වෙළද ගිවිසුමක් දක්වා ගමන් කිරීම බව ද කියැවේ. පවතින ගෝලීය තරගකාරීත්වය හමුවේ ශක්තිමත්ව නැගෙන්නට අලූත් අවකාශයක් අවශ්‍යය.

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අවසානයේ දී මතු වූ කරුණු ගැන ද අවධානයට ගැනීම සුදුසුය. ඉදිරි දශක දෙක තුන දැවැන්ත අභියෝග සහිතය. කොවිඞ් වසංගත තත්තවය ඉදිරියේ පැන නැගුණ සමාජ විෂමතා දේශපාලන කැළඹිලි දක්වා වර්ධනය වන අවදානමක් ඇත. සංවර්ධන අවශ්‍යතා සදහා දැවැන්ත අරගලයක් පැන නැගෙනු ඇති අතර තාක්ෂණික දියුණුව ලෝකයේ හැඩතල වෙනස් කරනු ඇත. දැනටමත් ජන ජීවිතය ලගා කරගෙන ඇති මෙවැනි පැතිවල වාසි අවාසි ගැන නිරීක්ෂණය කර සමබර පැවැත්මක් අරමුණු කරගෙන කලාපීය සබදතා තර කරගැනීමට බ්ම්ස්ටෙක් සමුළුව තවත් අවස්ථාවක් බව සදහන් කළ යුතුය.