» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/08/2025 - ඉරිදා ලංකාදීප
රට ඉහළට ඔසවා තබන දේශපාලනයේ වෘත්තීයභාවය

දේශපාලනය ද වෘත්තියකි. වෘත්තීය දේශපාලනඥයන් ගේ දැනුම, අවබෝධය බැහැර කළ නොහැක. ලෝකයේ සෑම රටකට පාහේ දේශපාලන උපාය සහ ප‍්‍රායෝගික භාවිතාව සම්බන්ධව සැලකිය යුතු පිලිගැනීමක් තිබේ. මහජන විශ්වාසය ආරක්ෂා කරගනිමින් ක‍්‍රියාත්මක වන ආවේනික බවක් දේශපාලනඥයන්ට ඇත. සමාජය විවිධ ජන කොටස්වලින් සමන්විතය. මෙම විවිධත්වය තුළ කටයුතු කිරීම දේශපාලනඥයන්ගේ දක්ෂතාවය වියයුතුය.

ශ‍්‍රී ලංකාව සෑහෙන වාර වෙනස් දේශපාලන ක‍්‍රම ගණනක් අත්හදා බලන ලද සමාජයකි. වම, දකුණ සහ මිශ‍්‍ර ක‍්‍රම අනුව කටයුතු කර ඇත. ඒවායේ ධනාත්මක හා දුර්වල පැති ගැන අවබෝධයක් තිබේ. පසුගිය දශක ගණන තුළ මහජනතාව ගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් සාක්ෂාත් කරන ආණ්ඩුකරණයක් තිබුණේ නැත. ත‍්‍රස්තවාදය, කැරළි කෝලාහල, ස්වභාවික විපත් ඇතුළු කරුණු ආර්ථික වර්ධනය සීමා කළ අතර ජනතාවගේ පීඩනය මගහැර සංවර්ධනය වේගවත් කිරීමට ආණ්ඩුවලට හැකියාවක් තිබුණේ නැත. ක‍්‍රමය කෙරෙහි කලකිරිමකට පත් ජනතාව දේශපාලනඥයන් ප‍්‍රතික්ෂේප කළේය. වියතුන්ට රාජ්‍ය පාලනය පැවැරිය යුතු බවට මතයක් තිබුණි. දේශපාලනය ස`දහා වියතුන් තෝරාගෙන ¥ෂිත දේශපාලනඡුයන් බැහැර කරන පාලනයක් ඇතැම් පිරිස් අපේක්ෂා කළේය. නමුත්් වියත් නියෝජනය තුළ තිබිය හැකි දුර්වලතා ගැන තක්සේරුවක් තිබුණේ නැත. වියත් පිරිස ගැන ද විශ්වාසය පලූදු වී ඇත.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුකරණය පහසු නැත. දේශපාලන ව්‍යාපාරවල දී දෙන පොරොන්දු කෙරෙහි ඡුන්ද දායකයෝ මහත් බලාපොරොත්තු තබති. පොරොන්දු විශ්වාස කර බලයට පත් කරන නමුත් පොරොන්දු ඉශ්ඨ කිරීම ප‍්‍රමාදවන පසු විවේචනයට ලක් වේ. වර්ධනය හා සමානව පිරිහීම ද ඉක්මන්ය. මැතිවරණ ප‍්‍රකාශනවල ඇතුලත් කරන ඇතැම් පොරොන්දු ඉටු කළ නොහැක. ඒවාට ධනය ලබාගැනීම ස`දහා අලූත් ආයෝජන අවශ්‍යය. ආයෝජනවලින් තොරව ධනය උත්පාදනය හෝ රුකියා අවස්ථා ඇති නොවේ. සම්ප‍්‍රදායික අදහස් සහිත දේශපාලන නායකයන්ට ඡුන්ද පදනම ගැන බියක් තිබේ. ඊළ`ග මැතිවරණය ගැන අවධානය යොමු කරන ඔවුහු නිර්භීත තීරණ ගන්නේ නැත. අලූත් ව්‍යුහයක් ගොඩනගන ආර්ථික හා සමාජ ප‍්‍රතිසංස්කරණ කරන්නට මැලිවේ. පැරණි රාමුව තුළ යම් යම් වෙනස්කම් කරන අතර ඒවා තර`ගකාරීත්වය හමුවේ රට ඉහළට ඔසවා තබන්නට තරම් ප‍්‍රමාණවත් නැත. ගතානුගතික පැවැත්ම තුළ ආයෝජන ලබාගැනීම දුෂ්කර වන අතර රජයේ ආදායම ද පහතවැටී රුකී රක්ෂා බිහි කිරීම ද අඩු තැනකට පත්වේ. පසුගිය ආණ්ඩු මුහුණ දුන් මෙම රාමුවෙන් ගැලවෙන තෙක් රටට අස්වැසිල්ලක් නැත.

බුද්ධිමත්, දක්ෂ සහ අත්දැකීම් සහිත කණ්ඩායමක් දේශපාලනයට ඇතුළු විය යුතුය. මෙහි දී ජන සමාජය සමග සමීපව කටයුතු කළ හැකි විශ්වාසවන්ත නායකත්ව හ`දුනාගැනීම අවශ්‍ය කෙරේ. අලූත් මුහුණු සෙවීම හා සමාන්තරව පුලූල් තීරණ ගත හැකි ප‍්‍රායෝගික පිරිසක් විය යුතුය. එම පිරිස ආණ්ඩුවට පමණක් නොව විපක්ෂය ද නියෝජනය කිරීම අවශ්‍යය.

ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කළ පසු අපේ්ක්ෂකයන් සොයති. සංවිධායක තනතුරු ස`දහා අයැදුම්පත් කැ`දවයි. ඡුන්දයට කලින් සූදානම අවශ්‍යය. දේශපාලන පක්ෂ සමාජයේ කොටසක් විය යුතු අතර ඒවායේ තනතුරු උසුලන ප‍්‍රධාන පිරිස පහල ඒකකයේ සිට ඉහළ බල මණ්ඩල දක්වා ද පසුව ජාතික නියෝජනය ස`දහා ද පක්ෂ සාමාජිකත්වයේ කැමැත්තෙන් තෝරා ගත යුතුවේ. එහි දී නියෝජනය ගැන අභිමානයක් පුරවැසියන්ට ඇති කළ හැකිය. මැතිවරණය ප‍්‍රකාශ කළ පසු ධනය හෝ බලය ඇති පුද්ගලයෙකු තෝරා නාම යෝජනා දෙන ක‍්‍රමය නිසා දේශපාලනය පිරිහී තිබේ. අනෙක් අතට දේශපාලනඥයන් වෘත්තීය මට්ටමකට පුහුණු කළ යුතුය.

සිංගප්පූරුවේ ප‍්‍රයත්නය එයට හො`ද උදාහරණයකි. 1972 දී නාවික හමුදාවට බැ`දුණ ලිම් බෝන් හෙන්ග් 1992 වසරේ දී රියර් අද්මිරාල්වරයෙකු සේ විශ‍්‍රාම ගියේය. ඔහුගේ දක්ෂතා සලකා බලන ලද පීපල්ස් ඇක්ෂන් පක්ෂය ඔහු මැතිවරණයට ඉදිරිපත් කළේය. ජයග‍්‍රහණය කරන ලද හෙතෙම ඇමැති තනතුරු ගණනාවක් උසුලන ලද අතර වසර විසි හතකට පසු උප අගමැති තනතුරට පත්විය. අනතුරුව දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නා බව උප අගමැතිවරයා කියා සිටිය්ය. ඉනික්බිතිව සිංගප්පූරුවේ බහු ජාතික ආයෝජන ආකෘතිය වන තමසෙක් හි සභාපතිවරයා වශයෙන් පත් කළේය. ඇමරිකානු ඩොලර් බිලියන 288 ක වත්කම් සහිත ලෝකයේ රටවල් දහයක කාර්යාල ඇති එය එරට සියළු රාජ්‍ය ආයතන පරිපාලනය කරන ඒකකය වේ. විශ‍්‍රාම ගිය දේශපාලනඥයන් තනතුරුවලට පත්කිරීම ගැන අපට තිබෙන අදහස් සලකා බලන පසු රියර් අද්මිරාල් ලිම් ප‍්‍රයෝජනයක් නැති පුද්ගලයෙකි. ආරක්ෂක අංශයේ දී රට වෙනුවෙන් කළ කැපවීම, ඔහුගේ විනය දේශපාලනයට උපයෝගී කරගත් අතර පසුව සිංගප්පූරුවේ වටිනා ආයතනයක ඉහළම තනතුරට පත් කළේය. සිංගප්පුරුවේ හිටපු අගමැතිවරයෙකු වන ලී සියම් ලූන්ග් ජී.අයි.සී. සමාගමේ සභාපතිවරයාය. සිංගප්පූරුව විනිමය සම්පත් හැසිරවීම ස`දහා ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කොට ඇති එම සමාගම ඇමරිකානු ඩොලර් බිලියන අටසියයන පමණ වත්කම් සහිතය. දේශපාලනඥයෙකු ලෙස විශ‍්‍රාම යා යුතු ලී සියම් ලූන්ග් ගේ පරිනතභාවය නැවත උපයෝගී කරගැනීම ස`දහා ඉහළම වගකීමක් පවරා තිබේ.

ඉන්දියාව, ජපානය, ඇමරිකාව ඇතුළු රටවල් පවා ජේ්‍යශ්ඨ දේශපාලනඥයන් රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතුවල වගකීම් පවරනු ලබයි. ඉන්දියාවේ හිටපු නායකයන් අභියෝග සහිත වකවානුවල දී රටට හිතකර තීන්දුගැනීම ස`දහා නැවත තනතුරුවලට කැ`දවා තිබේ. ජපානයේ දේශපාලනයෙන් විශ‍්‍රාමික ඇතැම් දේශපාලනඥයන් ජාත්‍යන්තර තනතුරුවලට පත් කර ඇත. විශ‍්‍රාම ගිය ඇමරිකා ජනාධිපතිවු ජාත්‍යන්තර හදිසි අවශ්‍යතා ස`දහා කැ`දවා තිබේ. බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් බුෂ් හිටපු ජනාධිපතිවරු සුනාමි ව්‍යසනයට පසු විපතට පත් රටවලට ආධාර කරණ කණ්ඩායම්වල ප‍්‍රධානීන් බවට පත්කිරීම තවත් උදාහරණයකි. විශ‍්‍රාම ගිය ජනාධිපතිවරු සිය අරමුණු ඉලක්ක කරගත් ස්වේච්ඡුා වැඩසටහන්වල නිරතය. දරුවන්ගේ පෝෂණය, කාලගුණ විපර්යාස, පොසිල ඉන්ධන භාවිතයඅඩු කිරීම හෝ තරුණ දේශපාලනඥයන් පුහුණු කිරීම වැනි වැඩසටහන් ඒ අතර තිබේ. අපේ සමාජයට අනුව විශ‍්‍රාමික ජනාධිපතිවරු ඇතුළු දේශපාලනඥයන් රටට බරකි. පහසුකම් හා ප‍්‍රතිලාභ කපාහැරිය යුතුය යන තීන්දුව ගැන පුරවැසියන් වශයෙන් සමාලෝචනය කිරීම සුදුසුය.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනය හා දේශපාලනඥයන් ගැන තිබෙන ආකල්ප ප‍්‍රශ්න කිරීම කාලෝචිතය. මෙරට ඉතිිහාසය අනුව දක්ෂ වෘත්තීය දේශපාලන නියෝජනයක් තිබුණි. මහත්මා දේශපාලනයක නිරත වූ ඔවුහු පුද්ගලිකත්වය පැත්තකින් තබා රට වෙනුවෙන් සේවය කර තිබේ. මහජන සුබසෙත වෙනුවෙන් ධනය වියදම් කොට ඇත. සරල, ආදර්ශවත් ජීවිත ගතකර තිබේ. පසුගිය දශකය හෝ දෙක ඇතුලත විශාල පරිවර්තනයක් සිදු වූ අතර එය දේශපාලනයේ පමණක් නොව සමස්ථ සමාජයේම කඩාවැටීමකි. දේශපාලනඥයන්ගේ බලය, බලය ලබාගැනීම ස`දහා ගොඩනගන මිත්‍යා ප‍්‍රවාද, ඒවා බි`ද වැටීමෙන් පසු සමාජය තුළ පැන නැගෙන වෛරය ඇතුළු සියළු පැති මෙම පිරිහීමට හේතු කිහිිපයකි.

දේශපාලනඥයන් ප‍්‍රතික්ෂේප කිරීම හෝ ජනතා නියෝජනය බැහැර කිරීමෙන් පසු ඇතිවන සමාජ ක‍්‍රමය භයානක අවසානයක් ඇති කරන අවදානමක් තිබේ. අපිරිසිදු පැති අතරින් පිරිසිදුභාවය තෝරාගත යුතුය. අන්ධකාරයෙන් අන්ධකාරයට ඇතුළු විය යුතු නැත. දරුවා නැහැවීමෙන් පසු අපිරිසිදු ජලය සහිත කොරහ දරුවා ද සමග විසි කරන සමාජයක් නොවන්නේ කෙසේ ද යන්න ජනප‍්‍රවාදයෙන් ලබාගත හැකි ආදර්ශයකි.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් දක්වන්නේ නම් කෘතවේදී වෙමි.

මිලින්ද මොරගොඩ