28/04/2024 - ඉරිදා ලංකාදීප
ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය නොබැ`දි පිලිවෙතින් ඔබබ්ට
 

ගෝලීය සමාජ ව්‍යුහය ඉදිරියේ, විදේශ සම්බන්ධතා ක්ෂේත‍්‍රය සංකීර්ණ ප‍්‍රවණතාවයක පවතී. බහුවිධ සම්බන්ධතා සහ එය හේතුකොටගෙන බහුවිධ අවස්ථා නිර්මාණය කරන පද්ධතියකි. එක රටක් සමග හෝ එක අවස්ථාවක් වෙනුවෙන් මෙතෙක් රටවල් සමග පවත්වන විදේශ සම්බන්ධතා එක අරමුණක් ස`දහා රටවල් ගණනාවක් සමග සහ තවත් අරමුණක් වෙනුවෙන් තවත් රටවල් ගණනාවක් සමග වෙන වෙනම පවත්වන තරමට ජාලගතභාවයකට පරිවර්තනය වී ඇත. පුද්ගලයා මෙහි සැලකිය යුතු කොටස්කරුවෙකි. රටක පුරවැසියන්, සමාජ සංවිධාන භූගෝලීය දේශපාලනයේ දී රාජ්‍යතාන්ත‍්‍රිකත්වය ඉක්මවා ඉදිරියට පැමිණ ඇත. රාජ්‍ය නොවන සංවිධාන, මතවාද ඉදිරිපත් කරන බුද්ධි මණ්ඩප සහ ජනමාධ්‍ය එහි පාර්ශවකරුවන් වී සිටී. තොරතුරු තාක්ෂණ සන්නිවේදනයෙහි නව ප‍්‍රවණතා එහි දී කැපී පෙනෙන සාධකයක් වී තිබේ. බලවත් එක රටක් සමග පමණක් පවත්වන විදේශ සම්බන්ධතා හෝ නොබැ`දි ප‍්‍රතිපත්ති යන පැතිකඩ කිසිසේත් වලංගු නැත.

විදේශ සම්බන්ධතා විෂය සාකච්ඡුා කරනවිට ශ‍්‍රී ලංකාව විශේෂිත අත්දැකීම් සම්භාරයක් සහිත රටකි. ¥පතක් වශයෙන් පිහිටීම වාසි හා අවාසිවලට හේතු විය. වෙළ`දාම ඇතුළු අවශ්‍යතා ස`දහා බාහිර ජාතීන් රටට ඇතුළු වී ඇත. විජය කුමාරයාගේ පැමිණීම, බුදු දහම පතුරවන්නට අශෝක රජු අනුගමනය කළ පිිලිවෙල විශේෂිත සිද්ධි අතර වේ. පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසි යන ජාතිකයන්ගේ ආක‍්‍රමණ ද මෙරට විදේශ කටයුතු සම්බන්ධව සාකච්ඡුා කරන විට සලකා බැලිය යුතු පැති අතර තිබේ. අරාබි හා චීන ප‍්‍රවේශ ද සැලකිය යුතු අංශයකි. රටට ඉතා සමීප ඉන්දියාවේ ප‍්‍රාන්ත අතර වෙනම ඉතිහාසයක් ඇත. පාණ්ඩියන් පාලන කාලයේ දී ලංකාවේ සම්බන්ධතා පැවැති ආකාරය හා චෝල ආක‍්‍රමණ ඉදිරියේ ලංකාව කි‍්‍රියා කළ ආකාරය අනෙක් පැත්තකි. රාමායනය වෘතාන්තයට අනුව භාරතයේ ප‍්‍රබල ස්ථානයක් උසුලන්නට ලංකාව සමත්විය.

මෑත ඉතිහාසය සලකන පසු දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව රටවල් සැලකිය යුතු සංඛ්‍යාවක් බලවත් රටවල් සමග පැති නොගෙන නොබැ`දිව කි‍්‍රියාකරන තැනකට පැමිණියේය. බලවත් රටකට සම්බන්ධ වී ඔවුන්ගේ අභිලාශ අනුව තීන්දු ගැනීමට වඩා බලවත් රටවල් සමග නොගැලී ගනුදෙනු කරන ප‍්‍රතිපත්තියක් කුඩා රටවල් මෙහි දී අනුගමනය කෙරිණ. නොබැ`දි ප‍්‍රතිපත්තිය වෙනුවට රටවල් සමග අනන්‍ය ආකාරයකට සම්බන්ධවන විදේශ ප‍්‍රතිපත්ති සකස් වී තිබේ. බටහිර වෙස්පාලියන් භාවිත රාමුවට අනුව තිබුණ විදේශ කටයුතු හා රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය, රටවල සංස්කෘතිය, ශිෂ්ඨාචාරයෙන් හමුවන සාධක සහ පුරාණ සිරිත් අනුව හසුරුවන තැනට පත්ව ඇත. තාක්ෂණය භාවිතා වන අතර පැරණි ගතානුගතිකත්වය සමග මිශ‍්‍රවීමෙන් විදේශ ප‍්‍රතිපත්තිවල නවතම මානයක් නිර්මාණය වී ඇත. පැරණි ශිෂ්ඨාචාරයෙන් කරුණු මතුකරගන්නට ඉන්දියාව පියවර ගනිමින් සිටී. රාමායනය සහ මහාභාරත් යන වෘතාන්තවලින් පාලන අදහස් හා විදේශ ප‍්‍රතිපත්ති සකස් කරගනී. ශ‍්‍රී ලංකාවට ද අතීතයෙන් කරුණු ලබාගත හැක. මහාවංශය, පැරණි වටිනා අදහස් උල්පතකි. විදේශ රටවල් සමග ගනුදෙනු කළ අනන්‍ය ආඩම්බරවිය හැකි ක‍්‍රමවේද ඇතුලත්ය. බුදු මග හා බෞද්ධ වතාවත් අනුව රටවල් සමග මිත‍්‍රශීලීව කටයුතු කළ ඇත. මෙම අංශ අධ්‍යයනය කර සුවිශේෂී රාමුවක් විදේශ කටයුතු සම්බන්ධයෙන් සකස් කරගැනීමේ හැකියාවක් තිබේ.

චීනය, ඉන්දියාව වැනි රටවල් ඔවුන්ට ආවේනික පැරණි සංස්කෘතික පදනම් අනුව විදේශ රටවල් සමග ගනුදෙනු අරඹා ඇති බව ද මෙහි දී ස`දහන් කළ යුතුය. බ‍්‍රසීලය, අප‍්‍රිකාව, ඉන්දුනීසියාව හා රුසියාව වැනි ද රටවල් ද විදේශ කටයුතු සම්බනධයෙන් අනන්‍ය ක‍්‍රමවේද ගොඩනගාගනිමින් සිටී. බටහිර නිර්ණායක අනුව පවත්වාගෙන ගිය විදේශ සම්බන්ධතා වෙනුවට අලූතින් නිර්මාණයවන පරිවර්තනය, අනුව ප‍්‍රතිපත්ති සකස්කර ගැනීම කාලීන අවශ්‍යතාවයකි.

පසුගිය කාලය තුළ සමාජ හා ආර්ථික ගැටළු ගණනාවකට මුහුණ දෙන්නට ශ‍්‍රී ලංකාවට සිදුවිය. දකුණේ හටගත් කැරළි, උතුරේ ත‍්‍රස්තවාදය, පාස්කු ඉරිදා දින ප‍්‍රහාර මාලාව වැනි අන්තවාදී ප‍්‍රහාර , සුනාමි විපත සහ මෑතක දී උද්ගත වූ ආර්ථික අර්බුදය එයින් කිහිපයකි. මෙම සිද්ධි පාලනය කරගෙන, පීඩනයෙන් ගැලවීම ස`දහා ජාත්‍යන්තර ප‍්‍රජාව ඇතැම් අංශවල දී සහාය වූ අතර තවත් අවස්ථාවල දී ගැටළු තවත් සංකීර්ණ කර තිබේ. ත‍්‍රස්තවාදී ගැටුම් උත්සන්නට පැවැති කාලයේ ආයුධ හා අනුබලය චීනයෙන් ලැබුණි. ආර්ථික අර්බුදය සමග ඉන්දියාවෙන් ලැබුණ සහාය අමතක කළ නොහැක. අසල්වැසි ඉන්දියාව සමග සබ`දතා ආරක්ෂා කරගැනීම පමණක් නොව චීනය සමග ද වෙනම විදේශ ප‍්‍රතිපත්තියක පිහිටීම වැදගත් බවට සාක්ෂියකි. ඉන්දියාව හා චීනය අතර පවතින උණුසුම ඉදිරියේ ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය ඉතාම විශේෂිත විය යුතුය. එසේ තිබිය දී ලෝකයේ අනෙක් බලවත් රටවල් සමග ද ගනුදෙනු කිරීමට සිදුවේ. පරිනත හා ¥රදර්ශී ක‍්‍රමෝපායයකට නැඹුුරුවීම මෙහි දී අවශ්‍ය කෙරේ.

කුඩා රටක් වශයෙන් සිංගප්පූරුව අනුගමනය කළ විදේශ ප‍්‍රතිපත්තිය මෙහි දී උදාහරණයකි. සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ මහතා අනුගමනය කළ පිලිවෙල ප‍්‍රධාන අංශ හතරකින් සමන්විතය. අසල්වැසි රටවලින් එන තර්ජනවලට මුහුණදීම ස`දහා බලවත් ආරක්ෂක ක‍්‍රමෝපාය අවශ්‍ය වූ අතර ආරක්ෂක වියදම දැරිය හැකි ශක්තිමත් ආර්ථිකය සිංගප්පූරුවේ පළමු කරුණ විය. ජපානය සමග ගැටුණු සහ අසල්වැසි රටවල බලපෑම් ඉදිරියේ දී ආරක්ෂාව වැදගත්විය. ආරක්ෂාව අරමුණු කරගෙන ආර්ථිකය දියුණු කළේය. 2019 වසරේ දී ජාතික වියදමෙන් සියයට තිහක් ආරක්ෂාව වෙනුවෙන් වැය කර ඇත. අනෙක් අතට රටවල් තෝරාගෙන විශේෂිත ආකාරයකට විදේශ සම්බන්ධතා පැවැත්වීමට සිංගප්පූරුව කටයුතු කළේය. කලාපයේ අස්ථාවර ආර්ථික පසුබිම ඇති තැන් හා ආරක්ෂාවට තිබුණ ප‍්‍රශ්න සලකා බැලූ ඔවුහු ලෝකයේ බලවත් රටවලට ඔවුන්ගේ භූමියට ඇතුළුවී ආයෝජනය කර කලාපය හා සම්බන්ධවිය හැකි ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය වැදගත් සේ සැලකූහ. ඇමරිකාව, යුරෝපය, චීනය හා ඇතුළු රටවලට අවස්ථා ලබාදිමෙන් ලෝක බලවතුන් ගේ අවධානය ලබාගත හැකි තැනක් බවට හැරවීය. ලෝක නායකයන් සමග පුද්ගලික මටට්මින් සුහද සබ`දතා ඇති කරගැනීම සිංගප්පූරු නායකයෝ අනුගමනය කළ තවත් අංශයකි. ප‍්‍රධාන නායකයන් සමග සමීපව කටයුතු කිරීමෙන් අර්බුදකාරී අවස්ථාවල සෘජු තීරණ ගැනීමට පහසුව ලබාගත්තේය. ශ‍්‍රී ලංකාවට මෙවැනි අත්දැකීම් ඇත. සිරිමා බණ්ඩාරනායක මහත්මිය සහ ඉන්දිරා ගාන්ධි මහත්මිය අතර පැවැති පුද්ගලික සම්බන්ධය කච්චතිව් ¥පතේ ගැටළුව නිරාකරණය පහසු කළේය. ජේ. ආර්. ජයවර්ධන මහතා සහ ජපානය අතර ද එවැනි සමීප සම්බන්ධතාවයක් තිබුණි. සිංගප්පූරුව අනුගමනය කළ අනෙක් වැදගත් අංශය, ඉක්මනින් වෙනස්වෙන ලෝක තත්ත්වයන්ට ගැලපෙන පරිදි විදේශ ප‍්‍රතිපත්ති කඩිනමින් වෙනස් පියවර බව ස`දහන් කළ හැක. මෙම රාමුව ශ‍්‍රී ලංකාවට ගැලපෙන පරිදි ලාංකේය අනන්‍යතාවයක් සහිතව නිර්මාණය කරගැනීම සුදුසුය. මේවා අපට අලූත් දේ නොවන අතර විවිධ ආණ්ඩු, විවිධ කාලවකවානුවල ක‍්‍රියාත්මක කර පසුව අත්හැර දමන ලද පැති බව පෙන්වා දිය හැකිය. විදේශ ප‍්‍රතිපත්ති අතර ස්ථිරභාවය වර්තමානයට ගැලපෙන්නේ නැත. ඇසුරු කළ යුතු සහ රටට වටිනාකම් ලබාදිය හැකි බලවත් හෝ සමාන රටවල් සමග සබ`දතා පවත්වාගැනීමේ දී එම රටවල් වේගයෙන් වෙනස්වන ආකාරය වටහාගෙන ඉක්මනින් ප‍්‍රතිචාර දැක්වීම අවශ්‍යය. මෙවැනි අභියෝගාත්මක විදේශ ප‍්‍රතිපත්ති අනුගමනය කිරීම පහසු නැත. තෝරාගත් රටවල් විශේෂයෙන් අධ්‍යයනය කරන සහ ජාත්‍යන්තරයේ හැසිරීම අනුව නිර්දේශ සකස් කරන වෙනස් ආකාරයක රාජ්‍යතාන්ත‍්‍රික ¥ත මණ්ඩල ක‍්‍රමවේද රටට අවශ්‍ය කෙරේ.

බලවත් රටවල හැසිරීම පාලනය කරන හැකියාවක් ශ‍්‍රී ලංකාවට නැත. බලවත් රටවල තීන්දු නොඉවසන ඇතැම් කණ්ඩායම් මතුකරන විරෝධතා සලකා බලවත් රටවල් තමන්ගේ පියවර ආපසු ගන්නේ නැති බව ද මතක තබාගත යුතු කරුණකි. මැදපෙරදිග ගැටුම්, යුක්රේනයේ යුද්ධය, ඇමරිකාව, ඉන්දියාව හෝ චීනය කටයුතු කරන ආකාරය ශ‍්‍රී ලංකාවට තද බලපෑමක් ඇති කරයි. මේවා මගහැරිය නොහැකිය. භූගෝලීය දේශපාලනය බරපතල සාධකයකි. අසූ ගණන්වල ශ‍්‍රී ලංකාව හා ඇමරිකාව අතර තිබුණ සුහදත්වය එයට සාක්ෂියකි. ඉන්දියාව එයට කැමැත්තකින් පසුවූයේ නැත. ඇමරිකානු හා ශ‍්‍රී ලංකා සබ`දතා පලූදු කරන බලපෑම් අරමුණු කරගෙන රට තුළ අර්බුද ඇති කළ බව මතක් කළ යුතුය. අදවන විට ඉන්දියාව හා ඇමරිකාව අතර විශාල හිතවත්කමක් ගොඩනැගී ඇත. ශ‍්‍රී ලංකාව හා චීන සම්බන්ධතා සමග ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු ඇතිවිය හැකි බව ඉන්දීය නායකයෝ අද වන විට උපකල්පනය කරති. ඉන්දියාව සමග සමීප සම්බන්ධතා අපට අවශ්‍යය. එරට ආර්ථික වර්ධනයෙන් අවස්ථා ලබාගත හැක. සියයට දෙකක පමණ දුබල ශ‍්‍රී අපගේ ආර්ථිකය දියුණු කරන සැලැස්මක දී ඉන්දීය ආර්ථිකයට ඇතුළුවීම අවශ්‍යවන අතර එහි දී ඉන්දියාවේ විශ්වාසය හා ඉන්දියාවට තර්ජනයක් නොවන ආකාරයට කටයුතු කරන බව ඒත්තු ගන්වන විදේශ ප‍්‍රතිපත්තියකට යා යුතුය. ශ‍්‍රී ලංකාව සමග ක‍්‍රියාකරන බලවත් රටවලට ඉන්දියාවේ ආරක්ෂාව සලකා තීරණගන්නා බව අවබෝධ කරදෙන්නට ද උත්සාහ කළ යුතුය. චීනය කරන උපකාර අමතක කිරීම ද, ඥාණාන්විත නැත. පැත්තක් ගැනීම ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය විය යුතු නොවේ. රටවලට ගැතිවීම වෙනුවට එම රටවල ප‍්‍රතිපත්ති සලකා දර්ශනයකට අනුව ක‍්‍රියා කිරීම අවශ්‍යය.

ජාත්‍යන්තර ප‍්‍රජාව සමග සම්බන්ධතා ඇති කරගැනීමේ දී තම භූමිකාව සලකා සුවිශේෂි වගකීම හ`දුනාගැනීම අපගේ නායකයන්ගේ වගකීමකි. අවස්ථාවාදීව කටයුතු කිරීම සුදුසු නැත. ලෝකයේ සෑම රටක්ම, සෑම සංවිධානයක්ම ඉදිරි ගමනට අවශ්‍ය වන එක මොහොතක් තිබේ. නියමිත මොහොත හ`දුනාගැනීම ඉහළම ප‍්‍රතිපල ඇතිකරයි. අවස්ථාව මග හැරෙන තෙක් වාද විවාදවල පැටලී අතීරණයක පසුවුවහොත් එහි ප‍්‍රතිඵල අවාසිදායකය.

අනුගමනය කරන විදේශ ප‍්‍රතිපත්තිය ඉදිරියේ ආසන්නයේ සිටින පාර්ශවය වැදගත්ය. සිංගප්පූරුව සලකා බලා ඇති පරිදි ආරක්ෂාව වැදගත්වන අතර ආරක්ෂාව ස`දහා ශක්තිමත් ආර්ථිකයක් ස`දහා තීන්දු ගත්තේය. ඉන්දියාව මෙම සාගර කලාපයේ ආරක්ෂාව ගැන තියුණු අවධානයක පසුවේ. ආරක්ෂාව ඉදිරියන් තබා ආර්ථික දියුණුව ස`දහා තීරණ ගැනීම ශ‍්‍රී ලංකාවට හැකිවිය යුතුවේ. ආරක්ෂාව ගැන ඉන්දියාවේ සැලකිල්ල කෙරෙහි ගරුකරන අතර ඉන්දියන් සාගර කලාපයට ප‍්‍රවේශ වෙන්නට වෑයම් කරන අනෙක් පාර්ශව ඉදිරියේ ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව යන රටවල් දෙකට පොදු පරමාර්ථ සලකා තීරණ ගත යුතුය. මෑත කාලීන සිද්ධි සලකන පසු ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය ඉදිරියේ ගැඹුරින් අවධානය යොමු කළ යුතු කරුණකි.

විදේශ ප‍්‍රතිපත්ති කෙරෙහි තීරණ ගැනීම දේශපාලන නායකයන්ගේ, දේශපාලන පක්ෂවලට පමණක් පැවැරී තිබුණ යුගය අවසන්ය. ශ‍්‍රී ලාංකික පුරවැසියන් සමාජ ගෝලීයකරණයේ කොටස්කරුවන්ය. සැලකිය යුතු පිරිසක් ලෝකයේ අනෙක් රටවල විවිධ වෘත්තීන් හි නිරතය. කොටසක් රටට හිතවත් අතර තවත් කොටසක් අභියෝගයක් වී ඇත. මානව හිමිකම් ප‍්‍රශ්න සම්බන්ධ අභ්‍යන්තරය මෙම අභියෝගයෙහි පරිමාව දක්වයි. එහි දී බටහිර රටවලවෙසෙන ඩයස්පෝරාව් හැසිරීම අනුව ක‍්‍රියා කරන බව පෙනේ. මානව හිමිකම් ප‍්‍රශ්නවලට උත්තර සෙවීමේ දී පැරණි ආකෘතිය නොගැලපෙන අතර ජාත්‍යන්තරයේ වෙසෙන ලාංකේය ප‍්‍රජාව කි‍්‍රියාත්මක වන ආකාරය ද අවබෝධ කරගත යුතුවේ. පරිවර්තනයක් අරමුණු කරගෙන නවතම භාවිතාවක් අනුව විදේශ ප‍්‍රතිපත්ති සකස්විය යුතු අතර එහි දී ආයෝජන, ප‍්‍රාග්ධන ලැබීම්, වෙළ`ද පොල හා නවීන තාක්ෂණය එකතුකරගැනීම යන අංශ ද අමතක කළ යුතු නැත.

පුද්ගලය හැසිරීම සහ සිතන පතන ආකාරය ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තියෙහි සැලකිය යුතු නියෝජනයක් තිබිය යුතුවේ. ජාත්‍යන්තර ප‍්‍රවණතා සලකා තීරණ ගැනීම හා එයට සූදානම්වන චින්තනයක් ගොඩනැගීමට බාලවියේ සිට සැලැස්මක් අවශ්‍යය. බෞද්ධ රටවල් සමග වෙනම විදේශ සම්බන්ධතා ඇති කරගත හැක. ජාත්‍යන්තර ප‍්‍රජාව සමග කටයුතු කරන ආකාරය පවුල් ඒකකයේ සහ පාසලේ දී හැදෑරිය යුතුවේ. දේශසීමා ඉක්මවන තරමට ප‍්‍රබල සමාජ සම්බන්ධතා ඇති කරන සමාජ මාධ්‍ය හා සන්නිවේදන යුගයක ප‍්‍රවණතා හේතුකොටගෙන මෙම අලූත් හවුල්කාරීත්ව විදේශ සම්බන්ධතා ගොඩනැගෙන කාර්ය රාමුව සංකීර්ණ ක‍්‍රියාවලියක් බව අවධාරණය කිරීම අවශ්‍යය.

මිලින්ද මොරගොඩ